තරුණ බව රැක ගන්න අවශ්‍ය නම් මේ ආහාර 10 කන්න එපා – මේ ආහාර වර්ග සම වියපත් කරනවා

පැහැපත් දිදුළන සමකට උරුමකම් කීමට කාන්තා පිරිමි භේදයකින් තොරව අපි සියළු දෙනාම ඉමහත් ඇල්මක් දක්වනවා. කොතරම් සම පිළිබඳව සැළකිලිමත් වුනත්, ව්‍යායාම් වල දිනපතා යෙදුනත්, නින්ද කොතරම් ලැබුනත්, ඔබේ සම තවමත් වයසට යාම නම් නැවතිලා නෑ කියල හිතිලා තියනවා නේද. කණ්නාඩියක් ඉදිරියට ගිහිල්ලා බැලුවම වයසට වඩා වයස පෙනුම ඇති සමක් දකීම අපි කවුරුත් කණගාටු වෙන දෙයක්. සම වයසට යාම කෙරෙහි අපගේ අහාර රටාවන්ගෙන් ඇති වන බලපෑම ඔබ පුදුමයට පත් කරනු නිසැකයි.

ඔබේ දිනපතා ආහාර රටාව පිළිබඳ විමසුවොත්, “මම ඕන දෙයක් කනවා. බර ගැන මම හිතන්නේ නෑ.” කියලා පිළිතුරු දෙන පිරිස තවමත් සමාජයේ වැඩියෙන් ඉන්නවා. තමන්ට ඕන දේ ඕන තරමක් කන එක හිතට මහත් තෘප්තියක් ගෙන දුන්නට ගතට නම් එකෙන් වෙන්නේ ලොකු හානියක්. සම වයසට යාම පමණක් නොව අපේ සෞඛ්‍ය තත්වය හොදින් පවත්වා ගෙන යාමටත් ප්‍රධානම යතුර වෙන්නේ, මධ්‍යස්ත බවයි. එනම් ආහාර තෝරා ගැනීමේදී, “මට ඕන තරම් කනවා” වෙනුවට, “ටිකක් කනවා ඇගට අවශ්‍ය තරමට” කියල වෙනස් වෙන්න ඕනේ.

දැන් අපි බලමු සම වයසට යාම නවතා ගන්න නම් ආහාරයෙන් අඩු කරගන්න ඕනේ මොනවද කියල.

පැණි රස ආහාර
සීනි අධික ආහාර භාවිතයෙන් අපේ රුධිරයේ සීනි මට්ටම ඉහල යනවා. අපේ සිරුරේ සෛල වලට දරා ගත නොහැකි මට්ටමෙන් සීනි ප්‍රමාණයක් ගැනීමෙන්, ඒවා ප්‍රෝටීන් සමග එකතු වෙලා AGES: Advanced Glycation End Products හදනවා. ඒ කියන්නේ සීනි සහ ප්‍රෝටීන් ප්‍රතික්‍රියාවේ අන්ත ඵල.මේ මගින් අපේ සමේ කොලජන් සහ ඉලාස්ටින් කියන ප්‍රෝටීන වල නිශ්පාදනයට බාධා කරනවා. මේ ප්‍රෝටීන් වලින් තමයි සමේ ප්‍රත්‍යස්ථ බව, එනම ඇදෙන සුළු බව පවත්ව ගන්නේ. ඉතින් සීනි අධික භාවිතයෙන් සමේ මෙම ගුණය නැති වෙලා ගිහිල්ලා ඇදුණු ස්වභාවයක් ලබා දෙනවා. ඒ කියන්නේ වයසක පෙනුමක් එනවා. අපිට සීනි වෙනුවට භාවිත කරන්න පුළුවන්, කැලරි රහිත ආදේශක වෙළද පොලේ මිලදී ගන්න තියනවා. ආහාරයට මේවා යොදා ගැනීමෙන් නිසැකවම සමේ තරුණ පෙනුම රැක ගැනීමට උදවුවක් වෙනවා.

