මේ විටමින් වර්ග 6 ගන්න කොට සම පැහැපත් වෙනවා

අපේ සිරුරට අත්‍යාවශ්‍යම දෙයක් තමයි විටමින් කියන්නේ. සිරුරේ ක්‍රියාකාරීත්වයට වගේම පෙනුමටත් බොහොම වැදගත් වන විටමින් වර්ග අපේ ක්ෂණික ආහාර වේල් එක්ක දැන් හරියට නොලැබී ගිහින්. හැබැයි ඔබ මේ අපි කියන්න යන දේවල් දැනගත්තාම නම් අනිවාර්යයෙන්ම විටමින් ගැන සැලකිලිමත් වෙනවා.

ඔබේ සමේ වියළි බවක් සහ වර්ධනය වීම බොහොම ප්‍රමාද බවක් දැනිලා තියෙනවාද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔබේ ඇඟේ විටමින් A ඌණතාවයක් තියෙනවා. මේක තවත් දරුණු අතට හැරෙද්දී කෑම අරුචිය, වමනය සහ හිසරදයත් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා දැන්ම කැරට් බතල, නිවිති, කිරි, බිත්තර, ඔබේ ආහාරයට එකතු කරගන්න.

විටමින් බී 6 අඩු වුණාම අපේ ශරීරයට ආගන්තුක දේවල් වලට ප්‍රතිවිරෝධී වෙන්න තිබෙන හැකියාව අඩු වෙනවා. මෙහි ප්‍රතිඵලයක් විධියට සම මතුපිට සහ මුඛ කුහරයේ පළු හටගන්නවා. විටමින් බී 6 හොඳටම අඩු වුණාම අත්වල මෙන්ම කකුල්වල හිරි ගතියකුත් ඇති වෙනවා. එ නිසා මස්, පීකුදු, මාළු ආදිය හෝ ඔබ මස් මාළු කන්නේ නැත්නම් කඩල අනිවාර්යයෙන්ම ආහාරයට ගන්න වෙනවා.

මොළයේ ක්‍රියාකාරිත්වයට සහ මතක ශක්ති වර්ධනයට ඉවහල් වන විටමින් බී12 රතු රුධිර සෛල ජනනය කරන්නටත් දායක වෙනවා. මේ නිසා රක්තහීනතාව සහ පසුකාලීනව සමේ ආසාදන ඇතිවෙන එක වළක්වා ගන්නටත් පීකුදු, සැමන්, කෙළවල්ලා හෝ බලමාළුවල වගේම ධාන්‍ය වර්ගවලත් ඇති බී12 අපිට ලබා ගන්නට සිදු වෙනවා.

ඔබේ මුහුණ ලස්සන වෙන්න නම් ලස්සන සිනහවකුත් අවශ්‍ය වෙනවා. ඒත් වීදුරුමස් වලින් ලේ ගැලීම, ඉදිමීම් වැනි දේවල් නිතර ඇති වෙනවා නම් ඒ විටමින් සී අඩුවීම නිසා වෙන්නට පුළුවන්. මේක තවත් දුරදිග ගියොත් පාචනය සහ වකුගඩු ආබාධත් ඇති වෙන්න පුළුවන්. දොඩම්, කෙසෙල් වැනි කහ පැහැති පලතුරු වලින් ඉතාම පහසුවෙන් විටමින් සී ලබාගත හැකියි.

කාර්යබහුල ජීවිතයත් එක්ක අපිව දැන් උදෑසන හිරු එළියට නිරාවරණය වෙන්නේම නැති තරම්. මේ නිසාම කැල්සියම් අවශෝෂණයට, අස්ථි වර්ධනයට අත්‍යාවශ්‍ය විටමින් ඩී අපිට නොලැබී යාම නිසා පසුකාලීනව සිරුරේ බර අඩුවීම සහ අස්ථිවල ශක්තිමත් බව නැතිවීම වැනි රෝග තත්ත්ව ඇති වෙනවා.

ඉතින් ඔසෝන් ස්ථරය හානිවීමත් එක්ක දැන් හිරු එළිය විශ්වාස කරන්නටත් බැරි නිසා මෝර තෙල්, යෝගට්, දොඩම් යුෂ වගේ ආහාර වලින් ඒ අවශ්‍යතාවය සපුරා ගැනීම වැදගත් වෙනවා.

සමේ පැහැපත් බවට අත්‍යාවශ්‍යම සාධකයක් තමයි විටමින් ඊ කියන්නේ. හැබැයි මේවා ලබා ගන්න විවිධ කෘත්‍රීම ආලේපන, තෙල් වර්ග පාවිච්චි කරනවා වෙනුවට පලා වර්ග, රටකජු, පලතුරු යුෂ වගේම විටමින් ඊ එකතු කරපු මාගරින් වර්ග ආහාරයට ගන්න පුළුවන් නම් ඊට වඩා හොඳ ප්‍රතිඵල ස්වාභාවිකවම ලබා ගන්න පුළුවන්.

ඔබට මේ ලිපිය උපකාරී වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

තඹරු විජේසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *