ගුවන් යානයේදී ලස්සන ගුවන් සේවිකාවක් දැකපු ගල්කිස්සේ පුද්ගලයාට හිත පාලනය කරගත නොහැකිව කරපු අමන වැඩේ.

ඩුබායි සිට කොළඹ බලා පැමිණෙමින් තිබුන ගුවන් යානයක් තුල ගල්කිස්සේ පුද්ගලයෙක් කල අමන වැඩක් බලන්නකෝ.ගුවන් යානයේ සිටි ගුවන් සේවිකාවකගේ ලස්සනට වහ වැටුණු මෙම පුද්ගලයා සියල්ලම බලා සිට්යියදී ඇයට කරන්න යන දේ ඇයවත් කිසිදාක නොසිතු දෙයක්.මත් වතුරට වහ වැටුන පසු ඇයගේ ශරීරය දිහා බලා තිබෙන්නේ කාමුක ස්වරූපයකින්.මේ පුද්ගලයාගේ වයස කියක් කියලද හිතන්නේ ඔබ.මොකක්ද ඇත්තටම මොහු මේ තරුණියට කරලා තියෙන්නේ.පසුව ඔහුට කුමක්ද වුණේ.මේ සියල්ලම දැනගන්න පහත වීඩියෝව නරඹන්න.

මීට සුළු මොහොතකට පෙර කඳාන ප්‍රදේශයේදී විශාල කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ විනාශය මෙන්න..

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ කදාන ආර්පිකෝ ප්‍රදර්ශනාගාරය ආසන්නයේ අද (23) පෙරවරු 8.30 ට පමන මෙම අනතුර සිදුව තිබෙනවා.මෙන්න බලන්නකෝ අනතුර වෙලා තියෙන හැටි.වෙන්න හේතුවත් දැනගන්න.මේ සියල්ලම පහත වීඩියෝව නරඹා දැනගන්න.

“ප්‍රභාකරන් කියනෙන් ත්‍රස්තවාදියෙක් මිසක් මහත්තයෙක් නෙවෙයි මහත්තයෝ” රටම හොල්ලමින් උදේ ආශ්චර්ය කිවුව කතාව බලන්න

තිස් වසරක කුරිරු යුද්ධය නිම කිරීමේ සටනේදි මවුබිම වෙනුවෙන් සිය ජිවීතය පුජා කළ රණවිරුවන් දහස් ගණනකි. මවුබිම වෙනුවෙන් පවතින ආදරය සහ දේශප්‍රේමය නිසාම මෙලෙසින් සිය ජිවීතයේ හොදම කාලය කැපකරමින් ජීවිතය පූජා කළ රණවිරුවන්ගේ කැපකිරීම නොවන්නට තවමත් අප ජීවත් වෙන්නේ ත්‍රස්තවාදය වෙලා ගත් රටක මර බියෙන් ය.

මෙලෙසින් මේ යුද්දය අවසන් කර වසර 9ක් ගියත් අපට නම් ප්‍රභාකරන් කියන්නේ දරුණු ත්‍රස්තවදියෙක්ම තමයි. ඔහු මිනිස් ජිවිත නම් කියක් බිලි ගත්තද. අහිංසක අම්මා කෙනෙකුගේ තව එක දරුවෙක් රට වෙනුවෙන් කැප කරමින් මේ රට නිදහස් රටක් කළේ අපේ ජාතියේ රණවිරුවන්ය. අප සියලු දෙන ඒ සියලු දෙනාටම නය ගැතියි. මෙන්න අද උදේ ඩිජේ අරා ඇන්ඩ් පැස්බරා වැඩසටහනේ ආශ්චර්ය කිවුව කතාව බලන්න.. හිතට දැනුන සේයාර කරමු. තව එනෙකුට බලන්න

“ටික වෙලාවයි ගියේ, පුතා දෑස් උඩ දාලා හුස්ම ඇරියා”

මරණය, කොතරම්ම සාහසිකද? මෙලොව සෑම ජීවියෙකුගේම උපතත් සමග උපත ලබන මරණය, ජීවියා යළි මහ පොළවට ඇද දමන්නේ කිසිදු දැනුම් දීමකින් තොරව තම අභිමතය හා අභිමත කාලය අනුව දඩබ්බර අයුරිනි. සාහසික අයුරිනි. කිසිදු භේදයකින් තොරවය.

