මේ විටමින් වර්ග 6 ගන්න කොට සම පැහැපත් වෙනවා

අපේ සිරුරට අත්‍යාවශ්‍යම දෙයක් තමයි විටමින් කියන්නේ. සිරුරේ ක්‍රියාකාරීත්වයට වගේම පෙනුමටත් බොහොම වැදගත් වන විටමින් වර්ග අපේ ක්ෂණික ආහාර වේල් එක්ක දැන් හරියට නොලැබී ගිහින්. හැබැයි ඔබ මේ අපි කියන්න යන දේවල් දැනගත්තාම නම් අනිවාර්යයෙන්ම විටමින් ගැන සැලකිලිමත් වෙනවා.

ඔබේ සමේ වියළි බවක් සහ වර්ධනය වීම බොහොම ප්‍රමාද බවක් දැනිලා තියෙනවාද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔබේ ඇඟේ විටමින් A ඌණතාවයක් තියෙනවා. මේක තවත් දරුණු අතට හැරෙද්දී කෑම අරුචිය, වමනය සහ හිසරදයත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම කැරට් බතල, නිවිති, කිරි, බිත්තර, ඔබේ ආහාරයට එකතු කරගන්න.

විටමින් බී 6 අඩු වුණාම අපේ ශරීරයට ආගන්තුක දේවල් වලට ප්‍රතිවිරෝධී වෙන්න තිබෙන හැකියාව අඩු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විධියට සම මතුපිට සහ මුඛ කුහරයේ පළු හටගන්නවා. විටමින් බී 6 හොඳටම අඩු වුණාම අත්වල මෙන්ම කකුල්වල හිරි ගතියකුත් ඇති වෙනවා. එ නිසා මස්, පීකුදු, මාළු ආදිය හෝ ඔබ මස් මාළු කන්නේ නැත්නම් කඩල අනිවාර්යයෙන්ම ආහාරයට ගන්න වෙනවා.

මොළයේ ක්‍රියාකාරිත්වයට සහ මතක ශක්ති වර්ධනයට ඉවහල් වන විටමින් බී12 රතු රුධිර සෛල ජනනය කරන්නටත් දායක වෙනවා. මේ නිසා රක්තහීනතාව සහ පසුකාලීනව සමේ ආසාදන ඇතිවෙන එක වළක්වා ගන්නටත් පීකුදු, සැමන්, කෙළවල්ලා හෝ බලමාළුවල වගේම ධාන්‍ය වර්ගවලත් ඇති බී12 අපිට ලබා ගන්නට සිදු වෙනවා.

ඔබේ මුහුණ ලස්සන වෙන්න නම් ලස්සන සිනහවකුත් අවශ්‍ය වෙනවා. ඒත් වීදුරුමස් වලින් ලේ ගැලීම, ඉදිමීම් වැනි දේවල් නිතර ඇති වෙනවා නම් ඒ විටමින් සී අඩුවීම නිසා වෙන්නට පුළුවන්. මේක තවත් දුරදිග ගියොත් පාචනය සහ වකුගඩු ආබාධත් ඇති වෙන්න පුළුවන්. දොඩම්, කෙසෙල් වැනි කහ පැහැති පලතුරු වලින් ඉතාම පහසුවෙන් විටමින් සී ලබාගත හැකියි.

කාර්යබහුල ජීවිතයත් එක්ක අපිව දැන් උදෑසන හිරු එළියට නිරාවරණය වෙන්නේම නැති තරම්. මේ නිසාම කැල්සියම් අවශෝෂණයට, අස්ථි වර්ධනයට අත්‍යාවශ්‍ය විටමින් ඩී අපිට නොලැබී යාම නිසා පසුකාලීනව සිරුරේ බර අඩුවීම සහ අස්ථිවල ශක්තිමත් බව නැතිවීම වැනි රෝග තත්ත්ව ඇති වෙනවා.

ඉතින් ඔසෝන් ස්ථරය හානිවීමත් එක්ක දැන් හිරු එළිය විශ්වාස කරන්නටත් බැරි නිසා මෝර තෙල්, යෝගට්, දොඩම් යුෂ වගේ ආහාර වලින් ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම වැදගත් වෙනවා.

සමේ පැහැපත් බවට අත්‍යාවශ්‍යම සාධකයක් තමයි විටමින් ඊ කියන්නේ. හැබැයි මේවා ලබා ගන්න විවිධ කෘත්‍රීම ආලේපන, තෙල් වර්ග පාවිච්චි කරනවා වෙනුවට පලා වර්ග, රටකජු, පලතුරු යුෂ වගේම විටමින් ඊ එකතු කරපු මාගරින් වර්ග ආහාරයට ගන්න පුළුවන් නම් ඊට වඩා හොඳ ප්‍රතිඵල ස්වාභාවිකවම ලබා ගන්න පුළුවන්.

ඔබට මේ ලිපිය උපකාරී වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

තඹරු විජේසේකර

කොණ්ඩය ඉක්මණින් වවාගන්න ඕනෙනම් ඔබත් මෙන්න මේ ස්වභාවික සත්කාරය කරලා බලන්න

කොණ්ඩය ඉක්මණින් වවාගන්න ඕනෙනම් ඔබත් මෙන්න මේ ස්වභාවික සත්කාරය කරලා බලන්න
අපි හැමදාම වගේ කාන්තා ඔබට ගොඩක් වැදගත් වෙන දේවල් ගැන කියලා දෙනවා …ඉතින් අදත් අපි ඔබව දැනුවත් කරන්න යන්නේ කොණ්ඩය ඉක්මණින් වවා ගන්න කැමති අයට ස්වභාවික සත්කාරයක් ගැන …ඔබත් මෙන්න මේ සත්කාරය කරලා බලන්න….කොණ්ඩය ඉක්මණින් වවාගන්න ඔබටත් පුළුවන්…

මේකප් නැතුව නිළියක් වගේ ලස්සනට ඉන්න මේ ක්‍රම 10 ඔබත් භාවිතා කරන්න

මේකප් නැතුව නිළියක් වගේ ලස්සනට ඉන්න මේ ක්‍රම 10 ඔබත් භාවිතා කරන්න
කාන්තාවන් ගොඩක් දෙනෙක් ලස්සන වෙන්න භාවිතා කරන්නේ මේකප් එකෙක් තමයි …ඉතින් අද අපි ඔබට කියලා දෙන්න යන්නේ මේකප් නැතුව නිළියක් වගේ ලස්සනට ඉන්න පුළුවන් ක්‍රම 10ක් ගැන ඔබත් මේ ගැන දැනුවත් වෙන්න පහත video එක බලන්න……

තරුණ බව රැක ගන්න අවශ්‍ය නම් මේ ආහාර 10 කන්න එපා – මේ ආහාර වර්ග සම වියපත් කරනවා

පැහැපත් දිදුළන සමකට උරුමකම් කීමට කාන්තා පිරිමි භේදයකින් තොරව අපි සියළු දෙනාම ඉමහත් ඇල්මක් දක්වනවා. කොතරම් සම පිළිබඳව සැළකිලිමත් වුනත්, ව්‍යායාම් වල දිනපතා යෙදුනත්, නින්ද කොතරම් ලැබුනත්, ඔබේ සම තවමත් වයසට යාම නම් නැවතිලා නෑ කියල හිතිලා තියනවා නේද. කණ්නාඩියක් ඉදිරියට ගිහිල්ලා බැලුවම වයසට වඩා වයස පෙනුම ඇති සමක් දකීම අපි කවුරුත් කණගාටු වෙන දෙයක්. සම වයසට යාම කෙරෙහි අපගේ අහාර රටාවන්ගෙන් ඇති වන බලපෑම ඔබ පුදුමයට පත් කරනු නිසැකයි.

ඔබේ දිනපතා ආහාර රටාව පිළිබඳ විමසුවොත්, “මම ඕන දෙයක් කනවා. බර ගැන මම හිතන්නේ නෑ.” කියලා පිළිතුරු දෙන පිරිස තවමත් සමාජයේ වැඩියෙන් ඉන්නවා. තමන්ට ඕන දේ ඕන තරමක් කන එක හිතට මහත් තෘප්තියක් ගෙන දුන්නට ගතට නම් එකෙන් වෙන්නේ ලොකු හානියක්. සම වයසට යාම පමණක් නොව අපේ සෞඛ්‍ය තත්වය හොදින් පවත්වා ගෙන යාමටත් ප්‍රධානම යතුර වෙන්නේ, මධ්‍යස්ත බවයි. එනම් ආහාර තෝරා ගැනීමේදී, “මට ඕන තරම් කනවා” වෙනුවට, “ටිකක් කනවා ඇගට අවශ්‍ය තරමට” කියල වෙනස් වෙන්න ඕනේ.

දැන් අපි බලමු සම වයසට යාම නවතා ගන්න නම් ආහාරයෙන් අඩු කරගන්න ඕනේ මොනවද කියල.

පැණි රස ආහාර
සීනි අධික ආහාර භාවිතයෙන් අපේ රුධිරයේ සීනි මට්ටම ඉහල යනවා. අපේ සිරුරේ සෛල වලට දරා ගත නොහැකි මට්ටමෙන් සීනි ප්‍රමාණයක් ගැනීමෙන්, ඒවා ප්‍රෝටීන් සමග එකතු වෙලා AGES: Advanced Glycation End Products හදනවා. ඒ කියන්නේ සීනි සහ ප්‍රෝටීන් ප්‍රතික්‍රියාවේ අන්ත ඵල.මේ මගින් අපේ සමේ කොලජන් සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන වල නිශ්පාදනයට බාධා කරනවා. මේ ප්‍රෝටීන් වලින් තමයි සමේ ප්‍රත්‍යස්ථ බව, එනම ඇදෙන සුළු බව පවත්ව ගන්නේ. ඉතින් සීනි අධික භාවිතයෙන් සමේ මෙම ගුණය නැති වෙලා ගිහිල්ලා ඇදුණු ස්වභාවයක් ලබා දෙනවා. ඒ කියන්නේ වයසක පෙනුමක් එනවා. අපිට සීනි වෙනුවට භාවිත කරන්න පුළුවන්, කැලරි රහිත ආදේශක වෙළද පොලේ මිලදී ගන්න තියනවා. ආහාරයට මේවා යොදා ගැනීමෙන් නිසැකවම සමේ තරුණ පෙනුම රැක ගැනීමට උදවුවක් වෙනවා.

මද්‍යසාර
අධික මද්‍යසාර භාවිතය අක්මාවට පමණක් නොව සමටද දැඩි බලපෑමක් ඇති කරනවා කිවුවොත් පුදුම හිතෙනවා නේද? අපේ ශරීරයෙන් පිටවෙන ශරීරයටම විෂ ද්‍රව්‍ය තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ අක්මාවෙන් මේ විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා. නමුත් ඔබගේ අක්මාව නිසි අයුරින් ක්‍රියා නොකරයි නම් මේ විෂ මගින් සමට මෙන්ම ශරීරයට අහිතකර බලපෑම් එල්ල කරනවා. මේ නිසා සම දුර්වර්ණ වීම, රැළි වැටීම මෙන්ම සමේ කුරුලෑ ඇතිවීමද දක්නට පුළුවන්. එමෙන්ම මද්‍යසාර භාවිතයෙන් සම අවලස්සන රතු පැහැයක් ගනීමටද පුළුවන්. මෙය ඇති වන්නේ සමේ මතුපිට ඇති රුධිර නාල ප්‍රසාරණය වීමෙන්.

අධිකව භාවිත නොකලත් මදක් භාවිත කරන කෙනෙකුට වුනත් සම වියලීම, සමේ රැළි ඇති වීම වගේ සංකුලතා ඇති වෙනවා. තවද, අක්මාව මගින් ඇල්කොහෝල් බිඳ දැමීමේදී නිපදවන අපද්‍රව්‍ය මගින්ද සමට ඉතා අහිතකර බලපෑම් ඇති වෙනවා. තවද ඇල්කොහොල් මගින් සම විජලනයට පත් කරනවා. ඔබගේ නින්දට බාධා පමුණුවනවා. නිසි නින්දක් නොලැබීමෙන් සම වයසට යන එක අපි හැමෝම හොදට දන්නා කරුණක්. මෙමගින් සමේ දුර්වර්ණ ලප ඇති වීම මෙන්මරැළිවටීම වැඩි කරන බවයි විද්වතුන්ගේ මතය.