මද්‍යසාර
අධික මද්‍යසාර භාවිතය අක්මාවට පමණක් නොව සමටද දැඩි බලපෑමක් ඇති කරනවා කිවුවොත් පුදුම හිතෙනවා නේද? අපේ ශරීරයෙන් පිටවෙන ශරීරයටම විෂ ද්‍රව්‍ය තිබෙනවා. සාමාන්‍යයෙන් අපේ අක්මාවෙන් මේ විෂ ද්‍රව්‍ය ඉවත් කරනවා. නමුත් ඔබගේ අක්මාව නිසි අයුරින් ක්‍රියා නොකරයි නම් මේ විෂ මගින් සමට මෙන්ම ශරීරයට අහිතකර බලපෑම් එල්ල කරනවා. මේ නිසා සම දුර්වර්ණ වීම, රැළි වැටීම මෙන්ම සමේ කුරුලෑ ඇතිවීමද දක්නට පුළුවන්. එමෙන්ම මද්‍යසාර භාවිතයෙන් සම අවලස්සන රතු පැහැයක් ගනීමටද පුළුවන්. මෙය ඇති වන්නේ සමේ මතුපිට ඇති රුධිර නාල ප්‍රසාරණය වීමෙන්.

අධිකව භාවිත නොකලත් මදක් භාවිත කරන කෙනෙකුට වුනත් සම වියලීම, සමේ රැළි ඇති වීම වගේ සංකුලතා ඇති වෙනවා. තවද, අක්මාව මගින් ඇල්කොහෝල් බිඳ දැමීමේදී නිපදවන අපද්‍රව්‍ය මගින්ද සමට ඉතා අහිතකර බලපෑම් ඇති වෙනවා. තවද ඇල්කොහොල් මගින් සම විජලනයට පත් කරනවා. ඔබගේ නින්දට බාධා පමුණුවනවා. නිසි නින්දක් නොලැබීමෙන් සම වයසට යන එක අපි හැමෝම හොදට දන්නා කරුණක්. මෙමගින් සමේ දුර්වර්ණ ලප ඇති වීම මෙන්මරැළිවටීම වැඩි කරන බවයි විද්වතුන්ගේ මතය.

පිළිස්සූ මස්
පිළිස්සූ හෝ ඕනෑවට වඩා පිසින ලද මස් වර්ග වලින් සම මත ප්‍රදාහයක්, නැතහොත් ඉදිමුමක් ඇති කරන ද්‍රව්‍ය නිකුත් වෙනවා. මේ නිසා සමේ කොලජන් බිදී යාමක් සිදු වෙනවා. කලින් කිවුව වගේ මේකෙනුත් සම රැළි වැටීම් සිදු වෙනවා. බාබකිවු කරපු මස් වර්ග මීට පස්සේ ආහාරයට ගන්න කලින් කළු වෙලා අධිකව පිළිස්සුනු කොටස් ඉවත් කිරීමට මතක තබා ගන්න ඕනේ.

ලුණු අඩංගු ආහාර
සෝඩියම් අධික ආහාර වලින් සමේ පිම්බුණු ස්වභාවයක් ඇති කරනවා. මේ මගින් සමේ ස්වභාවික පෙනුම නැති කර වයසට වඩා වයස පෙනුමක් ලබා දෙනවා. සෝඩියම් අධික ආහාරයකි ලුණු. මේ විතරක් නෙමේ ලුණු වලින් ඔබගේ රුධිර පීඩනයද වැඩි කරනවා.

සකසන ලද මස්
සොසේජස්, හොට් ඩෝග්, බේකන් වගේ කෑම වලට ලොකු කුඩා කවුරත් ලොකු ප්‍රියතාවයක් දක්වනවා. නමුත් මේ මගින් සම ප්‍රදාහයට පත් කරනවා, එනම සම මත ඉදිමුමක් ඇති කරනවා. එයට හේතු වන්නේ මේ මස් වර්ග කල් තබා ගැනීමට යොදන ද්‍රව්‍ය. මේ නිසා සම වයසට යාම වේගවත් කරනවා. මේකට පිලියමක් ලෙස, මෙම මස් වර්ග ආහාරයට ගන්න අතරතුර පලතුරු එලවළුද වැඩිපුර භාවිතය මගින් මේ ප්‍රතිඵල අඩු කරගන්න පුළුවන් කියලයි විද්වත් මතය.

