හදිසියේම අසනීප වී රෝහල් ගත කළ සුසිලා කෝට්ටගේට මොකද වුනේ ?

ජීවිතයේ දාහක් ප්‍රශ්න අතර හෙම්බත් වුණ අයව හිනස්සලා සතුටු කරවපු නිළියක් තමයි සුසිලා කෝට්ටගේ කියන්නේ.

පසුගිය දාක සුසිලා ගැන අපට අහන්න ලැබුණේ දුක හිතෙන ආරංචියක්.

ඇය හදිසියේම අසනීප වෙලා රෝහල් ගත කළා කියලා තමයි දැනගන්න ලැබුණේ.

සුසිලාගේ දුක සැප බලන්න යනකොට ඇය වෛද්‍ය ප්‍රතිකාර අරගෙන නිවසට ඇවිත්.

නමුත් ඇය කතාබහට එක්වුණේ පුරුදු විදියටම හිනාවෙන්, විහිළු තහළුවෙන් පිරී ගිය හඩින්මයි.

සුසිල අසනීප වෙලා කියන පුවත අන්තර්ජාලයේ පැතිර යෑමත් එක්ක රසික පිරිස ඒ ගැන හොයන්න උනන්දු වුණා. අපේ යුතුකම තමයි ඇත්ත නැත්ත හරියටම ජනතාවට කියන එක.

අදුනන නාදුනන ගොඩයක් අය මේ ප්‍රවෘත්තිය දැනගෙන මට කෝල් කළා. සමහරු ගෙදරටත් ආවා. ඒ හැමෝගෙම ප්‍රතිචාර දකිද්දී මට හිතුණා මිනිස්සු මට කොයි තරම් ආදරෙයිද කියලා. තවත් කාලයක් ජීවත් වෙන්න ඒ ආදරය මට ශක්තියක් වුණා. මට වෙච්චි දේ කියන්නම්.

පහුගිය 10 වැනිදා ඉදන් මගේ ඇඟට වෙනසක් දැනුණා. ඒත් මම ගණන් ගත්තේ නැහැ. 11වැනිදා මට හෘදයාබාධ තත්ත්වයක් ඇති වුණා. හොද වෙලාවට රහල් (සැමියා) ගෙදර හිටියා. රහලුයි වටාපිටාවේ අයයි එකතුවෙලා ඒ වෙලාවෙම මාව රෝහලට අරගෙන ගියා.

දවස් කීයක් රෝහලේ හිටියාද ?
කොළඹ ජාතික රෝහලේ 61වැනි වාට්ටුවේ දවස් 4ක් හිටියා. ඊට පස්සේ ටිකට් කපාගෙන ගෙදර ආවා.

දැන් සම්පූර්ණයෙන් සුව වෙලාද ඉන්නේ ?
වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව මේ දවස්වල විවේකයෙන් ඉන්නවා. බෙහෙත් එහෙමත් බොනවා.

එතකොට බාරගත් නිර්මාණවලට මොකද වුණේ ? තාවකාලිකව නතර කළාද ?
ටෙලි නාට්‍යයක රූගත කිරීම් හා වේදිකා නාට්‍ය දෙකක පුහුණුවීම් තියෙනවා. මෙගා ස්ටාර් වැඩසටහනටත් මා සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා පසුගිය දවස්වල මම ටිකක් වැඩිපුර වෙහෙසුනා. ඒත් දැන් නම් මට හැමදෙනාම විවේකය ලබාදීලයි තියෙන්නේ. ඒ නිසා ටික දවසකට රගපෑම නතර කළා.

ඇති වූ රෝගී තත්ත්වය නිසා සුසිලා මානසිකවත් වැටෙන්න ඇති නේද ?
ඔව්, ඒත් මම තනි වුණේ නැති හින්දා මට හිත හදාගන්න හයිය ලැබුණා. කොළඹ ජාතික රෝහලේ 61 වාට්ටුවේ නිමාලි ප්‍රනාන්දු වෛද්‍යතුමිය හා සමස්ත කාර්ය මණ්ඩලය පුදුමාකාර සහයක් මට ලබා දුන්නා. කලා ලෝකයේ අයයි, මගේ හිතවතුනුයි මාව බලන්න ආවා. නාදුනන අයත් ආවා.

සමහරු දුරකථනයෙන් කතා කළා. ගෙදරටත් එන අය ඉන්නවා. ඒ ආදරණීය ප්‍රතිචාර හින්දා ලොකු හයියක් හිතට ඇති වුණා.

රසික පිරිස කැමති වේවි ඔබගේ වර්තමාන තත්ත්වය ගැනත් දැන ගන්න ?
දැන් නම් හොදයි. ඒත් තව පරීක්ෂණ වගයක් කරන්න තියෙනවා. ඊට පස්සේ පුරුදු විදියටම කලා කටයුතුවලට දායක වෙනවා රසික පිරිසට කියන්න.

දකුණේ පැතිරී යන උණ රෝගයෙන් 13 ක් මරුට මෙය හැකිතාක් ෂෙයාර් කර නිකරුනේ අහිමි වෙන ජිවිත බේරා ගන්න හැම කෙනෙක්ම පුළුවන් තරම් දැනුවත් කරමු.

මේ දිනවල දකුණේ ශීග්‍රයෙන් පැතිරී යන වසංගත උන රෝගය නිසා ජිවිත 13ක් මේවන විට අහිමිව තිබෙනවා.මේ පුවත හැම කෙනෙක්ම දැනුවත් කරන්න නිරපරාදේ නැතිවෙන මේ ජිවිත බේරා ගන්නට.මෙන්න බලන්නකෝ පහතින් වීඩියෝව.ළමයින් කි දෙනෙක් මේ නිසා අසරණ වෙලාද කියලා.

දකුණේ පැතිර යන උණ රෝගයෙන් 13 ක් මරුට

දකුණේ පැතිර යන උණ රෝගයෙන් 13 ක් මරුට

Posted by Hiru News on Saturday, 19 May 2018

.

කොණ්ඩය ඉක්මණින් වවාගන්න ඕනෙනම් ඔබත් මෙන්න මේ ස්වභාවික සත්කාරය කරලා බලන්න

කොණ්ඩය ඉක්මණින් වවාගන්න ඕනෙනම් ඔබත් මෙන්න මේ ස්වභාවික සත්කාරය කරලා බලන්න
අපි හැමදාම වගේ කාන්තා ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන කියලා දෙනවා …ඉතින් අදත් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ කොණ්ඩය ඉක්මණින් වවා ගන්න කැමති අයට ස්වභාවික සත්කාරයක් ගැන …ඔබත් මෙන්න මේ සත්කාරය කරලා බලන්න….කොණ්ඩය ඉක්මණින් වවාගන්න ඔබටත් පුළුවන්…

ඔබත් නිවස තුළ බුදු සමිදුන්ට සහ දෙවියන්ට පහන් පුජා කරනවාද? එහෙනම් මේ ගැන මොහොතක් හිතන්න වෙනවා

ඔබත් නිවස තුළ බුදු සමිදුන්ට සහ දෙවියන්ට පහන් පුජා කරනවාද? එහෙනම් මේ ගැන මොහොතක් හිතන්න වෙනවා……අපි නොදන්නා නිසා කොතරම් වැරදි දේවල් අපි අතින් සිදුවෙනවද ඉතින් මේ අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ ඔබ අතින් සිදුවෙන තවත් වැරද්දක් ගැන ….ඒතමයි ඔබත් නිවස තුළ බුදු සමිදුන්ට සහ දෙවියන්ට පහන් පුජා කරනවානම් ඔබත් අනිවාරයෙන් දැනගන්න ඕන දේවල් ටිකක් ගැන …..ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….

ලොව විශාලම පියයුරු හිමි කාන්තාවන් සිටින රටවල් මෙන්න..බුදු අම්මෝ සයිස් එක

තමා ඉපදෙන රට අනුව මිනිසාගේ දේහ ලක්ෂණ වෙනස් වන බව ඔබ දැන සිටියාද ?එය පරීක්ෂණ කර සොයාගෙන තිබෙනවා.පිටතින් පමනක් නොව ඇතුලතින්ද යම් යම් අවයව වල වෙනස් වීමට් තමන් ජීවත් වන රටවල් අනුව වෙනස් විය හැකිය.අන්න ඒ වගේ තමයි කාන්තාවන්ගේ පියයුරු වල ස්භාවය රටින් රටට වෙනස් වෙනවා අපි අද කියන්න යන්නේ ලෝකේ විශාලම පියයුරු හිමි කාන්තාවන් ඉන්න රටවල් මොනවද කියලා බලන්නකෝ ලංකාවත් ඉන්නවද කියලා

මහත කෙල්ලො බැන්ඳාම කොල්ලන්ට වෙන දේ ඇහුවොත් ආය කෙට්ටු කෙල්ලෝ දිහා කොල්ලො ඇහැක් ඇරලවත් බලන්නේ නැති වෙයි

ඔන්න අපි අදත් කොල්ලොන්ට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන කියලා දෙන්න යන්නේ ඒ තමයි මහත කෙල්ලො බැන්ඳාම කොල්ලන්ට වෙන දේ ගැන…මෙච්චර කලක් හිතන් ඉදියේ කෙට්ටු කෙල්ලෝ හොදයි කියලනේ… කවදාවත් අහපු නැති මේ ටික ඇහුවම ඔබත් පුදුම වේවි …හැබෙයි මේ කතාව අහලා කොල්ලෝ මහත කෙල්ලෝ පස්සේ යයිද දන්නේ නෑ… එහෙනම් මෙන්න ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න….