පිළිස්සූ මස්
පිළිස්සූ හෝ ඕනෑවට වඩා පිසින ලද මස් වර්ග වලින් සම මත ප්‍රදාහයක්, නැතහොත් ඉදිමුමක් ඇති කරන ද්‍රව්‍ය නිකුත් වෙනවා. මේ නිසා සමේ කොලජන් බිදී යාමක් සිදු වෙනවා. කලින් කිවුව වගේ මේකෙනුත් සම රැළි වැටීම් සිදු වෙනවා. බාබකිවු කරපු මස් වර්ග මීට පස්සේ ආහාරයට ගන්න කලින් කළු වෙලා අධිකව පිළිස්සුනු කොටස් ඉවත් කිරීමට මතක තබා ගන්න ඕනේ.

ලුණු අඩංගු ආහාර
සෝඩියම් අධික ආහාර වලින් සමේ පිම්බුණු ස්වභාවයක් ඇති කරනවා. මේ මගින් සමේ ස්වභාවික පෙනුම නැති කර වයසට වඩා වයස පෙනුමක් ලබා දෙනවා. සෝඩියම් අධික ආහාරයකි ලුණු. මේ විතරක් නෙමේ ලුණු වලින් ඔබගේ රුධිර පීඩනයද වැඩි කරනවා.

සකසන ලද මස්
සොසේජස්, හොට් ඩෝග්, බේකන් වගේ කෑම වලට ලොකු කුඩා කවුරත් ලොකු ප්‍රියතාවයක් දක්වනවා. නමුත් මේ මගින් සම ප්‍රදාහයට පත් කරනවා, එනම සම මත ඉදිමුමක් ඇති කරනවා. එයට හේතු වන්නේ මේ මස් වර්ග කල් තබා ගැනීමට යොදන ද්‍රව්‍ය. මේ නිසා සම වයසට යාම වේගවත් කරනවා. මේකට පිලියමක් ලෙස, මෙම මස් වර්ග ආහාරයට ගන්න අතරතුර පලතුරු එලවළුද වැඩිපුර භාවිතය මගින් මේ ප්‍රතිඵල අඩු කරගන්න පුළුවන් කියලයි විද්වත් මතය.

කුළුබඩු
ම්රිස් සහ කුළුබඩු අධික ආහාර මගින්ද පෙර කතා කල අයුරින් සම අවලස්සන රතු පැහැයකට හැරෙනවා, මෙය සිදුවන්නේද සමේ රුධිර නාල ප්‍රසාරණය වීමෙන්. දිහින් දිගටම කුළුබඩු වර්ග අධිකව යොදා ගැනීම නිසා මෙම රතු පැහැය ස්ථිර වර්ණය බවට පත් වෙන්න පුළුවන්. කුළුබඩු ආහාරයට යොදා ගන්න එපා කියලා නෙමේ කියන්නේ, නමුත් භාවිතය අවශ්‍ය පමණට පමණක් යෙදීම සිදු කරන්න ඕනේ.

සංතෘප්ත මේදය
සංපූර්ණ යොදය සහිත කිරි වැනි සංතෘප්ත මේදය අධික ආහාර සැමට අහිතකර බව ඔබ දැන සිටියාද? මේ මගින් සම මත මේදය ක්‍රියා කර සම ඉදිමුමක් ඇති කර සම වයසට ගිය පෙනුමක් ලබාදෙනවා.

කැෆේන් භාවිතය
කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර නිතර භාවිතය මගින් සම විජලයනට ලක් වන අතර මේ නිසා සම වයසට යනවා. කෝපි වෙනුවට ජලය භාවිතය වඩාත් සුදුසුයි කියලයි රුපලාවන්‍ය වේදීන්ගේ මතය.

ට්‍රාන්ස් මේදය
හදවත් රෝග වලට මෙන්ම සමටද ට්‍රාන්ස් මේදය ඉතා අහිතකරයි. ට්‍රාන්ස් මේදය කියන්නේ අපිට එදිනෙදා හමුවන මේදය සහිත ආහාර වල තියෙන අහිතකර මේද කොටසක්. විශේෂයෙන් කෘතීමව නිපදවන ආහාර වල මෙය බහුලව හමුවෙනවා.මේවා මගින් ද සමේ කොලජන් වලට හානි කරලා සමේ ප්‍රත්‍යස්ථබව නැති කර රැළි වැටුණු ස්වභාවයක් පෙන්වනවා. තවද සමේ ට්‍රාන්ස් මේදය තැන්පත් වීම නිසා සම මත වටෙන පාරජම්බුල කිරණ වලින් ඇති කරන බලපෑමද වැඩි කරනවා. මෙය සම වයසට යමක් සිදුවෙන්න පුළුවන් අංක 1 සාධකයක් ලෙසටයි සැලකෙන්නේ.

රතු මස්
රතු පැහැ මස් වර්ග ආහාරයට ගත් පසු ශරීරය තුල ජීරණයේදී මුක්ත ඛණ්ඩ නම් ශරීරයට විෂ ද්‍රව්‍යයක් පිට කරනවා. මේ මගින්ද කොලජන් නිශ්පාදනයට බාධා කරනවා. සම රැළි වැටුණු පෙනුමක් ලබා දෙන අතර සම දුර්වර්ණ වීමක්ද සිදු විය හැකියි. මස් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වනවා නම් රතු පැහැය අඩු චිකන් වැනි මස් වර්ග භාවිතය වඩාත් සුදුසු වෙනවා.

ඉතින් මේ වගේ ආහාර පාවිච්චිය අඩු කලොත් ඔබටත් ඔබ බලාපොරොත්තු වෙන ලස්සන පැහැපත් තරුණ පෙනුමක් යුතු සමක් ලබා ගැනීමට පුළුවන් වෙනවා

අකලට කෙස් පැසීම නවතා හිසකෙස් දිගුව හා ඝනව වර්ධනය කරන ස්වාභාවික පෝෂණ සත්කාරයක් – සතියකට වරක් කරන්න

කළුවන් හා ඝන දිගු කෙස් කළඹක් කාන්තාවකට එක් කරන්නේ මනා සුන්දරත්වයක්. යන යන තැන කැපී පෙනෙන්නට මෙවැනි කෙස් කළඹක් තිබෙන කාන්තාවන්ට හැකියාව ලැබෙනවා. නමුත් මෙවැනි කෙස් වැටියක් ලබා ගැනීම බොහෝ දෙනෙකුට සිහිනයක් පමණයි. ඒකට හේතුව ලෙස අප වර්තමානයේ ගත කරන ඉතාම කාර්යබහුල දිවි පෙවෙත හා සෞඛ්‍යආරක්‍ෂිත නොවන පුරුදු එක එල්ලේම පෙන්වා දෙන්න පුළුවන්.

කාර්යබහුලත්වය නිසා අපි බොහෝ වෙලාවට කෙස් කළඹේ පෝෂණය ගැන සාත්තුව ගැන අවධානය යොමු කරන්නේ නෑ. මේ නිසා සිදු වන්නේ දිනෙන දින හිස කෙස් දුර්වල වී හිසකෙස් ආශ්‍රිතව විවිධ ප්‍රශ්න මතු වීමයි. ඒ වගේම අපි පහසුව තකා හිසකෙස් සේදීම හා ලස්සන කිරීම සදහා භාවිතා කරන ෂැම්පු වර්ග , ඩයි වර්ග වැනි කෘතීම නිෂ්පාධන වර්ග මගින් හිස්කබලේ නිරෝගීතාවයට විශාල හානියක් සිදු වෙනවා.

හිසකෙස් දිගුව හා ඝනව වවා ගැනීමට අවශ්‍ය නම් ස්වාභාවික සත්කාර අනුගමනය කිරීම තමයි සුදුසුම දේ වෙන්නේ. අද විශ්ම ලෝකයෙන් අපි ඔබට එවැනි එක් බලගතු ස්වාභාවික සත්කාරයක් කියා දෙනවා. මෙමගින් අකලට සුදු වූ හිසකෙස් නැවත කාල වර්ණයට හරවා ගැනීමටත් පුළුවන්. මේ සදහා අපි අමුද්‍රව්‍ය 3ක් භාවිතා කරන අතර ඒවා සියල්ල හිසකෙස් හා හිස්කබලේ පෝෂණය මනාව වර්ධනය කරයි.

