දසුන්ගේ බඩු බෙදා ගන්න බැරිව මවත් බිරිදත් රණ්ඩු

දසුන් මියගොස් හත් දවස ගත වුවා පමණි. දසුන්ගේ මවත් බිරිදත් ඔහුගේ දේවල් බෙදා ගැනීමට නොහැකිව රණ්ඩු වන බව ශලනි තාරකා විසින් ඊයේ (03) තමන්ගේ Facebook පිටුවේ මෙසේ කවි පෙලකින් පල කර සිටියා . . .

නොදැන හෝ කල වරදකට අද
&$#@ යැයි උන් මට කියනවා..
එහෙම බැන බැන අන් කතාවට
උන් ස්වර්ගය පතනවා

ඇත්ත හොදටම දන් එවුන් අද
අනේ නිහඩව ඉන්නවා
කිසි කතාවක් නොඅසාම ලොව
නුඹ විනිශඡය කරනවා

දෙනා දාහක් ගැටෙන නගරෙන්
මිදි ඈතට දුවනවා
ලොවට උත්තර බැහැ බදින්නට
අනේ පව් නුඹ සිතෙනවා

හත් දොහක් යන්නත් කලින් දැන්
මව් බිරිනදෑ වැනෙනවා
අඩුම කුඩුමත් බෙදා ගන්නට
උනුන් කෙහෙවලු කඩනවා

නුඹ පරිස්සම් කරල දුන් මහ
ආදරේ මට වටිනවා
නුඹ දමා ගිය අමු සොහෙන ලග
තනිව මං අද අඩනවා
-ශලනි-

දසුන්ගේ අඩිපාරේ ගමන් කරමින් තවත් තරුණියක් කර ගත් ආරාදය මෙන්න.

තරුණ හදවත්වල ආදරය දිනාගත්තු ජනප්‍රිය නළුවෙක් වුණු දසුන් නිශාන්ගේ වෙන්ව යාම ගැන තාමත් හැමතැනම වගේ කතාවෙනවා. ඒ අකාලයේ වටිනා ජීවිතයක් නැතිකර ගැනීම නිසා. ආදරේ නිසා හැඟීමට වහල්වෙලා ගන්න මේ තීරණ කිසිම වෙලාවක සාධාරණීකරණය කරන්න බැහැ. අවුරුදු ගාණක් දුක් මහන්සිවෙලා දරුවෙක්ව අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් උස්මහත් කරන්නේ දහසකුත් බලාපොරොත්තු හිත දරාගෙන. දසුන්ගේ මරණයේ උණුසුම යන්නත් කළින්ම තවත් තරුණියක් ජීවිතය නැතිකර ගත්තු අවාසනාවන්ත සිද්ධියක් ගැන අපිට අහන්න ලැබුණා. ඇය නිශාදි කැකුලවල.

මාලඹේ පදිංචි නිශාදි පුද්ගලික ආයතනයක සේවය කර පසුව ඡායාරූපකරණය පිළිබඳව අධ්‍යාපනය හදාරමින් සිට තිබෙනවා. නිශාදි ගෙලවැලලාගෙන සියදිවි හානිකර ගැනීමට පෙර සිය මුහුණුපොතේ ඡායාරූපයක් සමඟ සියල්ල අවසන්ව යන තැනකි යනුවෙන් සටහනක් තබා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සියදිවි නසාගැනීමට හේතුව කුමක්ද යන්න තවමත් අනාවරණය වී නොමැති අතර ඇයගේ මිතුරියක් අප සමඟ පැවසුවේ ආදර සම්බන්ධයක්ද ඇයට තිබුණු බවයි. ඇය මියයනවිට 31 හැවිරිදි වියේ පසුවුණා.

නිශාදිගේ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිත බවයි අපට වාර්තා වුණේ. මොන ප්‍රශ්න ජීවිතේට ආවත් ඒවට ඉක්මන් විසඳුමක් විදිහට තමන්ගේ වටිනා ජීවිතේ නැතිකරගන්න එක කිසිම වෙලාවක අනුමත කරන්න බැහැ. අද මේ ජීවිත නැතිකරන්න එක රැල්ලක් වෙලා. හුඟක් අයට මේ විසඳුම සාමාන්‍යයි. ඉතිං රටට වටින තරුණ ජීවිත මේ විදිහට නැතිවෙලා යන එකට හේතුව මොකක්ද..? කොහොම වුණත් අපිට කියන්න තියෙන්නේ තමන්ට ලැබුණු වටිනා ජීවිතේ පරස්සම් කරගෙන ප්‍රශ්නවලට මුහුණදීලා ඉදිරියට යන්න හැඟීමෙන් තීරණ නොගෙන බුද්ධියෙන් තීරණ ගන්න කියලයි.