 

අවුරුදු 17 වයස තමන්ගේ පුංචි නැගණිය පිළිකාවකින් මිය ගිය දුක දරා ගන්න බැරි අයියා මුහුණු පොතේ පල කල සංවේදී සටහන.

තමන්ගේ ආදරණිය නංගිව පිළිකාවක් නිසා මිය ගිය පසු එය දරාගන්නට බැරි වූ අයියාගේ සහෝදරකම මුහුණු පොතේ යහළුවන්ට සංවේදීව කිව්වා හැටි.මෙන්න බලන්නකෝ පපුව පිච්චිලා යනවා.

මෙන්න නරඹන්න එම සංවේදී වීඩියෝව පහතින්..

“මා මල දවසක සීතල මලකද ඔබගේ තුරුලේ උනුසුම් කල මැන,, මෙයා පිලිකා රෝගය නිස නැතිඋනා .. වයස 17යි…චූටි නංගි කිසිම ආත්මයෙක මෙවන් විපතක් සිදු නොවේවාඔයාගෙ හීනෙ උනේ නැටුම් ගුරුවරියක් වෙන එක. ඒත් නංගි ඔයාට ජීවත් වෙන්න තිබුණේ අවුරුදු 17 විතරයි ….ඔයා ,o/l විශිෂ්ඨ විදියට පාස් උනා…, A/l වලට වැඩි දවසක් පාසල් යන්න බැරි උනා…ඒ ඔයාගෙ කකුලෙ අස්ති පිලිකාවක් ආව නිසා…

ඔයාගෙ කකුලත් අයින් කලා.. ඔයා කීවෙ මගෙ කකුල නැති උනාට මන් කොහොමහරි,,ඉගෙන ගන්නව කියල..පොඩිකාලෙ ඉදන් ඔයාට තිබුණේ ගුරුවරියක් වෙන ආසාව විතරයි ….ඔයා අන්තිමට ඉල්ලුවෙ මට මගෙ ගෙදර ගිහින් පවුලෙ හැමෝම බලල මැරෙන්න ඕන කියල ..ඒත් අපිට ඔයා අරන් එන්න බැරි උනා.. ඔයා අපිව දාල ගියා….”

තම පෙම්වතිය දොස්තර කෙනෙක් කරන්න පතල් බැහැල මුදල් හොයපු තරුණයාට අවසානයේ ඇය කල නොහොඹිනා වැඩේ.

තම පෙම්වතිය දොස්තර කෙනෙක් කරන්න පතල් බැහැල මුදල් හොයපු තරුණයාට අවසානයේ ඇය කල නොහොඹිනා වැඩේ. ලෝකය කියන්නේ හරිම පුදුම තැනක් නේ හොද මිනිස්සු මෙන්නම නරක මිනිස්සුද ඉන්නවා ඉතින් අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ පෙම්වතිය වෙනුවෙන් මුලු ජීවිතයම කැපකල තරුණයෙකුට සිදුවූ අවාසනාවන්ත ඉරණමක් ගැන..මේ කතාව ඇහුවොත් ඔබටත් තරහක් ඇතිවේවි.නමුත් මේ තරුණයාට අවසානයේ වූ දේ දැනගන්නකො.

ඔබේ පෙම්වතියටත් විශාල තට්ටම් තියෙනවද එහෙනම් මේක අනිවරෙන්ම බලන්න ඔබත් පුදුමයට පත් වේවි

අද අපි ඔබව දැනුවත් කරන්නේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී සිදුකරනු ලැබූ තරමක් අමුතු අධ්‍යයනයක් පිළිබඳවයි.

අනෙකුත් කාන්තාවන් හා සසඳා බලනවිට විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන් ඉහල බුද්ධිමත් බවකින් යුතු බව හෙළිවී තිබෙනවා.

එපමණක් නොවෙයි ඔවුන් නිධන්ගත රෝගී තත්වයන්ට ගොදුරු වීමට ඇත්තේද ඉතාමත්ම අඩු අවදානම් තත්වයකි.

විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් මට්ටම අවම අගයක පවතින අතර ශරීරයේ ඇති සීනි මට්ටම වඩාත් හොඳින් පාලනය කිරීමට උපකාරී වෙන හිතකර හෝමෝනද වැඩි වශයෙන් පවතිනවා.

එවැනි කාන්තාවන්ට හදවත් රෝග සහ දියවැඩියාව වැනි රෝගී තත්වයන් වැළඳීමට ඇත්තේ අඩු අවදානම් තත්වයකි.