කුළුබඩු
ම්රිස් සහ කුළුබඩු අධික ආහාර මගින්ද පෙර කතා කල අයුරින් සම අවලස්සන රතු පැහැයකට හැරෙනවා, මෙය සිදුවන්නේද සමේ රුධිර නාල ප්‍රසාරණය වීමෙන්. දිහින් දිගටම කුළුබඩු වර්ග අධිකව යොදා ගැනීම නිසා මෙම රතු පැහැය ස්ථිර වර්ණය බවට පත් වෙන්න පුළුවන්. කුළුබඩු ආහාරයට යොදා ගන්න එපා කියලා නෙමේ කියන්නේ, නමුත් භාවිතය අවශ්‍ය පමණට පමණක් යෙදීම සිදු කරන්න ඕනේ.

සංතෘප්ත මේදය
සංපූර්ණ යොදය සහිත කිරි වැනි සංතෘප්ත මේදය අධික ආහාර සැමට අහිතකර බව ඔබ දැන සිටියාද? මේ මගින් සම මත මේදය ක්‍රියා කර සම ඉදිමුමක් ඇති කර සම වයසට ගිය පෙනුමක් ලබාදෙනවා.

කැෆේන් භාවිතය
කෝපි වැනි කැෆේන් අඩංගු ආහාර නිතර භාවිතය මගින් සම විජලයනට ලක් වන අතර මේ නිසා සම වයසට යනවා. කෝපි වෙනුවට ජලය භාවිතය වඩාත් සුදුසුයි කියලයි රුපලාවන්‍ය වේදීන්ගේ මතය.

ට්‍රාන්ස් මේදය
හදවත් රෝග වලට මෙන්ම සමටද ට්‍රාන්ස් මේදය ඉතා අහිතකරයි. ට්‍රාන්ස් මේදය කියන්නේ අපිට එදිනෙදා හමුවන මේදය සහිත ආහාර වල තියෙන අහිතකර මේද කොටසක්. විශේෂයෙන් කෘතීමව නිපදවන ආහාර වල මෙය බහුලව හමුවෙනවා.මේවා මගින් ද සමේ කොලජන් වලට හානි කරලා සමේ ප්‍රත්‍යස්ථබව නැති කර රැළි වැටුණු ස්වභාවයක් පෙන්වනවා. තවද සමේ ට්‍රාන්ස් මේදය තැන්පත් වීම නිසා සම මත වටෙන පාරජම්බුල කිරණ වලින් ඇති කරන බලපෑමද වැඩි කරනවා. මෙය සම වයසට යමක් සිදුවෙන්න පුළුවන් අංක 1 සාධකයක් ලෙසටයි සැලකෙන්නේ.

රතු මස්
රතු පැහැ මස් වර්ග ආහාරයට ගත් පසු ශරීරය තුල ජීරණයේදී මුක්ත ඛණ්ඩ නම් ශරීරයට විෂ ද්‍රව්‍යයක් පිට කරනවා. මේ මගින්ද කොලජන් නිශ්පාදනයට බාධා කරනවා. සම රැළි වැටුණු පෙනුමක් ලබා දෙන අතර සම දුර්වර්ණ වීමක්ද සිදු විය හැකියි. මස් ආහාරයට ගැනීමට ප්‍රියතාවයක් දක්වනවා නම් රතු පැහැය අඩු චිකන් වැනි මස් වර්ග භාවිතය වඩාත් සුදුසු වෙනවා.

ඉතින් මේ වගේ ආහාර පාවිච්චිය අඩු කලොත් ඔබටත් ඔබ බලාපොරොත්තු වෙන ලස්සන පැහැපත් තරුණ පෙනුමක් යුතු සමක් ලබා ගැනීමට පුළුවන් වෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *