ඉන දෙපස එල්ළා වැටෙන උදරය ඉක්මණින් නැති කරගන්න මෙන්න මේ සත්කාරය කරන්න

ඉන දෙපස එල්ළා වැටෙන උදරය ඉක්මණින් නැති කරගන්න මෙන්න මේ සත්කාරය කරන්න
අපි හැමදාම ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන කියලා දෙනවානේ අදත් අපි ඔබට කියලා දෙන්න යන්නේ ගොඩක් දෙනෙක්ට ගැටළුවක් වෙලා තිබෙන කාරණයක් ගැන ….ඒ තමයි ඉන දෙපස එල්ළා වැටෙන උදරය ඉක්මණින් නැති කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන….ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

 

ඔබගේ මුහුණේ ඇති තෙල් ස්වභාවය ඉවත් කරගැනීම සදහා සත්කාර 05ක්

තෙල් සහිත සමක් යනු බොහෝ කරදරකාරී තත්වයකි. ඔබගේ මුහුණ තෙල් ස්වාභාවයෙන් යුක්ත වීම නිසා කුණු සහ දුහුවිලි බැදීමට අවශ්‍ය පරිසරය ස්වාභාවිකවම නිර්මාණය වේ. මේ නිසා කුරුලෑ වැනි තත්ව ඇති වීම සුලබව සිදුවේ. ඔබගේ මුහුණේ ඇති ස්වභාවික තෙල් ගතිය ආරක්ෂා කොට අමතර තෙල් ඉවත් කරගැනීම සදහා භාවිතා කල හැකි සරල ආලේපන කිහිපයක් මෙම ලිපියේ අන්තර්ගත වේ.

01.කෙසෙල් සත්කාරය.

හොදින් ඉදුණු කෙසෙල් ගෙඩියක් ගෙන එයට පැණි මේස හැන්දක් සහ දෙහි හෝ දොඩම් යුෂ මේස හැන්දක් එකතු කරන්න. මේ සියල්ල බ්ලෙන්ඩරයකට දමා බ්ලෙන්ඩර් කරගන්න. මෙම මිශ්‍රණය ඔබගේ මුහුණේ ගල්වා මිනිත්තු 15ක් තිබෙන්නට හැර
සෝදා හරින්න.

02.කඩල පිටි, කහ සහ දෙහියුෂ, කිරි සත්කාරය.

කඩල පිටි හැදී දෙකක් සහ කිරි හැදී 3ක් එකතු කරන්න. හොදින් මිශ්‍ර කරන්න. ඉන් පසු කහ මේස හැන්දක් සහ දෙහි යුෂ දෙකක් පමණ එකතු කරන්න. මෙම මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 20ක් තිබෙන්නට හැර සෝදා හරින්න.

03.තක්කාලි සත්කාරය.

තක්කාලි ගෙඩියක් ගෙන එහි ඇතුලත ඇති මදය සමග යෝගට් හැන්දක් මිශ්‍ර කර මුහුණේ ගල්වන්න. මිනිත්තු 15ක් තිබෙන්නට හැර සෝදා හරින්න. එමගින් ඔබගේ මුහුණේ ඇති සිදුරු වැසි යන අතර සමේ ආසාදන තත්ව පාලනය වේ.

04.ගස්ලබු සත්කාරය.

ගස්ලබු ඕනෑම සමකට සුදුසු වුවත් තෙල් සහිත සමකට එය වඩාත් සුදුසු වේ. මුහුණේ වයස්ගත පෙනුම අඩු කරගැනීම සදහා ගස්ලබු ඉතා සුදුසු සත්කාරයකි. භාජනයක් ගෙන එයට ගස්ලබු මේස හැදි දෙකක් දම ගන්න. එයට පැණි මේස හැන්දක් සහ දෙහි යුෂ ස්වල්පයක් එකතු කර මුහුණේ ගල්වන්න.

ටිකක් විතර මහත් වෙන්න ඕනෙද? මෙන්න එහෙනම් රහස් බෙහෙත් වට්ටෝරු කිහිපයක්

මහත අයට කෙට්ටු වෙන්න තියෙන ආශාව ගැන කියන්න ඕනි නෑනේ දැන් මේක බලන ඔයාලත් දන්නවනේ.. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් විදියේ ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආබාධ එහෙමත් නැත්තන් ‘සයිඩ් ඉෆෙක්ට්ස්’ හරිම වැඩියි. ඉතින් ඇග කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි ඛෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000 ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ.

ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න ඛෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මේ අතුරු ආබාධ නැති මේ ආයුර්වේද ක්‍රම ඔයගොල්ලෝ නිවැරදිව භාවිතා කරොත් කෙසග ඇග හොද පෘෂ්ටිමත් ඇගක් බවට පත් කර ගන්න පුළුවන් වේවි

කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපලා එය මතට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.

රටඉඳි වල ඇට ඉවත් කර ඒ තුලට එලගිතෙල් පුරවා මීපැණි මිශ‍්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.

නැවුම් එලකිරි වලට පිරිසිඳු එලගි තෙල් ස්වල්පයක් දමා පානය කරන්න.

හාතවාරිය අල වලින් කැඳ සාද පානය කරන්න.

අලූත් උක් හකුරු,එලගි තෙල් හා මීපැණි සමග මිශ‍්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.

තිප්පිලි, වියලි ඉගුරු චූර්නය ස්වල්ප ප‍්‍රමාණයක් බත් සමග මිශ‍්‍ර කර කෑම – පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.

බිත්තර සුදුමදය එලකිරි සමග මිශ‍්‍ර කර පානය.

කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2 ක ප‍්‍රමාණයක් කා එල කිරි පානය කරන්න.

මහත් වෙන්න තවත් රහසිගත වට්ටොරුවක් පහලින් දක්වන්නම්. හැබැයි මේ ඛෙහෙත් වට්ටෝරුව කල් තබාගැනීම ගැන ප්‍රශ්න තියෙනවා

1 උදු පිටි ග්‍රෑම් 50ක්
2 රටඉදි ගෙඩි 20ක්
3 ඉදුණු අළු කෙසෙල් ගෙඩි 3ක්
4 එළගිතෙල් මි.ලි 50ක්
5 මීපැණි මි.ලි 50ක්

(පිරිසිදු එළගිතෙල් සහ මී පැණි හොයාගන්න වෙනවා)ඉස්සෙලම අළු කෙසෙල් පොතු හැර කැබලි කපා ගන්න.ඊට පස්සේ රටඉදි වල ඇට ඉවත් කරගන්න. දැන් මේ රටඉදි, අළු කෙසෙල් ටික වියලි බදුනකට දමා ගන්න. ඒකට ම ඔයා ලග තියෙන උදු පිටි ටිකත් දාලා හොදට අතින් පොඩි කරගන්න. මේක තලපයක් වගේ වෙන විදියට හොදට පොඩි කරගන්න ඕන.ඒක හොදට හදා ගත්තට පස්සේ ඔයා කරන්න ඕන අර මී පැණි ටිකයි එළගිතෙල් ටිකයි එකට දාලා හොදට අනාගන්න. දැන් ඔයා ඛෙහෙත හදලා ඉවරයි.

වැදගත්ම දේ තමයි මේකට කෘමින් සහ සුළං නොයෙන ලෙස වසා තබා ගැනීමයි. දැන් මේ හදාගත්ත ඛෙහෙතෙන් නෙල්ලි ගෙඩියක් තරම් ප්‍රමාණයක් උදේ හවස ගන්න. එතකොට ඔයාගේ ඔය කෙට්ටුව මට්ටු වෙලා ඇගපත මහත් වෙනවා. කිසිම අතුරු ආබාධයක් නැතුව. ඔයාට සැක නැතුව මේක භාවිතා කරන්න පුළුවන් මොකද ඔයාම හදපු නිසාත් මේකට දැම්මේ මොනවද කියලා ඔයා දන්නා නිසාත්.අනිත් දේ තමා මේ සමග එළකිරි වීදුරුවකට ඉගුරු පෙති තුනක් පමණ දාලා පැය බාගයකට පස්සේ බොන්න. එතකොට තවත් හොද ප්‍රතිපල ඔයාට ගන්න පුළුවන්.

අපි අපේ දේ විශ්වාස කරන්න ඕන. අනික මේක අත්දුටු වෙදකමක් වැඩි වියදමක් නැතුව අතුරු අබාධ නැතුව ඔයාට ඕන දේ කර ගන්න පුළුවන් වෙනවා. කරලම බලන්න ඔයාටම වෙනස තේරෙයි.

මිනිසුන් මරණයෙන් නැගිටුවන ඔබට ගෙදරදීම සාදාගත හැකි ඖෂධයක් මෙන්න

පිළිකා නිසා දිනයකට ලක්ෂ ගණනක් මිනිසුන් මියයයි. මේ සදහා ප්‍රධානම හේතුව වී ඇත්තේ දේහයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වීම සහ දේහයේ ඇති ශක්තිය ප්‍රමාණවත් නොවීමයි. එමෙන්ම ඔබගේ දේහය ලෙඩ රෝග වලින් ආරක්ෂා කර ගැනීම සදහා රුධිරය නැවත නිපදවීම අවශ්‍ය වේ.

මෙම පානය සාදා ගැනීම ඉතා සරල වේ. ඔබට මෙම පානය රසවත් පානයක් වන අතර මාසයක් මෙම පානය භාවිතා කිරීමෙන් පසු ඔබට සාර්ථක ප්‍රතිපල ලබා ගන්නට පුළුවන්. පිළිකා රෝගය වැළදුණු බොහෝ පුද්ගලයන්ගේ එම රෝගී තත්වය පාලනය කර ගැනීමට සහ පිළිකා රෝගී තත්වය සමනය කරගැනීමට මෙම පානය භාවිතා කරන නිසා පුද්ගලයන් මරණයෙන් නැගිටුවන පානයක් ලෙස මෙය හැදින්වේ.

මේ සදහා ඔබට පහත සදහන් ද්‍රව්‍ය අවශ්‍ය වේ.

බීට් කිලෝ ග්‍රෑම් එකක් – දෙහි ගෙඩියක් – කැරට් ග්‍රෑම් 500ක් – දොඩම් ගෙඩි 3ක් – ඇපල් ගෙඩි 3ක් – පැණි.

සාදා ගන්නා ආකාරය.

මෙම ද්‍රව්‍ය සියල්ල හොදින් සෝදා කුඩා කැබලි වලට කපා බ්ලෙන්ඩරයට දමා ගන්න, මදක් රතු මිශ්‍රණයක් ලැබීමෙන් පසු ඒවා බෝතල් වල අසුරා ශීතකරණයේ තබා ගන්න. වඩාත් සුදුසු වන්නේ උදෑසන හිස් බඩ මෙම පානය භාවිතා කිරීමයි. දින 10ක් ගත වන විට ඔබට ඔබගේ දේහයේ ශක්තිය වර්ධනය වන බව දැනෙන්නට පටන් ගන්නා අතර ඔබගේ මානසික තත්වය වර්ධනය කරගැනීමටද මෙම පානය ඉවහල් වේ .

දින 40න් කොලොස්ටරෝල් සම්පුර්ණයෙන් සුව කර ගන්නේ මෙහෙමයි – 100% ස්වාභාවික ඖෂධයක්

අද වන විට ලොව පුරා ජිවත් වන බොහෝ මිනිසුන්ට ජිවිතයේ යම් අවස්ථාවකට පැමිණි පසු හදවත් රෝග වැළදීමේ ලොකු අවධානමක් තිබෙනවා. මේ සදහා බොහෝ විට හේතු වන්නේ කොලොස්ටරෝල් වැනි තත්වයන්. මෙවන් අවස්ථාවන් වලදී ඔවුන්ට ජිවිතය පුරාම ඖෂධ මත යැපීමට සිදු වනවා. මෙය ඉතාම අවාසනාවන්ත තත්වයක්.

නමුත් අද අපි කියන සරල ස්වාභාවික ඖෂධය ඔබ අද සිටම පාරිබෝජනය කළොත් ඔබට කිසි දිනෙක කොලෙස්ටරෝල් රෝගය ඇති වන්නේ නෑ. දැනට කොලොස්ටරෝල් නිසා පිඩා විදින කෙනෙකුට උනත් දින 40ක් එක දිගට මේ බෙහෙත භාවිතා කිරීම මගින් එම තත්වය සම්පුර්ණයෙන් සුව කර ගන්න පුළුවන්.

මේ සදහා අපි යොදා ගන්නේ ලෙමන් හා සුදුළුණු කියන ස්භාවධර්මය විසින් අපිට තිලින කරපු බලගතුම ආහාර වර්ග දෙකක්. ලෙමන් සුදුලුණු සංයෝගයෙන් ලැබෙන සුවයන් ගැන දැන් අපි බලමු

ශරීරයේ එකතු වන අනවශ්‍ය මේද තැන්පතු දිය කර හරිම

නරක කොලොස්ටරෝල් මට්ටම අඩු කර සිරුරට හිතකර කොලොස්ටරෝල් මට්ටම ඉහල දැමීම

රුධිරයේ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කිරීම

ලේ කැටි ඇති වීම වැලක්වීම

අධි රුධිර පීඩනය පාලනය කිරිම

අක්මාවේ කාර්යභාරය වැඩි දියුණු කිරීම

රුධිර සංසරණය විධිමත් කිරීම

ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම

පිළිකා ඇතිවීම වැලැක්වීම

ප්‍රතිඔක්සිකාරක බලය මගින් සිරුරේ සෛල නැවත ප්‍රකෘතිමත් කිරීම

ලෙමන් සුදුළුනු සංයෝගය ඔබ උත්සහ කල යුත්තේ ඇයි ?
ලෙමන් සුදුළුනු සංයෝගය මගින් ශරීර අභ්‍යන්තරය සම්පුර්ණයෙන්ම පිරිසිදු කිරීමක් සිදු වෙනවා. පහත දැක්වෙන රෝගයන් ඔබට තිබේ නම් මෙය වසරකට වරක් භාවිතා කිරීම මගින් ඒවා සුව කර ගන්නට පුළුවන්

අධික කොලොස්ටරෝල් තත්වයන්
ස්ථුලතාවය (තරබාරුබව)
සයිනසයිටිස්
හිසරසය
ආතරයිටිස්
අර්ශස්
අම්ල පිත්තය
දෘෂ්ටි අබාධ
ශ්‍රවණාබාධ
නීරක්තිය

මෙම ඖශධය සකස් කර ගන්නා ආකාරය හා භාවිතා කරන ආකාරය
අවශ්‍ය ද්‍රව්‍ය

ලෙමන් ගෙඩි 4ක්
සුදුළුණු බික් 4ක්
නටවා ගත් උණුසම් ජලය ලීටර් 3ක්

ප්‍රථමයෙන් සුදුළුණු බිකි වල පොතු සුද්ද කර ගෙන ඒවා දෙකට කපා ගන්න. ලෙමන් ගෙඩි 4 හොදින් සෝදා ගෙන ලෙලි ගසන්නේ නැතුව කුඩා කැබලි වලට කපා ගන්න. දැන් මේ සියල්ල නටවා ගත් උණුසම් ජලය ලීටර් 3 සමග මිශ්‍ර කර ගන්න.

දැන් මුඩිය හොදින් වැසිය හැකි විදුරු ජෝගු 3ක් ගෙන මෙම මිශ්‍රනය සමාන ප්‍රමාණයන්ගෙන් ඒවාට වක් කරන්න. දැන් මේවා ශීතකරණයක් තුල දින 3ක් ගබඩා කර තබන්න.

දින 3කට පසු එලියට ගෙන ජෝගු වල පතුලේ තැන්පත් වී ඇති ලෙමන් හා සුදුලුනු කැබලි පෙරා ඉවත් කර දියරමය කොටස වෙනම ගබඩ කර ගන්න.

ප්‍රථම දින කිහිපයේදී සෑම ප්‍රධාන කෑම වේලකටම පැය භාගයකට කලින් මෙම මිශ්‍රණයෙන් සුප් හැන්දක ප්‍රමාණයක් පානය කරන්න.

එසේ සිදු කිරිමේදී ඔබේ ඇගට කිසිදු අතුරු විපාකයක් (ඇලර්ජි වීමක්) නොදැනේ නම් එය සුප් හැන්දක ප්‍රමානය මෙන් දෙගුණයක් දක්වා වැඩි කර පානය කර හැක.

මෙලෙස එක වරකට මිලි ලීටර් 50 ක ප්‍රමානයක් බැගින් දිනකට 3 වරක් ගත හැකි අයුරින් ගන්නා ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි කරන්න. කිසිම විටෙක දිනක් තුල මිලි ලීටර් 150 කට වඩා පාරිබෝජනය නොකරන්න.

මෙය දින 40ක් පුරා සිදු කල යුතු අතර වසරකට වරක් මෙය සිදු කිරීම මගින් සමස්ත ශරීරයේම විෂ හරණය වී නරක කොලොස්ටරෝල් මට්ටම් සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත හැක.

එයට අමතරව හොද කොලොස්ටරෝල් මට්ටම වර්ධනය කර ගෙන යහපත් හෘද සෞඛ්‍යක් මැරෙනා තුරා පවත්වා ගත හැක. මෙම ප්‍රතිකාරය ඇරඹි පළමු දින කිහිපය තුල ඔබට සේම තත්වයන් , හිසරදයන් ඇතුළු විවිධ අපහසුතා දැනුනත් ඒ පිලිබදව කිසි ලෙසකින් වත් බිය විය යුතු නෑ. ඒවායින් හැගවෙන්නේ අපගේ බෙහෙත මැනවින් සිරුර තුල ක්‍රියාත්මක වන බවයි

නළල ආසන්නයේ හිසකෙස් ගැලවීයාම සදහා සරල ප්‍රතිකාර ක්‍රම ටිකක් මෙන්න ඔබට මෙය පහසුවෙන්ම කරන්න පුළුවන්

ගොඩක් දෙනෙකුට තියෙන ලොකුම ගැටළුවක් තමයි නළල ආසන්නයේ හිසකෙස් ගැලවීයාම කියන්නේ ඉතින් මේ නිසා ඔබත් පිඩා විදින කෙනෙක් නම් අද අපි ඔබට ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන තමයි කියලා දෙන්න හිතුවේ…ඒ තමයි නළල ආසන්නයේ හිසකෙස් ගැලවීයාම සදහා සරල ප්‍රතිකාර ක්‍රම කිහිපයක්..ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

දවදවස් 07කින් මුහුණ සුදු කර කැළැල් සියල්ල මකන මේ විශ්මිත ආලේපය ඔබත් භාවිතා කරලා බලන්න

දවදවස් 07කින් මුහුණ සුදු කර කැළැල් සියල්ල මකන මේ විශ්මිත ආලේපය ඔබත් භාවිතා කරලා බලන්න. ගොඩක් දෙනෙක් දුක් විදින තවත් කාරණාවක් තමයි මේ මුහුණේ තිබෙන කැළැල් කියන්නේ ..ඉතින් අපි නිතර නිතර ඔබට මේ දේවල් ඉඅවත් කරන විදිය ගැන දැනුවත් කරලා තිබෙනවා…අද අපි ඔබව දැනුවත් කරන්න යන්නේ දවස් 07කින් මුහුණ සුදු කර කැළැල් සියල්ල මකන මේ විශ්මිත ආලේපය ගැන ..ඔබත් මේ ගැන දැනුවත් වෙන්න පහත video එක බලන්න……

බේකින් සෝඩා භාවිතා කරලා කහ පැහැ ගැන්වුණු දත් සුදෝ සුදු කරගන්නේ මෙන්න මෙහෙමයි

බේකින් සෝඩා භාවිතා කරලා කහ පැහැ ගැන්වුණු දත් සුදෝ සුදු කරගන්නේ මෙන්න මෙහෙමයි
අපි හැමදාම ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන නිතර නිතර කියලා දෙනවා නේ ..ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ ගොඩක් දෙනෙකුට තිබෙන තවත් ගැටළුවක් ගැන… ඒ තමයි අව පැහැ ගැන්වුණු දත් සුදු කරගන්න විදිය ගැන…ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

බැරි වෙලාවත් ඔබේ කනට මොකෙක් හරි රිංගුවොත් නොවරදවාම මෙන්න මේ දේවල් කරන්න

අපි එදින් එදා ජීවිතය ගත කරනකොට අපිට මුහුණ දෙන්න වෙන අපි නොසිතන දේවල් තිබෙනවා..ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ බැරි වෙලාවත් ඔබේ කනට මොකෙක් හරි රිංගුවොත් ඔබ කරන්න ඕන දේවල් ගැන …මේ ගැන දැනගන්න පහත ලිපිය කියවන්න….

උපුටා ගැනීම-http://tharunaya.com

යම් ලෙසකින් ඔබගේ කනට සතෙක් ඇතුළු වුවහොත් හෝ කනට යම් දෙයක් අහම්බෙන් ඇතුල් වුවහොත් එහිදී ඇතිවන වේදනාව අපහසුතාව කෙතරම් ද යන්න අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත.

එබැවින් මෙ වැනි අවස්ථාවකදී මූලිකව කළයුත්තේ කුමක්ද යන්න අප දැන සිටිය යුතුමය. මෙහිදී වි‍ශේෂයෙන් කුඩා දරුවෙකු මෙවැනි තත්ත්වකට කුඩා දරුවකු මුහුණ පෑ විට වඩාත් සැලකිලිමත් විය යුතුය.

කෙසේ වෙතත් ලොකු කුඩා කවර අයෙකු වේවා හදිසියේ මෙවැනි අවදානමකට මුහුණ දුන්නොත් කළ යුතු මූලික ප්‍රතිකර්ම මොනවාද යන්න මෙහිදී සාකච්ඡා කෙරේ.

01. අනතුරට මුහුණදුන් තැනැත්තාගේ කන උඩු අතට හරවා ජලය හෝ පොල්තෙල් කිසිදු බියකින් තොරව වක්කරන්න. එහිදී කනට අනතුරක් හානියක් වේ යැයි බියක් ඇතිකර නොගන්න. වැදගත් වන්නේ සතා ඉවතට ගැනීමයි

02. මෙසේ මිනිත්තු කිහිපයක් ජලය රැදෙන අතට බෙල්ල හරවාගෙන සිටින අතර කනට ඇතුළු වූ සතා ඉවතට පැමිණියේ දැයි පරීක්‍ෂා කර බලන්න.

03. සතා ඉවතට පැමිණියේ නැත්නම් අඬු හෝ වෙනත් උපකරණ භාවිතා කොට සතාව ඉවත් කිරීමට නොයන්න..

04. එහිදී යොදා ගන්නා උපකරණ නිසා හෝ සතාගේ අඬු නිසා කන අභ්‍යන්තරයේ පවතින සියුම් ස්නායුවලට හානි සිදුවිය හැකි බැවිනි.

05. කිනිතුල්ලන් වැනි සතුන් කනට ඇතුළු වුවහොත් කනට වතුර හෝ පොල්තෙල් නොදමන්න. අඬු භාවිතා කොට එම සතා ඉවත් නොකරන්න.

06. ඇතුළු වූ සත්ත්වයා කනෙන් පිටතට නොපැමිණෙන්නේ නම් හෝ කනට වෙනත් කුමන හෝ දෙයක් ඇතුල් ඇත්නම් හැකි ඉක්මනින් කළ යුතු වන්නේ උගුර, කන, නාසය සම්බන්ධ වෛද්‍යවරයකු වෙත ගොස් එම සතාව හෝ කනට ඇතුල් වූ දේ ඉවත් කර ගැනීමයි.

පුෂ්පා රම්‍යානි සොයිසා
කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිනී

කෝමාරිකා පිරිමින්ගේ ලොකුම ලෙඩේට කියාපු බෙහෙතක් බල බල ඉන්නේ නැතුව මේ ලෙඩේ තියෙන අය දැන්ම මෙය භාවිතා කරන්න

ගොඩක් පිරිමින් මේ ගැටලුව නිසා පිඩා විදිනවා… ඉතින් අද අපි දැනුවත් කරන්න යන්නේ පිරිමින්ගේ ලිංගික අප්‍රාණිකත්වය සදහා ඔබට පහසුවෙන් කරන්න පුළුවන් ස්වභාවික ප්‍රතිකාරයක් ගැන….මේ සදහා කෝමාරිකා භාවිතා කරන්න පුළුවන් ….ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…