පුළුල් උකුලක් හිමි කාන්තාවන්ට උපදින දරුවන් ඉහල බුද්ධි මට්ටමකින් යුත් නැණවත් දරුවන් වීමට වැඩි නැඹුරුතාවයක් තිබෙනවා.

ඔවුන්ගේ තට්ටම් වල ඔමේගා 3 මේද ගබඩා වී පවතින නිසා තමයි ඉපදෙන දරුවා බුද්ධිමත් දරුවෙක් බවට පත්වෙන්නේ.

ඔමේගා 3 මේද යනු මොලයේ වර්ධනය සඳහා උපකාරී වෙන ඉතාමත්ම වැදගත් පෝෂකයකි.

මෙම අධ්‍යයනයේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබූ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයෙකු වන කොන්ස්තන්තිනොස් මහතා පවසා සිටින පරිදි, තට්ටම් ප‍්‍රදේශයේ වැඩිපුර මේදය ගබඩා වී පවතින කාන්තාවන්ගේ කොලෙස්ටරෝල් සහ සීනි මට්ටම පවතින්නේ අවම අගයකයි.

ලෙප්ටින් යනු ශරීරයේ බර විධිමත් කිරීම සඳහා වගකිවයුතු හෝමෝනයකි. ඩිනොපෙක්ටිනා විසින් සිදු කරන්නේ දියවැඩියාවට සහ උදර දෝෂ වලට එරෙහිව සටන් කිරීමයි.

විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ශරීර වල ඉහතකී හෝමෝන දෙකම වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා.

තට්ටම් වල ඇති මේදස්වී පටක වල මේද අංශු එක්රැස්වී පවතින නිසා හදවත සෞඛ්‍ය සම්පන්නව පවත්වාගන්නටද පුළුවන්.

පිට්ස්බර්ග් සහ කැලිෆෝනියා කියන ලොව සුපතල විශ්ව විද්‍යාල දෙකක් විසින් සිදුකරනු ලැබූ අධ්‍යයනයකට අනුව විශාල තට්ටම් යුගලයක් හිමි කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහල අගයක පවතින බව වැඩිදුරටත් සනාත වී තිබෙනවා.

ආණ්ඩුවත් නොදන්නා කොහෙන් එනවද දන්නෙත් නැති කට්ටිය සුදු කරන වයිට්නිං ක්‍රීම්වල කවුරුත් නොදන්නා තිත්ත ඇත්ත මෙන්න

ගෑවොත් බේරෙන්නට බැරි… ‘රසදිය සුදිය, ආණ්‌ඩුවත් නොදන්නා, ‘සුදු මුහුණේ’ සැඟවූ මරණීය අවදානම වයිට්‌නිං ක්‍රීම්’ ගැන කාගේත් දැනගැනීම පිණිසයි

මේ කියන්නට යන්නේ තවත් එක්‌ පුවතක්‌ නොවේ. මේ ලියෑවෙන්නේ තවත් එක්‌ ගවේශනාත්මක ප්‍රවෘත්තියක්‌ පමණක්‌ නොවේ. මේ කරනුයේ, නුදුරු අනාගතයේදීම ජාතියේ කාන්තාවන්, දරුවන් සහ ඔබද බරපතළ ලෙසින් රෝගී විය හැකි බවට වන රතු නිවේදනයයි. මෙවැනි ව්‍යසනයක්‌ ගැන කියන්නට සිදුවීම පවා එක අතකින් අවාසනාවකි. ජාතියේ අවාසනාවකි. නමුත් ජාතිය මළබෙරය වැයෙන්නට පෙර මෙය ලිවීම මනුෂ්‍යත්වයේ යුතුකම යෑයි සිතමු.

ඔබේ මව, බිරිඳ, හිතවතිය, දියණිය උදෙසා මේ අති භයංකර යථාර්ථය හෙළිකරමු. ඔබේ කුසේ සිටින දරුවා වෙනුවෙන් මේ කටුක ඇත්ත හෙළිකරමු. ඔබේ නූපන් දරුවා වෙනුවෙන් මේ සටහන තබමු. හෙට ඔබ රෝගියකු ලෙසින් නොව ‘කෙළින් කටින්’ ජීවත්විය යුතු නිසාම කාන්තා, පිරිමි බේදයකින් තොරව ඔබ සියලුදෙනාට මෙම ලිපියෙන් ආමන්ත්‍රණය කරමු. රටේ වගකිවයුත්තන් හොරට නිදන නිසාම, හොරට නිදන එකා අවදි කිරීමට බැරි නිසාම, අපි ඔබව අවදි කිරීමට, ඔබේ ඇස්‌ ඇරවීමට මෙය මෙසේ හෙළිකරමු.

අද වන විට රජරටම ගොදුරු කරගෙන සිටින අද්භූත වකුගඩු රෝගයට වඩා මෙය භයානක විය හැකිය. මේ වන විට නිවසක්‌ නිවසක්‌ පසා ත්‍රස්‌තව සිටින ඩෙංගු වසංගතයට වඩා මෙය වසංගතයක්‌ විය හැක. එදා පැවති ත්‍රස්‌තවාදී යුද්ධයට වඩා මේ ප්‍රහාරය දරුණු විය හැක. මේ කියන්නට යන්නේ, සුදු හමක සිහිනය මත ඔබව සතපා සමස්‌ත ජාතියකට විස ශරීරගත කරමින්, කිසිදු නියාමනයකින් තොරව පිටරටින් මෙරටට ඇදී එන ‘වයිට්‌නිං ක්‍රීම්’ ගැනය. අහසින් වැටුණු රූපලාවන්‍ය ආලේපන ගැනය.

මේවායින් බහුතරයක නිෂ්පාදකයා හෝ දේශීය බෙදාහරින්නා හෙවත් එම නිෂ්පාදනය සම්බන්ධයෙන් වගකීම දරන මෙරට නියෝජිතයකු නොමැත. එබැවින් ඒaවා ජාතියක්‌ ජන්මයක්‌ නොමැති ‘අවජාතක’ නිෂ්පාදනයන්ය. මේ අවජාතක නිෂ්පාදනයන්, විචාරශීලිත්වයක්‌ නොමැති, හෙටක්‌ ගැන අවබෝධයක්‌ නොමැති ජාතියක, කාන්තාවන්ගේ සිරුරු මත වෙලී ජාතිය වළපල්ලට රැගෙන යන ආකාරය ලිපියේ මතුවට අපි සවිස්‌තරව දක්‌වන්නෙමු.

එයට ප්‍රථම, රුපලාවන්‍ය නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට ඒමේදී ඒ සම්බන්ධයෙන් පැවැති නියාමනයට කුමක්‌ වූයේ දැයි විමසා බලමු. එදා මේ සම්බන්ධයෙන් නිසි ප්‍රමිතියක්‌ සහ නියාමනයක්‌ තිබූ අතර CDDA හෙවත් රූපලාවන්‍ය සහ ඖෂධ නියාමන අධිකාරිය හරහා මෙය සිදු විය. නමුත් මෙම රජය බලයට පත්වූ පසු 2015 ජුලි මස 01 වැනිදා CDDA අහෝසි කර ඒ වෙනුවට NRMA හෙවත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවන්නේය. එසැණින් රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් වූ වෙළෙඳපොළ ප්‍රමිතිය නොහොත් නියාමනය හැලී ගියේය. (නැතහොත් හලා දැමුවේය)

වෛද්‍යවරයකු යටතේ ඇති සෞඛ්‍ය අමාත්‍යංශය එසේ කරද්දී, පාරිභෝගික අධිකාරිය පිළිබඳ වගකිවයුතු, වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් පනින රිළවුන්ට ඉනිමං බැන්දේය. ඒ සමගින් සිය රටේ භාවිතයට ගන්නා රූපලාවන්‍ය නිෂ්පාදන ගැන නියාමනයක්‌ නැති ලෝකයේ ඇති එකම රට ඔබ මා ජීවත්වන මේ ශ්‍රී ලංකාව බවට පත්විය. (අපේ කලාපයේ ඇති කුඩාම රටක්‌ වන භූටානයට පවා ඒ සම්බන්ධයෙන් නියාමනයක්‌ ඇත)

එතැන් පටන් ඉවක්‌ බවක්‌ නොමැතිව පෙර සඳහන් කළ ‘අවජාතක’ ආලේපන මෙරටට ගලා එන්නට වූ අතර මෙහිලා පෙරමුණ ගෙන සිටිනුයේ කූට ව්‍යාපාරිකයන් පිරිසකි. රූපලාවන්‍ය නිෂ්පාදන සම්බන්ධයෙන් වූ දොරටු මෙසේ ‘හායි’ ගා හැරදැමීම සහ එම ඉඩෙන් ඒ කූට ව්‍යාපාරිකයන් රිංගා ගැනීම අතර ඇති සම්බන්ධය බුද්ධිමත් පාඨකයා විසින් වටහාගනු නියතය.

ප්‍රශ්නය, කවුරු මේ ව්‍යාපාරය කරන්නේද? එලෙස එතෙක්‌ පැවැති නියාමනයන් හිටි අඩියේ අහෝසි කර දැමුවේ මන්ද? යන කරුණ ද නොවේ. ගැටලුව නම් මේ නියාමනයන් ඉවත් කිරීම හරහා මෙරටට එන වගකිවයුත්තෙක්‌ නොමැති එම ආලේපනවල සැඟව ඇති රසදිය අධිමාත්‍රාව හේතුවෙන් පැනනැගිය හැකි බරපතළ සෞඛ්‍ය තර්ජනයයි.