පැය කීපයකට පෙර ඇය තමන්ගේ තීරණ බුකිය මත තැබුවේ මෙසේ . . .

නිශාදිගේ වෙන්ව යාම ගැන මිතුරන් මුහුණුපොතේ දැමූ සටහන් පහතින්…

 

දරුවා පාසලට අම්මා හෝටලයට මෙන්න ගෑනු වටේයන අලුත්ම ක්‍රමය

දරුවා පාසලට අම්මා හෝටලයට මෙන්න ගෑනු වටේයන අලුත්ම ක්‍රමය

පසුගිය දිනක ජා ඇල ප්‍රදේශයේ මගේ හිත‍වතෙක් ඇසීය. ඔහු සත්ව ගොවිපළක් පවත්වාගෙන යන්නෙකි.

“මේවා රටට එළිකරන්නම ඕන දේවල්. නැත්නම් අපේ සමාජෙ ඉවරෙටම ඉවරයි.”

හෙතෙම කීය.

“මම තව පැය භාගෙකින් එන්නම් ඔයාව එක්ක යන්න; ලෑස්ති වෙලා ඉන්න.”

ඔහු ඒ සමඟම කීයේ මගේ සිත තුළ පැවැති කුතුහලය දෙගුණ තෙගුණ කරමිනි. පොරොන්දු වූ පරිදිම මගේ එම හිතවතා පෙරවරු 11.00 ට මා සොයා ආවේය. ඉන්පසු ඔහු දිගු කළ හෙල්මටයද පැලද මම ඔහුද සමඟ ඔහුගේ මෝටර්සයිකලයෙන් එම ගමනට මුල පිරුවෙමි.

එය ජා ඇල ට මඳක් නොදුරින් කොළඹ – මීගමු පාර හා සම්බන්ධවන අතුරු මාර්ගයකි. මාද කැටුව එම අතුරු මාර්ගය ඔස්සේ මෝටර්සයිකලයෙන් තරමක් දුර ගිය හෙතෙම එක්තරා ස්ථානයක එය නතර කළේය. ඒ අද්දර මාර්ගයෙන් තරමක් ඔබ්බට වන්නට පිහිටි ‍’ගෙස්ට් හවුසියක්’ තිබිණ.

“ඔන්න බලන්න 11.30 වෙන කොට මොකද වෙන්නේ කියලා.”

ඔහු කීයේ මට කිසිවක් තේරුම් ගත නොහැකි දෙයකි.

මුත් ඔහු කී ලෙසම පෙරවරු 11.30 ට විශේෂ දෙයක් සිදුවූයේ නැත. එහෙත් ඉන් විනාඩි දහයකට පසු එනම් 11.40 ට එම ගෙස්ට් හවුසිය දෙසින් ආ කාන්තාවන් පදවන ස්කූටරයක් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය විය.

“වැඩේ හරි”

ඒ සමඟම කී මගේ හිතවතා එම මෝටර්සයිකලයට මඳ දුරක් ඈතින් මාද නංවාගත් තම මෝටර් සයිකලය ධාවනය කළේය. එම කුඩා ස්කූටරයේ දෙදෙනෙකු ගමන් කළ අතර එය පදවන ලද්දේ පිරිමියෙකු විසිනි. එහි පිටුපස කාන්තාවක් වාඩි වී සිටියාය. ඇය අත්දිග බ්ලව්සයක් සහ කළු දිග කලිසමක් ඇද සිටිණු පෙණින. මුත් පැළදි හෙල්මට් නිසා ඔවුන් දෙදෙනා හඳුනා ගැනීමට මට නොහැකි විය.

එසේ ගමන් කළ ඔවුන් දෙදෙනා රැගත් මෝටර් සයිකලය කොළඹ – මීගමුව ප්‍රධාන පාරට මීටර් 20 ක් පමණ මෙපිටින් නතර කෙරිණ. ඉන්පසුව සයිකලයෙන් බැස ගත් පිරිමියා තම හිස රැඳි හෙල්මට්ටුව ගලවා එම කාන්තාව අතට දී අඩියට දෙකට එතනින් නික්මුණි.

ඉන්පසුව ඔහු කොළඹ – මීගමුව ප්‍රධාන පාරේ ගමන් කරමින් තිබූ මීගමුව දෙසට යන බසයක එල්ලෙනු මම යාන්තමින් දුටුවෙමි. ඉන්පසු එම පිරිමියා දුන් හෙල්මටය තම මෝටර් සයිකලයේ අසුනට යටින් ඇති බක්කියේ බහා ලූ එම කාන්තාව එය පණගන්වා ගමන් ආරම්භ කලාය. ඇගේ ගමන අවසන් වූයේ විද්‍යාලයක් ඉදිරිපිටින් බව ඇයට රහසින් ඇගේ පසුපසින් ගිය අපට මනාව දැකිය හැකි විය.

ඒ වන විට එම පාසලේ ගේට්ටුව අසල එවැනි ස්කූටර් රථ, ත්‍රිරෝද රථ, මෝටර් රථ, සැලකිය යුතු සංඛ්‍යාවක් නතරකොට තිබූ අතර එහි සිටි ඇගේ සමවයසේ කාන්තාවන් විසින් ඇය ආදරයෙන් පිළිගන්නා අයුරුද අපට දක්නට ලැබිණ.

“මෙයා සතියකට සැරයක් ඔය වැඩේ කරනවා.”

“නමුත් මෙයාගෙ මේ හැසිරීම් අනික් අයට තේරෙන බව මෙයාට වැ‍ටහෙන්නේ නැහැ. ලියාපදිංචි අංකයක් තියෙන වාහනයකින් රහස් වැඩක් කරනකොට එයාව පහසුවෙන් හඳුනාගන්න පුළුවන් කියන කාරණය මෙයා දන්නේ නැහැ.”

මගේ හිතවතා කීය.

“මෙයා ඔය ගෙස්ට් හවුස් එකේ ඉන්න බව ඔයා කොහොමද දැනගත්තේ?”

මම විස්මයෙන් යුතුව ඔහුගෙන් ඇසීමි.

“මම නිතරම මේ පාරේ එහෙ මෙහෙ යන කෙනෙක්. අද උදෙත් ඔය ජෝඩුව ඔය ගෙස්ට් හවුස් එකට යනවා මම දැක්කා. මීට කලිනුත් ඔය දෙන්නා ඔය විදිහට යන හැටි මට හොඳට දැකලා පුරුදුයි.

ඔය දෙන්නා හැමදාමත් උදේ වරුවේ ඔය ගෙස්ට් හවුස් එකේ ඉදලා දවල් 11.30 ට ඔය විදිහට ඔතනින් එළියට එනවා. මොකද එයාගේ බබාව දවල් 12.00 ට ඉස්කෝලෙන් ගන්න ඕන නිසා. මේක මං වගේ කෙනෙක් දැක්ක හින්දා හොඳයි. මේ වගේ දේවල් වලින් අයුතු ප්‍රයෝජන ගන්න කෙනෙක් මේක දැක්කනං මෙයාව ‘බ්ලැක්මේල්’ කරන්න පුළුවන් නේද?”

මගේ හිතවතා ඇසීය.

ඔහුගේ කතාව පූර්ණ සත්‍යයකි. “දරුවා පාසලේ අම්මා හෝටලේ” යනුවෙන් මීට දශක කිහිපයකට පෙර ඇරඹි සමාජ කතිකාවේ නවතම පරිච්ඡේදයක් ඇරඹීමට මට හැකි වනුයේ මෙම සිදුවීමත් සමඟිනි. ඒ අනුව මම දරුවන් පාසල් ගෙනෙන ඇතැම් තරුණ මවුවරුන්ගේ මෙම අවිචාරමත් ක්‍රියා කලාපය සහ එමගින් සිදුවන පවුල් සහ සමාජමය හානිය පිළිබඳ නවතම ගවේෂණයකට මුලපිරුවෙමි.

තවත් තොරතුරු බලාපොරොත්තුවන්න

ප්‍රසංග පෙරේරා – ජා ඇල

දෙරණේ චතුර අල්විස්ගේ ආදරණිය පියා මෙලොවෙන් සමු ගනී.

ලංකාවේ විශිෂ්ට නිවේදකයෙක් වන චතුර අල්විස් මහතාගේ ආදරණිය පියා මෙලොවෙන් සමුගෙන තිබෙනවා.එතුමා නමින් ජයන්ත හෙමමාල් අල්විස් මහතා.දැන් සමුගත් එතුමාට අපිත් නිවන්සුව පාර්ථනා කරමු.