දැන් අපි බලමු ඒවා මොනවාද කියලා

ඉඟුරු
ඉඟුරු තුල අඩංගු වන විටමින් , පොස්පරස් , මැග්නීසියම් හා පොටෑසියම් මගින් හිසකෙස් මුල වලට අවශ්‍ය කරන පෝෂණය සපයා ඒවා ශක්තිමත් කර හිස කෙස් අනවශ්‍ය ලෙස ගැලවී යාම වළකනවා. ඒ වගේම ඉඟුරු සතු ප්‍රති -ක්ෂුද්‍රජීවි හැකියාව මගින් හිස් කබලේ තෙතමනය නිසි පරිදි සකසා වියලි බව නැති කිරීම , හිස්හොරි පාලනය කිරීමද සිදු කරනවා. මේ සියල්ලේ ප්‍රතිපලයක් ලෙස අවසානයේ හිසකෙස් වර්ධනය වීමේ ක්‍රියාවලියට විශාල උත්තේජනයක් සැපයෙනවා.

මී පැණි
මේ සදහා ඔබ වෙළදපොලෙන් පිරිසිදු මී පැණි සොයා ගත යුතුයි. මී පැණි තුල අඩංගු වන පෝෂණ සංගටක හා එන්සයිම මගින් හිස කෙස් වල උදාසීන ගතිය නැති කර දිදුළන ගතියක් ලබා දෙනවා. මෙයට අමතරව මී පැණි මගින් හිස්කබලේ තෙතමනය මනාව පාලනය කිරීමද සිදු කරනවා

ඔලිව් තෙල්
ඔලිව් තෙල් සතු බලය ගැන ඔබට අමුතුවෙන් කියා දිය යුතු නෑ. මීට පෙරද විශ්ම ලෝකය වෙබ් අඩවිය තුලින් අප නිතර නිතර ඔලිව් තෙල් මගින් ලබා ගත හැකි සෞඛ්‍ය වාසි ගැන කතා කළා. හිසකෙස් වල නිරෝගිතාවය පවත්වා ගන්න ඔලිව් තෙල් කියන්නේ කියා නිම කල නොහැකි බෙහෙතක්.

ඔලිව් තෙල් තුල විටමින් A , විටමින් E හා ප්‍රතිඔක්සිකාරක යහමින් අඩංගු වන අතර තෙතමනකාරක ගුණයෙන්ද යුක්තයි. මේ නිසා අගිස් පැලීම , හිසකෙස් කැඩී යාම , දුර්වර්ණ වීම , මලානික හා උදාසීන වීම වැනි බාහිරට ඉතාම අවලස්සනතාවයක් එකතු කරන ප්‍රශ්න , ඔලිව් තෙල් බින්දු කිහිපයක් මගින් ඉතාම පහසුවෙන් විසදා ගත හැකියි

අපි දැන් බලමු මේ ස්වාභාවික අමුද්‍රව්‍ය 3 භාවිතා කරලා කොහොමද අපේ සත්කාරය කරගන්නේ කියලා

අවශ්‍ය ප්‍රමාණයන්

පිරිසිදු මී පැණි මේස හැඳි 1
කුඩා ඉඟුරු කැබැල්ලක්
ඔලිව් තෙල් මේස හැඳි 1ක්

ප්‍රථමයෙන් ඉඟුරු කැබැල්ලේ පොතු හැර කුඩා කැබලි වලට කපා අඹරා යුෂ මිරිකා ගන්න. එම යුෂ කුඩා විදුරු බදුනකට දමා එයට මී පැණි හා ඔලිව් තෙල්ද එකතු කර හොදින් මිශ්‍ර කරන්න. දැන් මෙම මිශ්‍රණය තෙත කොණ්ඩය මත ආලේප කර හිස්කබලට හොදින් වදින සේ සම්බාහනය කර විනාඩි 40ක් පමණ තිබෙන්නට හරින්න. පසුව සාමාන්‍ය පරිදි සෝදා හරින්න.

මෙය සතියකට වරක් සිදු කිරීම ප්‍රමාණවත්. ඉතින් ඔබ සිහින දකිමින් සිටින සුන්දර දිගු කළුවන් ඝන වරලසක් ලබා ගැනීමට මෙම පෝෂණ සත්කාරය නොනවත්වා අප කියූ පරිදි අනුගමනය කරන්න. ඔබට සුබ දවසක් !!!

බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් ඉවත්කර ගන්න පහසු ක්‍රමයක් මෙන්න බලන්න

ගොඩක් දෙනෙක් මුහුණ දෙන විශාල ගැටළුවක් තමයි මේ බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් කියන්නේ ඉතින් ඔබත් මේ ගැටලුවෙන් පිඩා විදින කෙනෙක් නම් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ බ්ලැක්හෙඩ්ස් සහ වයිට්හෙඩ්ස් ඉවත්කර ගන්න පහසු ක්‍රමයක් ගැන ඔබත් මේ ගැන දැනගන්න පහත video එක බලන්න…

වැස්ලින් වලට මේ ද්‍රව්‍ය දෙක මිශ්‍ර කරලා ආලේප කරන්න ඔබටම පුදුම හිතෙයි ඔබේම වෙනස දැකලා

වැස්ලින් වලට මේ ද්‍රව්‍ය දෙක මිශ්‍ර කරලා ආලේප කරන්න ඔබටම පුදුම හිතෙයි ඔබේම වෙනස දැකලා
ගොඩක් කාන්තාවන් කැමති ලස්සන වෙන්න..ඉතින් මේ නිසා නොයෙක් නොයෙක් දේවල් භාවිතා කරලා ලස්සන වෙන්න කාන්තා හැමෝම කැමති ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ වැස්ලින් වලට මේ ද්‍රව්‍ය දෙක මිශ්‍ර කරලා ආලේප කරන්න…..ඔබට හිත ගන්න බැරි වෙනසක් ලැබෙයි. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

දන්තාලේප මුහුණේ ආලේප කර සිදුවන වෙනස බලන්න ඔබ පුදුම වේවි

අපි ගොඩක් දෙනෙක් නොදන්නා දේවල් රැසක් තිබෙනවාඅපි හැමදාම ඔබ නොදන්නා පුදුම හිතෙන දේවල් ගැන දැනුවත් කරනවා..අදත් ඔබව දැනුවත් කරන්නේ ඒ වගේ දෙයක් ගැන..ඔබ දත් මදින්න දන්තාලේප භාවිතා කරනවා නේද? නමුත් මේවා භාවිතා කර වෙන දෙයක් ඔබට කරන්න පුළුවන්…දන්තාලේප මුහුණේ ආලේප කර සිදුවන වෙනස හරියටම දැනගන්න පහත video එක බලන්න..යහළුවන්ටත් බලන්න share කරන්න

ඔබගේ සිරුරේ ඕනෑම ස්ථානයක් සුදු කරන ආලේපනයක් මෙන්න බලන්න

අපි හැමෝම කැමති ලස්සනට සුදුවට ඉන්න ..ඉතින් අපි අද ඔබට කියලා දෙන්න යන්නේ ඉතාමත් වටිනා දෙයක් ගැන..ඔබගේ සිරුරේ ඕනෑම ස්ථානයක් සුදු කරන ආලේපනයක් නිවසේදීම පහසුවෙන් හදාගන්න විදිය මෙන්න..ඔබත් මේ වටිනා video එක බලන්න…අනිත් අයටත් බලන්න share කරන්න අමතක කරන්න එපා..

කොණ්ඩය ඉතා වේගයෙන් වර්ධනය කරගන්න ස්වභාවික පහසු ක්‍රමයක් මෙන්න

අපි හැමදාම වගේ කාන්තාවන්ගේ හිසකෙස් වර්ධනය කරගන්න ස්වභාවික ඔසු ගැන දැනුවත් කරනවා…කාන්තාවන්ගේ ලස්සන ගොඩක් වැඩි වෙන්නේ හිසකෙස් දිගට තිබුනම කියලා ඔබ නොදන්නා රහසක් නොවෙයි නේ..අපි අදත් ඔබට කියලා දෙන්න යන්නේ කොණ්ඩය ඉතා වේගයෙන් වර්ධනය කරගන්න ස්වභාවික පහසු ක්‍රමයක් ගැන ඔබත් මේ වටිනා ක්‍රමය ගැන දැනුවත් වෙන්න ….ඔබගේ යහළුවනත් බලන්න share කරන්න.