රසදිය යනු ශරීරයට තියුණු ලෙස කාවදින සහ බොහෝ කාලයක්‌ සිරුරේ රැඳී පවතින, බරපතළ ශාරීරික උපද්‍රව ඇතිකරන අධිවිෂකි. එය සෘජුවම මොළයට හානි සිදුකර මානසික ව්‍යාකූලතා ඇතිකර මතක ශක්‌තිය හීන කරන්නකි. මධ්‍ය ස්‌නායු පද්ධතියට හානිකර ශරීරයේ කොටස්‌ අඩපණ කරන්නකි. ඇසට හානිකර පෙනීම දුර්වල කරන්නකි, වකුගඩු සංකූලතා ඇතිකරවන්නකි.

ගැබිණි මවක්‌ ඒවා භාවිත කළහොත් කළලය තෙක්‌ ගොස්‌ කුසේ සිටින දරුවාගේ මොළයට හානි කරයි. එනම් මන්ද බුද්ධික දරුවන් බිහිවීමට හේතුවකි. ශුක්‍රාණුවල ජීවී ස්‌වභාවය 80%කිනුත් ඒවායේ චාලක ස්‌වභාවය 90%කින් අඩුකර පිරිමින් වඳභාවයට පත්කරවන්නකි. ලෝකයම ප්‍රතික්‍ෂේප කරමින් සිටින්නකි. 1970 දී ඇමරිකානු රජය විසින් එරට තරුණ පරම්පරාවට ජලාශවල සිටින මාළුන් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසින් අවවාද කළේ කාර්මීකරණය හේතුවෙන් ජලයට එක්‌වන රසදිය, මාළුවන්ගේ සිරුර තුළ මෙතිල් මර්කරි ලෙසින් පැවතීම, එම මාළු ආහාරයට ගනු ලබන පුද්ගලයන් වඳභාවයට පත්කරවන බැවිනි.

රසදිය හෙවත් මර්කරි නම් මූලද්‍රව්‍යය පරිසරය සමඟ එක්‌ව සංඝටක සෑදීමේදී ඒවා මර්කරිවල මූලික තත්ත්වයටද වඩා විසෙන් වැඩිය. ඒවා ගසකින් අවශෝෂණය කරගත්විට ගසේ එම අධිවිස තැන්පත් වේ. 1956 දී රසදිය ජලයට එක්‌වීමේ ප්‍රතිඵලයක්‌ ලෙසින්, මෙතිල් මර්කරි ශරීරයේ තැන්පත්වූ මාළු ආහාරයට ගත් ජපානයේ 10000 ක්‌ දෙනා ‘මිනමාටා’ රෝගයට ගොදුරුවූ අතර 1784 දෙනෙක්‌ මියගියහ.

රසදිය හෙවත් මර්කරි සමඟ සෙල්ලම් නැත
මෙහි ඇති උග්‍ර විෂ තත්ත්වය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශීය වන්නේ යම් රූපලාවන්‍ය නිෂ්පාදනයක මර්කරි අඩංගු විය යුතු උපරිමය, කොටස්‌ මිලියනයකට, එක්‌ මර්කරි කොටසකි. එනම් අදාළ නිෂ්පාදනයේ කිලෝග්‍රෑමයක රසදිය අඩංගු විය යුතු උපරිමය මිලිග්‍රෑම් එකකි. නමුත් අද මෙරට නිදහසේ අලෙවි වන යම් කිසි වයිට්‌නිං ක්‍රීම් වර්ගයක රසදිය අඩංගු ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 9870 ක්‌ හෙවත් තිබිය යුතු ප්‍රමාණයට සාපේක්‍ෂව 10,000 ගුණයකින් පමණ වැඩිය.

2013 දී යුරෝපා කොමිසම විසින් ‘බරපතළ අවදානම් සහිත නිෂ්පාදන ලැයිස්‌තුවට’ දමා තහංචි දැමූ මේ නිෂ්පාදනය මෙරටට රැගෙන එන සමාගම කවරක්‌ද? ඒ ගැන වගකියන මෙරට ආයතනය කුමක්‌ද? එසේම අධික සෞඛ්‍ය අවදානම නිසාම, එක්‌සත් රාජධානිය තුළ විකිණීමක්‌ කළ හොත් එම විකුණන පුද්ගලයාට පවුම් 11,000 ක දඩයක්‌ හෝ හිර දඬුවම් නියම කළ හැකි Faiza නමැති ආලේපනයද (මේ පිළිබඳ සවිස්‌තර බී.බී.සී පුවතක්‌ අන්තර්ජාලයේ ඇත.

අපි ඉකුත් 29 වැනිදා කිරිබත්ගොඩින් මිලට ගත්තෙමු. එයද ලංකාවේ සුලබය. එය ගෙන්වන ආයතනයක්‌ මෙහි නැත. ලොව තහනම් ආලේපන මෙරට ගජරාමෙට විකිණේ නම් පාරිභෝගික අධිකාරියක්‌ හෝ සෞඛ්‍ය අමාත්‍යංශයක්‌ ඇත්තේ ඇයි දැයි අපි ජනපතිගෙන් අසනු කැමැත්තෙමු. එපමණක්‌ නොව මෙරටේ වගකිවයුතු දේශීය නියෝජිතයෙක්‌ නොමැති හෙවත් ‘අවජාතක’ ආලේපන වර්ග සමහරක රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 30,000 ක්‌ හෙවත් තිස්‌දහස්‌ ගුණයක්‌ බව පරිසරයට ආදරය කරන ජනපතිතුමන් මේ පත්තරෙන්ම දැනගනිත්වා…•

අප සොයාගත් තොරතුරුවලට අනුව මේවා හොර බඩු ලෙසින් රේගුව හරහා ද, කිරිමැටි ගෝනි අයුරින් කන්ටේනර්වල පටවාද මෙරටට එන අතර ඒවා ඩප්පිවල අසුරා, පෙට්‌ටිවලට දමා පෙනුම ගන්නේ පිටකොටුවේ සංවිධානාත්මක වෙළෙඳ ජාවාරමක්‌ මගිනි. ඒවායේ ‘අඩංගු දෑ’ ලෙසින් ඇති කිසිවක්‌ එහි තිබේද, නැතහොත් එහි ඇත්තේ වෙනම දෙයකින් සැදූ දෙයක්‌ දැයි සහතික කර දැනගැනීමට ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයාට කිසිදු අවස්‌ථාවක්‌ නැත. අවසානයේ මේ අධි විෂ, අධික මිලගණන්වලට විකිණේ.

කඩකාරයා හෝ රූපලාවන්‍ය ආයතනයට ඉහළ ලාභයක්‌ ඇති බැවින් සහ වෙනත් සුවිශේෂී ‘ගරිල්ලා මාර්කටිං’ ක්‍රමවේදයන් ඔස්‌සේ මේවා ‘සුපිරි බඩු’ ලෙසින්, විචාරයක්‌ නැති පාරිභෝගිකයාගේ මල්ලට දැමෙයි. මේවායේ රසදිය හම විදගෙන ගොස්‌ එහි වර්ණක මරා දමන බැවින් සැබැවින්ම කෙටි කලකින් සම සුදු වේ. එනිසා මේවා නැවත නැවත විකිණේ. පැහැය අත්දුටු කෙනා තවකෙනකුට මෙහි වරුණ කියයි. නමුත් මේ සුද පසුපස සැඟව ඇති ‘ගඳ’ කථාව ගැන කිසිවක්‌ අසරණ පාරිභෝගිකයා නොදනී.

මේවා බොහොමයක්‌ නිපදවන්නේ මුස්‌ලිම් රටවලය. ඒවායේ බොහොමයක අරාබි අකුරුද ඇත. එහෙත් මේවායේ හලාල් ලකුණ නම් නැත. එබැවින් මුස්‌ලිම් ප්‍රජාව මේවා මිලට නොගනී. ඔවුහු මේ ව්‍යසනයට සෘජුව ලක්‌වීමේ අවදානමෙන් ගැලවීමට භාග්‍යවන්ත වී සිටිති.

නමුත්, මේ ලක්‌පොළොව මත සිටින කිසිවකුට මෙහි බලපෑමෙන් මිදිය නොහැකි වනු ඇති බව සමස්‌ත ශ්‍රී ලාංකිකයන්ගේ දැනගැනීම පිණිස හඬගා කියන්නෙමු. මන්ද මේ අයුරින් තොග පිටින් එන රසදිය විස අවසානයේ පොළොව මතට, ජලය තුළට ඇතුළුවී ‘මිනමාටා’ ව්‍යසනය වැනි දෙයක්‌ මේ රටට හෙට සිදුවුවහොත් එය ජාති, ආගම්, පක්‍ෂ බේදයකින් තොරව සියලු දෙනා අක්‍රිය කර දමනු ඇත.