මරණය, මෙලෙස ඉතා සාහසික ලෙස පින්වත් දරුවෙකු මරා දැමීම පිළිබඳ ශෝචනීය පුවතක්‌ පසුගිය දිනවල ආණමඩුව ඌරියාව, පාලියාගම දෙසින් අසන්නට ලැබුණි.
දරුවා ඒ.එච්.එම්. මනීෂ නිම්සර අබේරත්නයි. වයස අවුරුදු 8 යි.

චන්ද්‍රිකා දමයන්ති හා අතුල බණ්‌ඩාර අබේරත්න තරුණ ගොවි යුවළට සිටියේ මැණිකක්‌ වන් මනීෂ පුතු පමණි. චන්ද්‍රිකා හා අතුලගේ ඔඩොක්‌කුවෙන් ඔඩොක්‌කුවට පනිමින් හුරතලයට මනීෂ හැදෙමින් ලොකු මහත් වෙමින් සිටියේය.

අවසනැ ළඟම ඇති පාලියාගම ශාරිපුත්‍ර විදුහලට මනීෂව ඇතුල් කරන ලදී. පාසලේදී ද ඔහු උගනිමින් ඉහළට එමින් තුන්වන ශේ්‍රණියේ දක්‍ෂ දරුවෙකු ලෙස ගුරුන්ගේත් කාගේත් සිත් දිනා ගනිමින් සිටියේය.

ඔහු දහම් පාසලේද පින්වත් දරුවෙකු ලෙසින් ක්‍රියා කළේය. පෙරහැරේ මුලින් අටපිරිකර තම හිස මත තබාගෙන මනීෂ සැදැහැ බැතියෙන් කොපමණ දුරක්‌ හෝ ඇවිද ගියේය. ඔහු වරෙක අටපිරිකර දහයක්‌ එක මොහොතේම පන්සලට පිදීය. කඨින පෙරහැරේ මුලටම සිටිනුයේද මනීෂය. තමනට පිටතින් ලැබෙන පොත් පත් පෑන්, පැන්සල්, සපත්තු, ඇඳුම් ඔහු නැති බැරි මිතුරනට බෙදා දුන්නේය. නිති දහම් පාසල් ගිය ඔහු භාවනා කරනායුරු තම ආච්චිටද කියා දුන්නේය.

මනීෂ පසුගිය 4 දා සවස පාසල් ඇරී නිවසට ආවේය. ඔහුගේ මාමා ඔවුන්ගේ ඉඩම අසල ඉඩමක ට්‍රැක්‌ටරයෙන් සාමින් සිටිනු දැක ඔහු එහි ගියේ පාසල් සපත්තු ගලවා තවත් සපත්තු යුවළක්‌ පැළැඳ දිගු කලිසමක්‌ද හැඳ ගෙනය. ඔහුගේ මවද පියාද ඒ අසලම කොටසේ තල වපුරමින් සිටියහ. මනීෂගේ මව පැදුරක්‌ දමා එහි වාඩිවී ඉදිරි පාසල් වැඩ කිරීමට පවසා මනීෂ එහි හිඳුවා ගියාය.

මව ගිය පසු මනීෂ, මාමා සී සෑ කොටස නැරඹීමට ගියේය. මොහොතකින් ඔහු “තාත්තේ මාව මොකෙක්දෝ කෑවා” යෑයි කියමින් කෑ ගැසීය. පියාද, මවද දුවගෙන ආවෝය. කාරණය සැබෑය. ඔහුගේ දිගු කලිසමද, සපත්තුව අතර වූ අඟලක්‌ පමණ නිරාවරණය වූ කකුලට කිසියම් සතෙකු දෂ්ට කර ඇති බවක්‌ පෙනුණි.

ඒ සමගම ට්‍රැක්‌ටරය නවතා පැමිණි මාමා “මේ ඉන්නේ කාපු එකා…. පොළඟෙක්‌, පොළඟෙක්‌ යෑයි කෑ ගැසීය. මනීෂ අසලම මහ පොළව සමග පෙනී නොපෙනී පොළඟෙක්‌ මරු විකල්ලෙන් දඟලමින් සිටියේය. ඒ සම්පූර්ණ පොළඟෙකු නොවේය. පොළොං භාගයකි.

සී සාද්දී පොළඟා කෑලි කෑලි වලට කැපී කැඩී ගොස්‌ තිබුණි. මනීෂ හරියටම ඇවිද ගොස්‌ තිබුණේ එසේ කැපී ගිය පොළඟාගේ හිස ඇති කොටස ළඟටමය. පොළඟාද මරු විකල්ලෙන් හෝ පහරදී තිබුණේ දරවාගේ දිගු කලිසමට හෝ සපත්තුවට හෝ නොව ඒ අතර නිරාවරණය වූ අඟලක තරම කකුලේ ප්‍රදේශයටය.

කැපුණු පොළඟා බෑගයක දමා ගෙන මනීෂ ද රැගෙන ඔවුහු විනාඩි 5-10 වැනි වේලාවකින් යතුරුපැදියෙන් ආණමඩුව රෝහලට රැගෙන ආහ. ආණමඩුව රෝහලින් සේලයින් ලබා දෙමින් ඉතාමත් ඉක්‌මනින් පුත්තලම රෝහල වෙත ඇම්බියුලන්ස්‌ රථයකින් රැගෙන යන ලදි.

ඉන්පසු තොරතුරු පවසන්නේ මනීෂ සමග ඇම්බියුලන්ස්‌ රථයෙන් පුත්තලම රෝහලට ගිය ඔහුගේ මව චන්ද්‍රිකාය.

පුතා අපූරුවට ඇස්‌ ඇරලා බලලා මාත් එක්‌ක කතා කළා. දෙපාරක්‌ මගදී වමනය දැමුවා. එයාට වාහනයක යන්නට බෑ. වමනය යනවා. සර්ප විෂටද දන්නෙත් නෑ. ඉක්‌මනින් රෝහලේ වාට්‌ටුවට දාලා සේලයින් දුන්නා. ඒ අතර තුර පුතා මාත් එක්‌ක හොඳට කතා කළා. අහන ප්‍රශ්නවලට උත්තර දුන්නා.

මනීෂගේ තාත්තා ආවටත් පස්‌සේ තමයි ඉන්ජෙක්‌ෂන් එකක්‌ දුන්නේ. එතකොට විනාඩි හතළිස්‌ පහක්‌ විතර ගිහිල්ලා. දොස්‌තර මහත්තයා ඇවිල්ලා පහළොවක්‌ද දුන්නේ කියලා අහලා ඊට පස්‌සේ කිව්වා ඊළඟ සැරේ දෙද්දී අඩුවෙන් දෙන්න කියලා.

ටික වේලාවයි ගියේ. පුතා දැස්‌ උඩ දාලා එකපාරටම හුස්‌ම ඇරියා. එකපාරටම පුතා අපිව දාලා ගියා. ඇය හැඬූ කඳුළින්ම කීවාය.

මනීෂගේ පියා අතුල පවසන්නේ වෙනත් කරුණකි.

ඇයි මගේ පුතාම පොළඟ කාලා මැරුණේ. මේ පැත්තේ කොයි තරම් පොළොංගු, නයි, මාපිල්ලු දෂ්ට කරලා බේත් දීලා හොඳ වෙලා ඉන්නවාද? මගේ පුතා හොඳට කතා කරා. සිහිය තිබුණා. අපි පොළඟත් අරගෙන ආවේ පුත්තලම රෝහලින් ඉන්ජෙක්‌ෂන් දෙන්න පරක්‌කු වුණා. විෂ නඟින තුරු බලා සිටියා. අවසානයේදීත් දීලා තියෙන්නේ මේ පොඩි එකාට විෂ ඔරොත්තු නොදෙන තරමට ප්‍රති විෂ වැඩිපුර මිලි ග්‍රෑම් ප්‍රමාණයක්‌.

ඒක තමයි ඒ ඉන්ජෙක්‌ෂන් එක ගහලා ඉක්‌මනින්ම පුතා අපිව දාලා ගියේ. ඇයි වෛද්‍යවරු මගේ පුතාට එහෙම කළේ. තවත් මේ වගේ හදිසි අසාධ්‍ය අයට ඒ වගේ නොසැලකිල්ලෙන් වරද්දලා බෙහෙත් දෙයිද? ඒ කාටත් පාඩු නෑ. එයාලට මේක තවත් මරණයක්‌ විතරයි. ඒත් අපිට… අපිට හිටියේ එකම එක මැණිකයි. ඒ අපේ හදවත. එයා අපි දාලා ගියාට පස්‌සේ අපේ හෙට දවස ගැන කවර කතාද?

හේන්, කුඹුරු කොටා ඩාදිය හෙළා, කට්‌ට මහ පොළව සමග පට්‌ට ලෙස රිදවන සැඩ හිරු සමග ඔට්‌ටු වී මේ අසරණ ගැමියන් මහ මාලිගා හෝ සුරංගනා ලෝක අපේක්‍ෂා කරන්නේ නැත.