මැරුණට පස්සේ මොකද වුණේ..? දැන් ඉන්නේ කොහෙද..? ළඟම හිටපු යාළුවෝ මෙනවද කළේ..? – මෙන්න කවුරුත් නොහිතපු ඇත්ත කතාව

අපිට ලැබුණු වටිනා ජීවිතය රැකගන්නයි අපි උත්සහ කරන්න ඕනේ. අම්මා කෙනෙක් තාත්තා කෙනෙකු අපමණ දුක් විඳලා දරුවෙක් උස්මහත් කරන්නේ දවසක මේ වගේ දෙයක් දකින්නනම් නෙවෙයි. මේ විදිහට අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල මුහුණුපොත පුරාම වේදනාවෙන් කෑගසන හඬාවැලපෙන දසුන් නිශාන්ගේ සිද්ධිය නිසයි. මේ ජීවිතේට ලොකු වටිනාකමක් එකතුකරගන්න පුළුවන් ලිපියක්. ඒ නිසාම වෙබ් ගොසිප් පාඨකයින් වෙනුවෙන් අපි මේ විදිහට එම සටහන තබන්න හිතුවා.

පහුගිය කාලෙ සෑහෙන්න මැරුණනෙ. එල්ලිලා මැරුණා, කෝච්චියට බෙල්ල තියල මැරුණා, කැම්පස් එකේ තරුණියක් මැරුණා.
දැන් රංගන ශිල්පියෙක් මැරිලා ඉන්නවා.
ඉතින් කට්ටිය ලොකුවට බරටම දුක් වෙනව. වැලපෙනව අඬනව. කවි හදනව, කොඩි දානව, Photos දානව. පෝස්ට් දානව.. එකම සිද්ධිය.

මේ මනුස්සය මැරෙන්න හිතල තියෙන්නෙ තරුණියක් නිසා. ඇත්ත කතාව ඒකනෙ.
ගැහැණියක් කසාද බැඳල ඉද්දි තව කෙනෙක් එක්ක යන්න ඕන වෙලා පස්සෙ ඔහොම සිය දිවි නසා ගත්ත කියල තමයි හැමතැනම කියවෙන්නේ.
පොලිස් මරණ පරීක්ෂණ වාර්තාවෙත් ඒ විදිහට සඳහන් වෙනවා.
හරි ඒක බොරුවක් කියලා හිතමු.
දැන් අපේ කට්ටියගෙ අලුත්ම Trend එක තමයි මරුණ කෙනාට බොක්කෙන්ම කඳුලු සලන එක.
නිවන් සුව අත්වේවා කියල අඬනවා. අපිත් එක්ක හිටපු එල කොල්ලෙක් කියනව. සුපිරි චරිතයක් කියනව..

හැබැයි ඉන්නකන් දසුන් ගැන ජීවිතේට මතක් වුණේ නෑ. දසුන්ගේ ප්‍රශ්ණයක් ගැන හොයන්න එකෙක් හිටියෙත් නෑ.
දසුන්ට පණ දෙනවා කියා ගන්න එකෙක් හරි හිටිය නම් ඔහුට පිටට තට්ටුවක් දාල කියන්න තිබුන “පිස්සුද මචං.. ඔය ගෑණු අපිට වැඩක් නෑ.
අපි එකට කාල බීල හිටපු උන් එක පංති‍යේ එක පුටුවෙ එක ඩෙස් එකේ…. එකට බත් මුල කාපු එකාල අපි.
පිස්සු කෙලින්න එපා මචං.
මෙහෙම හිත හදන්න එක කොල්ලෙක් දසුන්ට හිටිය නම් අද මේ අවාසනාවන්ත ඉරණම දසුන්ට අත්වෙන්නේ නෑ.
ජීවත් වෙලා ඉන්න කාලෙ කවුරුත්ම දසුන්ට බොක්ක දීල නෑ.
හැබැයි මැරුණට පස්සෙ අම්මෝ ඉන්න යාලුවො ටික.
එකට හිටිපු උන්ලු. එකට ක්ලාස් ගියාලු. එකට කැරම් ගැහුවලු. පාරෙ හම්බුනාම කතා කරල යනවලු. සුපිරි චරිතයක්ලු. හැබැයි දසුන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න එකෙක් ඉඳල නෑ.
කියන්න තියෙන්නෙ පව් අහිංසක ජීවිතයක් නැති වුණා. කවුරුත් දසුන්ට හිටියෙ නෑ ඕක කරන්න එපා කියන්න.
ප්‍රශ්ණයක් කියන්න කෙනෙක් ඉඳලත් නෑ. හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනව කොල්ලනේ කෙල්ලනේ.