මේ පිළිබඳ තවදුරටත් සොයා බැලීම සඳහා අප කිහිප දෙනෙක්‌ එක්‌ව ඉකුත්දා මෙම නිෂ්පාදන කිහිපයක්‌ පරීක්‍ෂාකර බැලීමේදී ඒවා ශරීරයේ ගෑවුණු විට, සබන් දමා සෝදා හැරියද සේදී නොගිය කොටස්‌ සම මත තැන්පත්ව ඇති බව පෙනුණි. මෙය ප්‍රමිතියෙන් යුත් ආලේපනයක ස්‌වභාවය නොවේ. මෙම ආලේපනයක්‌ තවරාගත් අයකු විසින් දරුවෙක්‌ සිපගත්තද එය දරුවාගේ හමේ තැවරී එකී හානිය කරනු ඇත.

තව කෙනකුට අතට අත දුන්නද තත්ත්වය එසේමය. මේ විමර්ශනයේදී අපට කරුණු දැක්‌වූ රසායන විද්‍යාව මනාව දත් විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු පැවසුවේ, මෙයට වසර කිහිපයකට පෙර ඔවුන් සමඟ ඇමරිකාවේදී රසදිය සම්බන්ධ පරීක්‍ෂණයක යෙදුණු ශ්‍රී ලාංකික ආචාර්යවරියක්‌ හමේ තිබූ සුළු සීරීමක්‌ මත රසදිය තැවරීම නිසා එරටෙහිදී මියගිය බවයි.

එය එසේ නම්, නොදන්නා තැනක නිපදවා මෙරටට ගෙනැවිත් විකුණන මේ ක්‍රීම් වර්ග කුරුළෑ ඇති සමක ආලේප කළහොත් එකී එක්‌ අංශුවකට සෘජුවම ශරීරය ආක්‍රමණය කිරීමට ඇති හැකියාව ඒ විද්වතා අපට පැහැදිළි කර දුන්නේ ඇඟ හිරිවට්‌ටමිනි.

අපි එදා සුදු වන්නට ‘වදකහ සුදිය’ බිව් ජාතිය වෙමු. නමුත් පිටරටින් ගෙන්වා අපගේ වෙළෙඳපොළ මතට අතහරින මේ ‘රසදිය සුදිය’ වදකහ සුදිය මෙන් අහිංසක නොමැති බව අපි ඔබට අවධාරණයෙන් පවසන්නෙමු. රටට වගකිවයුතු මහතැන්වලට අපි කියනුයේ ජාතිය ‘මහ නින්දට’ යැමට පෙර ඔය හොර නින්දෙන් වහාම ඇහැරී මේ සඳහා නිසි නියාමනයක්‌ පත් කරන ලෙසය.

පොලිතීන් බෑගයට වෛර කරන ආණ්‌ඩුවක්‌, රසදිය විසට පෙම් කරනු ඇතැයි අපි කෙසේ සිතමුද? 2015 නොවැම්බර් මස අයවැය ඉදිරිපත් කිරීමේදී, මෙම තත්ත්වය පෙන්වා දෙමින්, මේ පිළිබඳ නිසි නියාමන ක්‍රමවේදයක්‌ ගැසට්‌ කිරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළ යුතු බවට රවි කරුණානයක මහතා පැවසුවද, පාරිභෝගික අධිකාරිය මෙතෙක්‌ ඒ සම්බන්ධයෙන් මුණිවත රකින්නේ මන්දැයි අපි ප්‍රශ්න කර සිටිමු.

2017.03.09 දාතමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත, දැනට පවතින නීති ප්‍රතිපාදනවලට යටත්ව අදාළ නියාමනය කළ හැකි බවට උපදෙස්‌ නිකුත් කළ ද මේ දක්‌වා සෞඛ්‍ය අමාත්‍යංශයද මුණිවත රකිමින් සිටී. ජාතිය විසක ගිලෙද්දී නිහඬව සිටින මේ හැසිරීම් මුණිවත් නොව ‘සුනඛ වත්’ බව කන හරහා ප්‍රකාශ කරමු.

කිසිදු වගකීමක්‌ නොමැති මේ වස විස විකුණා ජාතිය මරාගෙන කන මස්‌ වැද්දන්ගේ තැනට නොවැටෙන ලෙස කඩ හිමියන්ගෙන්, රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිමු. ඔබගේ ජීවිතයේ ආරක්‍ෂාව වෙනුවෙනුත්, සමාජයේ සෞඛ්‍ය සුරක්‍ෂාව පිණිසත් මේ කරුණ ගැන ඔබද සිහියේ රඳවා ගනිමින්, අනෙකාද දැනුවත් කිරීමෙන් ආණ්‌ඩුවකට නොහැකි වූ දේ කිරීමට ඔබට හැකිවනු ඇත.

ඉන්ද්‍රජිත් සුභසිංහ | ලිපි මුලාශ්‍රය – දිවයින පුවත්පත