ඔවුනට අවශ්‍ය වී ඇත්තේ පන්සල, දහම් පාසල ඇසුරු කරන, ගුණ දම් සපිරි, පාසල් අධ්‍යාපනයෙන් දැනුම, අවබෝධය ලබාගත් දරු පැටවුන් සමග කුරහන් රොටියක්‌ ලුණු මිරිසක්‌ සමගින් හෝ බතක්‌, සම්බෝලයක්‌ කා සතුටින් නිවි සැනසිල්ලේ දිවි ගෙවන්නටය.

ඔවුන්ගේ සියලු අපේක්‍ෂාවන් මෙවන් අබග්ගයන්ගෙන් සුණු විසුණු වී යන්නේ නම් සැනසිල්ල වෙනුවට වැනසිල්ල ළං වනුයේ නම් ඒ ගැන කියන්නට වන්නේ ප්‍රදේශයට අධිපති අයියනායක දෙවිඳුන්ටම පමණි.

මනීෂගේ දේහය නිවසේ තබා තිබියදී දහස්‌ සංඛ්‍යාත පිරිස්‌ මේ පුණ්‍යකාමී පුතු බැලීමට ආහ. “අනේ අපොයි දරු පැටියා” කීහ. මනීෂගේ සිරුර ගල් නොවී සාමාන්‍ය ලෙස තිබෙනු දුටු ගම්මු මනීෂට පණ ඇතැයි සිතා වෛද්‍යවරුද, සර්ප විෂ වෛද්‍යවරුද යළි යළි හමුවී පරීක්‍ෂා කළහ.

එහෙත් මනීෂ ඒ වන විටත් මෙලොව හැර දමා ගොසින් බව ඔවුහු තහවුරු කළහ. සැබවින්ම මනීෂ මරා දැමුවේ පොළඟාද, වෛද්‍යවරුද, දෛවයද, යන්න තවමත් ගම්මුනට විසඳා ගත නොහැකි බරපතළ ප්‍රශ්නයක්‌ වී තිබේ.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න

කැළඹුණු කාලගුණය හේතුවෙන් මෙන්න මේ දිස්ත්‍රික්ක වලට හදිස්සියේම රතු නිවේදනයක්

ආපදා තත්වය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා කොළඹ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්‍ෂ ආචාර්ය ජනරාල් ආසිරි කරුණාවර්ධන මේ බව සඳහන් කළා. මේ අතර අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව මේ වනවිට 8 දක්වා මියගොස් තිබෙනවා. රඹුක්කන ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් අද දහවල් එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ. පවතින වැසි තත්ත්වයත් සමග දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට නායයාමේ අවදානම සම්බන්ධයෙන් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණී ජයතිස්ස පවසනවා.

දැනට 13ක් මාරු තුරුලට – මෙන්න මේ රෝග ලක්ෂණ තියනවනම් දරුවන් පාසල් යවන්න එපා

මේ දිනවල් ලංකාවේ පැතිරයන රෝගයක් පිළිබඳව හැමෝම වගේ අවධානයෙන් සිටිනවා, කරාපිටිය රෝහලේ දරුවන් 5ක් එකවරම මියයාම නිසා තමයි මේ ගැන ලංකාවේම කතාබහ වෙන්නට පටන්ගත්තේ. ඔන්න ඉතින් මේ රෝගය නිසා මේ වෙනකොට 13න් දෙනකු මියගිය බවයි අපිට මේ වෙනකොට දැනගන්නට ලැබිල තියෙන්නේ.

මෙන්න මේ රෝග ලක්ෂණ ඔබට හෝ දරුවන්ට තිබෙනවානම් පාසැල්වත් යවන්න එපා කියලා තමයි දැනුවත් කිරිම් සිදුකරගෙන යන්නේ මෙන්න බලන්නකෝ වීඩියෝව දැන්ම දැනුවත් වෙන්න

ඔබගේ නෙතටත් හමු වුනු ගාලු කොටුවෙන් මුහුදට පනින ලංකාවේ කොල්ලන්ට ඉන්දියාවෙන් වටිනා තෑගි

ඔබේ නෙතට ඕනෙතරම් හමු වෙලා ඇති මේ ගාලු කොටුව උද සිට මුහුදට පනින කොල්ලෙක්,. ඇත්තටම එක හැමෝටම කරන්න බෑ .. එහෙත් මොහු මේ දේ කරන්නේ තමන්ගේ ජිවිතේ එදිනෙන්ද වියදමට කියක් හරි හොයාගන්න. එහෙත් දින කිහිපයකට පෙර ඔහුට වූ දෙයක් ගැනයි මේ කියන්න යන්නේ.

ඉන්දියානු හමුදාපති ජනරාල් බිපින් රාවත් පසුගිය දින ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුනා. එහිදි හමුදාපතිවරයා ගාල්ල ප්‍රදේශයේ විශේෂ සංචාරයකටද නිරත වී තිබුනා. එම සංචාරයේදි ඉන්දියානු හමුදාපතිවරයා විසින් ගාලු කොටුපවුරේද සංචාරය කළ අතර ගාලු කොටු පවුරේ සිට මුහුදට පනිමින් දස්කම් දක්වන ලොව සුපතල ශ්‍රී ලංකා තරුණයන්ගේ දස්කම් නැරඹීමටද එක්වුනා. එහිදි ඉන්දියානු හමුදාපතිවරයා විසින් එම තරුණයන්ට තිළිණයක් ප්‍රධානය කිරීමද විශේෂත්වයකි. එම අවස්තාවේ ඡායාරූප පහතින් බලන්න.

අධික වැස්ස නිසා ප්‍රදේශ රැසක ගංගා ජලයෙන් උතුරා යයි.ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම් දීමක්.හැකිතාක් ෂෙයාර් කර අසරණ වුන් මිනිසුන්ද්ට දැනුම් දෙන්න.

අධික වැසිත් සමඟ ගංඟා රැසක ජල මට්ටම් එකවර ඉහළ යයි, ප්‍රදේශ කිහිපයකට විශේෂ දැනුම් දීමක් පවතින අධික වැසිත් සමඟ කළු සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමක පවතින බැවින් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය සහ පාලින්ද නුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව ඒ පිළිබදව අවදානයෙන් පසුවන ලෙසටයි.

එමෙන්ම ගිං ගඟේ ජල මට්ටම ද මේ වන විට පිටාර මට්ටමකට පැමිණ ඇති බැවින් බද්දේගම, බෝපේ – පෝද්දල, නාගොඩ, නියාගම, තවලම සහ නෙලුව යන ප්‍රදේශවලට අවධානමක් පවතින බව ද ඔවුන් ප්‍රකාශ කළා. මීට අමතරව අත්තනගලුඔයේ ජල මට්ටම ද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. මීගමුව, ජාඇල, මිනුවන්ගොඩ සහ ගම්පහ යන ප්‍රදේශවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

උපුටා ගැනීම hirunews.lk

එයාගේ මේ ජරා පුරුද්ද නිසා මම ගොඩක් අසරණ වෙලයි හිටියේ – බිරිඳ උසාවියේදී කියයි

විවාහය කියන්නේ හරිම සුන්දර බැඳීමක්.. නමුත් විවාහ වෙන්න කලින් තිබ්බ ඒ සුන්දර අද්දැකීම විවාහ වුනාට පස්සේ නැතිවෙලා යනවා. ඊටපස්සේ සමහරුන්ගේ ජිවිත අපායක් වෙලා තමයි නවතින්නේ. අද අපි මේ ඔයාලට කියන්න යන්නේ ඒ වගේ කතාවක් ගැනයි. තමන්ගේ මහත්තයගේ කතා පුරුද්දකට උදව් කරපු බිරිඳකට අවසානයේ උරුම වූ අවාසනාවන්ත ඉරණමක් ගැනයි මේ කතාව .

අවසානයේ බිරිඳට නතරවෙන්න සිද්ධවුණේ හිරගෙදරින් එයාගේ මේ ජරා පුරුද්ද නිසා මම ගොඩක් අසරණ වෙලයි හිටියේ – බිරිඳ උසාවියේදී කියයි මෙන්න බලන්නකෝ වැඩි විස්තර සහිත වීඩියෝව පහතින්

තරගකාරිය දුන්න උත්තරෙන් කට්ටිය හොල්මන් – මෙන්න වීඩියෝ

ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය වගේ මාතෘකාවක් තෝර ගන්න හිතුනේ ඇයි..? විනිසුරුවන්ගේ එම පැනයට අපුරු පිළිතුර ලබා දෙමින් තෝරාගත් මාතෘකාව යටතේ ඉතා අපුරුවට අසන සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු ලබා දෙමින් කටයුතු කරපු මේ දැරියගේ දස්කම් බලන්නකෝ.. දුන්න උත්තරෙන් කට්ටිය හොල්මන්.. මේ වගේ මාතෘකාවත් යටතේ දෙන උත්තර ටික නම් විනිසුරුවන්ටත් හිතාගන්න බැරිවෙනවා. පහටැහැ වීඩියෝව නරබන්න. තව කෙනෙකුට බලන්න ශේයර කරන්නත් අමතක කරන්න එපා