කිසිම ප්‍රශ්නෙකදි උත්තර හොයන්න එපා ජීවිතේ නැති කරගෙන.
Depression !! මේක ලෙඩක්ලු.. පුදුම ලෙඩක්.. මානසික පිස්සෙක් කියන එක ඊට වඩා හොඳයි කියල තමයි කියන්නෙ.
ඔය එක මානසික පිස්සුවක් වත් එන්නෙ නෑ හරිහමන් ඔය බොක්ක දෙන්න කියාගෙන ඉන්න යාලුවො එකෙක් හරි හිටිය නම්…
හරි අපි හිතමු මැරෙන්නම ඕන කියල. ඇත්තටම මැරෙන්නම අවශ්‍යයි නම් මොනවද කරන්න ඕන? මම කියන්නම් කරන්න ඕන දේවල්..
පළමුව යන්න වකුගඩු රෝගීන් ඉන්න රෝහලකට. ගිහින් තමන්ගෙ රුධිර වර්ගයට ගැලපෙන රෝගියෙකුට ඔයාගෙ වකුගඩු දෙකෙන් 1ක් දෙන්න.
තමන් නිසා එක මනුස්සයෙක් ජීවත් වෙයි තව අවුරුදු 20ක් වත්.
අසරණ රෝගීන්. ඒ අය ජීවත් වෙන්න මොන තරම් තරගයක් දෙනවද.
දෙවනුව යන්න අක්ශි රෝග රෝහලකට. ඇස් දෙකම පේන්නෙ නැති පොඩි දක්ෂ කොල්ලො කෙල්ලො ඉන්නව.

පව් මේ ලෝකය දකින්න පිණ නැතුව ඉපදිලා.
එක ඇහැක් දෙන්න එවෙලෙම. ලොකු සතුටක් හිතට දැනෙයි.
දැන් තාම ඔයාට එක ඇහැක් තියෙනවනෙ.. ඔහොමම බස් එකකට නැගල යන්න පිළිස්සුනු රෝගීන් ඉන්න රෝහලකට.
ගිහින් ලස්සනට හිටපු ලස්සන කාන්තාවකට හෝ පිරිමියෙකුට පිලිස්සීම නිසා ඇති වෙලා තියෙන මූනෙ ලස්සන ආයෙමත් අරන් දෙන්න පටක දන් දෙන්න ඔයාගේ ඇගේ නොපෙනන තැනකින්.
දැන් ඔහොමම යන්න ලේ බැංකුවට. ලේ පොයින්ට් 2ක් විතර දෙන්න.
රෝගීන් 4 දෙනෙක් ජීවත් වෙනව එක පොයින්ට් එකකින්. දැන් ඔයා කුසල් ගොඩක් කර ගත්ත.
දැන් ගිහින් හොඳට කල්පනා කරලා බලන්න කරගත්තු ගත්තු පිං ටික.
සමහර විට උඹට ලොකු සතුටක් දැනෙයි. මැරෙන්න හිටපු එකාට තව මේ වගේ සතුටු වෙන්න අවස්ථා හම්බෙයි කියල ජීවත් වෙන්න හිතෙන්නත් පුළුවන්.
මහණ වෙන්න හිතෙන්නත් පුළුවන්. දැක්කද පවට පින පල දීල වාසනාව උදා වෙන විදිය.
ඒ නැතත් මැරෙන්නම ඕන නම් මැරිල යන්න අර කරපු පිං ටික හිතේ තියාගෙන.
එතකොට තමන්ට මල පෙරේත ආත්මයක් නැතුව අඩුම ගානෙ ටිකක් හොඳ උප්පත්තියක්වත් ලැබෙයි මේ කරගත්තු පිං බලෙන්..

ඇත්තටම දසුන් සහ මැරුණු අනික් අය මේ වෙද්දි කොහේ ඇත්ද?

දසුන් විතරක් නෙමෙයි අර කලින් ඉඳන් මැරුනු හැමෝම මේ වෙද්දි නිරයෙ දුක් විඳිනව.
එහෙම නැත්නම් පෙරේත ආත්මයක මලපෙරේතයෙක් වෙලා දුක් විඳිනව.
පිරිමියෙක් ගැහැණියකගේ ආශාවෙන් මැරිලා යන්නේ.
කෙලින්ම මරණින් පස්සෙ ඕපපාතිකව ඉපදෙන්නෙ අර ආසාවෙන් මැරිච්ච කෙනා ගාවමයි.
ඒත් කරපු පව්කාර කමට ඒ කෙනාට ලං වෙන්නවත් බැරි වෙන්න පුළුවන්..
සමහර විට මේ මලපෙරේතය ජීවත් වෙන්නෙ අර තරුණියගේ ඇ‍ඟෙන් පිට වෙන දාඩිය උරා බීල.
ඉතින් මේ විදියට අවුරුදු 100 ගාණක් එක එක ගැහැණුගාව ගාව ජීවත් වෙලා අවසානෙ ඒ ඉන්න කාලෙ කර ගත්තු පව් ගොඩට යන්නෙ නිරයට.

නිරයෙ ගිහින් අපායෙ ගිනිදැල් වලින් පීඩා විඳිමින් ජීවත් වෙනව. කොල්ලනේ කෙල්ලනේ.. පේනව නේද මහා පාප කර්ම කර ගත්තම ඒ මිනිස්සුන්ට වෙන දේවල්?
කිසිම විදියකට නිවන් යන්න බෑ. කවුරු මොන බෝඩ් ගැහුවත් නිවන් යන්නෙ නෑ. සමහරු කියයි බණ කියන්න ඕන නම් මහන වෙන්න කියලා.
රිදෙයි ගොඩක් කට්ටියට. හැබැයි මේක තමයි ඇත්ත.

මේ දේ තමයි ඇත්තටම වෙන්නෙ. උඹ දැකල තියේද අහයි. නෑ. හැබැයි මම බුදු බණ විශ්වාස කරනව.
කෙලින්ම බුදුහාමුරුදුවො කියල තියෙනවනෙ සියදිවි හානි කර ගත්තොත් වෙන්නෙ මොකක්ද කියල.
මේක කියවන ඔයා මැරෙන්න හිතන් ඉන්න කෙනෙක් නම්, කිසිම දවසක ඒ දේවල් කරන්න එපා.
කරන්න වැඩ ඕන තරම් තියෙනව සතුටින් ඉන්න නම්..
මේ ලිපිය ලියන්න හිතුවෙ ඔයා මැරෙන්න ඉන්න කෙනෙක් නම් ඒකෙන් මුදව ගන්න.
සමහරු නම් කියන්නෙ මැරෙන එකා මැරෙනවම ලු. නෑ මචං. උඹට වැරදිලා.

මැරෙන්න ඉන්න එකාට පණ දෙන්න යාලුවෙක් හිටිය නම් ජීවිතේට එක පාරක් හරි, ඒ කෙනා තමන්ගේ යාළුවට මැරෙන්න දෙන්නෙ නෑ.
එහෙම මැරෙන්න නොදී හිටපු උඹල උගෙ යාලුවො නෙමෙයි.
ප්‍රශ්ණය අපේ නොවන තෙක් අපි දාර්ශනිකයි තමා. ඉවසන්න. ඉවසල ඉවසල බැරිම තැන ඒත් ඉවසන්න.. වෙන මොකුත් නිසා නෙවෙයි.
අම්මගෙ කිරියි, තාත්තගෙ දාඩියයි ගැන හිතලා.

“භාග්‍යවතුන් වහන්ස, කෙනෙකුගෙ ජීවිතයෙන් බාගයක්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මත නේද?”
“නැත ආනන්දය. ජීවිතයෙන් බාගයක් නෙමෙයි, සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නෙ ඇසුරු කරන මිත්‍රයන් මතයි”

මගේ විහිළුව දරුණුයි කියලා තේරුණේ නෑ..එයා අඬන්න ගත්තා.. අදටත් ඒ නිළිය මාත් එක්ක වැඩි කතාබහක් නෑ.. – දෙනුවන් සේනාධි (PHOTOS)

රූපවාහිනියෙන් දෙනුවන්ව දකින අය නම් හිතනවා ඇති දෙනුවන් නිරතුරුවම සතුටු සාගරයක කිමිදිලා ඉන්න කෙනෙක් කියලා?
ඒ සිතුවිල්‍ලේ වරදකුත් නැහැ. මොකද මම කොහොමත් සතුටින් ඉන්න කෙනෙක්.

ඒ කියන්නේ දෙනුවන්ට දුකක් දැනෙන්නේම නැද්ද?
මමත් දුක්වන අවස්ථා තියෙනවා. ඒත් මම මගේ දුක සතුටකට හරවා ගන්න තමයි නිතරම උත්සාහ කරන්නේ.

දෙනුවන් වැඩිපුරම දුක්වූ අවස්ථා මොනවාද?
අපේ රටේ කලාකරුවන්ට නිසි සැලකිල්ලක් නැහැ. ඇගයීමක් නැහැ. ඒ ගැන හිතනකොට නම් ලොකු දුකක් ඇතිවෙනවා.

නළුවකු විදියට ඔබ සිටින තැන ගැන හිතද්දී දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
ලොකු සතුටක් ඇතිවනවා. මම සිහින කුමාරයෙක් ‍නෙවෙයි. සිහින කුමාරයෙක් වුණාම කාන්තා පාර්ශ්වයේ අසීමිත ආකර්ෂණය ලැබූ නළුවෙක් වෙන්න පුළුවන්. ඒත් මට එහෙම ආකර්ෂණයක් නැහැ. හැබැයි ‍පොඩි
ළමයාගේ ඉඳන් ගෑනු පිරිමි භේදයකින් තොරව හැම වයස් කාණ්ඩයකම රසිකයින් මට ඉන්නවා.

සැබෑ ජීවිතයේදීත් කැමරාව ඉදිරියේදී වගේම විහිළු තහළු කරලා අනිත් අය සතුටු කරලා තමනුත් සතුටුවන කෙනෙක්ද ඔබ ?
අනිවාර්යයෙන්ම ඔව්, ඉස්කෝ‍ලේ යන කා‍ලේ ඉඳලා විහිළු කරන්න නම් මම ගොඩක් ප්‍රසිද්ධයි.

විහිළු හින්දා දුක් වෙලා නැද්ද?
නැහැ

විහිළු දුරදිග ගිහින් ඇස් රතුවන අවස්ථා අපි කොයිකාටත් තියෙනවා. දෙනුවන් විහිළු හින්දා දුක්වෙලා නැද්ද?
මගේ විහිළුවලට. අනිත් අය දුක්වූ අවස්ථා නම් තියෙනවා.

දෙනුවන්ගේ විහිළු හින්දා වැඩියෙන්ම දුක්වෙලා තියෙන්නේ කලා ලෝකයේ අයද පෞද්ගලික ජීවිතයේ හිත මිතුරන්ද?
පෞද්ගලික ජීවිතයේදී අපිට සීමා අඩුයි. පාසල් ජීවිතේදී සීමාවන් හොඳටම අඩුයි. මගේ විහිළු හින්දා අනිත් අය වැඩියෙන්ම දුක්වෙලා තියෙන්නේ පෞද්ගලික ජීවිතයේදී. ඒ අතරිනුත් පාසල් කාලෙදි ඒ වගේ අවස්ථා වැඩියි. හැබැයි කලා ලෝකෙදීත් ඒ වගේ දේවල් වෙලා තියෙනවා.

කලා ලෝකෙදී දෙනුවන්ගේ විහිළුවක් හින්දා වෙනත් කෙනෙකු දුක්වූ අවස්ථා අතුරින් අමතකම නොවන අවස්ථාව මොකක්ද?
විශ්වයි මමයි මෙහෙයවන “ රියැලිටි” තරගයකදී තමයි ඒ දේ වුණේ. ඒ සිදුවීමට සම්බන්ධ නිළියගේ නම නම් කියන්න බැහැ. වැඩසටහන අපි කොහොමත් හාස්‍ය රසය මතුකරවන විදියට තමයි කරන්නේ. ඒ හින්දම මම වැඩසටහන අතරදී අර නිළියට විහිළුවක් කළා. මගේ විහිළුව දරුණුයි කියලා මට තේරුණේ නැහැ. ඒත් අර නිළිය වැඩසටහන මැද අඬන්න පටන් ගත්තා. අදටත් ඒ නිළිය මග තොට හමුවුණත් මාත් එක්ක වැඩි කතාබහක් නැහැ.

පෞද්ගලික ජීවිතේදී සිදුවූ ඒ වගේ අවස්ථා ගැන කතාකළොත්?
පාසල් කාලෙදි තමයි ඒ වගේ අවස්ථා වැඩියෙන්ම සිදුවුණේ. එක දවසක් මගේ විහිළුවක් දුරදිග ගිහින් යාළුවෙක් මාව මරනවා කියලා පන්නගෙන ආවා. දවසක් සර් කෙනෙකුට විහිළුවක් කරලා මාව ස්ටේජ් එක උඩ දණ ගස්සලා තිබුණා.

ආදරේ හින්දා දෙනුවන් වැඩියෙන්ම විඳලා තියෙන්නේ සතුටද…. දුකද?
මගේ ප්‍රථම ප්‍රේමය විවාහය දක්වාම ආවා. ආදරේ හින්දා සතුට මිසක් දුක නම් මම විඳලම නැහැ.

වැඩියෙන්ම සතුට රැඳිලා තියෙන්නේ තනිකඩ ජීවිතය තුළද විවාහ ජීවිතය තුළද?
මගේ ජීවිතේ ගැන හිතද්දී මට නම් කියන්න තියෙන්නේ අතීතයට වඩා වර්තමානය ගොඩක් සතුටුයි. මට හොඳ බිරිඳක් ඉන්නවා. හෙට අනිද්දා මම තාත්තා කෙනෙක්. මට නම් වැඩිපුරම සතුටක් දැනෙන්නේ විවාහ ජීවිතයෙන්.

අපේ රටේ රංගන ශිල්පිනියන් එක රැයෙන් සුදු වුන රහස හෙළි වේ

සුදු වෙන්න කව්ද අකමැති නේද . ඔබ දැකලා ඇති අපේ රටේ රංගන ශිල්පිනියන් කිහිප දෙනෙක් අස්වාභාවික විදිහට සුදු වෙලා තියනවා. ඉතින් ඔයාලට තියන ප්‍රශ්නය තමයි මේ අය කොහොමද මෙහෙම සුදු වුනේ කියන එක. ඉතින් අපේ රටේ රංගන ශිල්පිනියන් එක රැයෙන් සුදු වුන රහස මොකක්ද කියලා තමා ඔයාලට කියන්න යන්නේ. ඔබත් සුදු වෙන්න කැමති කෙනෙක්නම් මේ වීඩියෝ එක බලන්නකෝ සුදු වෙන්නේ කොහොමද කියලා.

නිරෝෂා කරපු සුපිරිම සින්දුවක් මෙන්න..පිස්සු හැදෙනවා මේ ලස්සන සින්දුවට..

ලංකාවේ යන අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තමයි නිරුවත් දර්ශන සහිත මියුසික් වීඩියෝ නිර්මාණය කිරීම.මේ වීඩියෝ වලට කැමති අය සිටියත් ඒ සමානව අකමැති අයත් බොහොමයක් ඉන්නවා.නමුත් හොඳ වීඩියෝවක් කලොත් කැමති සංක්‍යාව ඉතා ඉහලයි.අපි අද කියන්න යන්නේ එවැනි වීඩියෝවක් ගැන.මෙන්න බලන්නකෝ නිරෝෂාගේ සුපිරිම ගීතය. හැමෝටම බලන්න share කරන්න.

 

දසුන්ගේ වියෝවේදී සංවේදී වූ ශලිනි තාරකා හත්දවස දිනයේ සොහොන ළඟ පහන් පත්තු කල හැටි.

ශලිනි ගැන බොහෝ දෙනෙක් මේ වන විට කතා කරනවා.ඒ දසුන්ගේ මරණය නිසා.දසුන්ගේ පෙම්වතිය යැයි කියන ශලිනි හත්දවස සපිරීමත් සමග සොහොන ලඟට ගොස් ඉටි පන්දම් පත්තු කර තිබෙනවා..මේ ඇය මුහුණු පොතේ පල කල සංවේදී සටහනක්.

අදට ඔයා ගිහින් දවස් 7යි..
ඔයාව මෙතන දාලා ගියාට පස්සේ කවුරැත් ඔයාව බලන්න ඇවිල්ලා නෑ..
හැමදාම හිතන්නේ හෙට උදේ නැගිටිද්දි ඔයා call කරයි කියලා
තාම මේක හීනයක් වගේ
හැබැයි අපි ආයේ හමුවෙනවාමයි..
ඉන්න තැනක සතුටින් ඉන්න…

-ඔයාගේ ආදරේ-

මතු භවයේදීවත් අපි එක්වෙමු සිදුවූ සියලු දේ ගැන ශලිනි දසුන් වෙනුවෙන් කල මියුසික් වීඩියෝව මෙන්න

දසුන් නිශාන්ගේ මරණය ශ්‍රී ලංකාව මහත් කම්පනයට ලක් කල සිදුවීමක්. එම සිදුවීම සමඟ බොහෝ දෙනෙකු රංගන ශිල්පිණී ශලිණි තාරකා සම්බන්ධ කරමින් අවලාද නගන ලද අතර සත්‍ය කතාව ඉන් යටපත් විය. ඔහු විවාහකයෙකු බව නොදැන දසුන්ට පෙම් කල ශලිනි එය දැනගත් විගසම ඔහුගේ ඇසුර ප්‍රතික්ෂේප කර තිබේ.

දසුන් විසින් තම්න්ට කල රැවටීම පිළිබඳව හැගීම් සියල්ල කැටි කර ශලිනි තාරකා විසින් රචනා කල ගීතයක වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

දසුන්ගේ හදිසි මරණයට සති කිහිපයකට පෙර ඇය මෙම ගීතය නිර්මාණය කර ඇති අතර එය දසුන්ට ඇසෙන්නට සැලැස්වීම ඇගේ අරමුණ වී ඇත. නමුත් අද මේ ගීතය එළිදැක්වෙන මොහොත වන විට දසුන් සියලු දේ අතහැර නික්ම ගොස් අවසන්ය.