උදාරිගෙන් වෙන්වූ සංගීත්..ශාලිකා සමග තිබෙනා ප්‍රේමය ගැන ශාලිකා පළමු වරට සියලු දේම හෙළි කරයි.

ශාලිකා එදිරිසිංහ කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිණියක්.ඉතින් ශාලිකා ගැන මේ දිනවල හැමතැනම කටකතාවක් පැතිරෙමින් පවතිනවා.ඒ උදාරිගෙන් වෙන්වූ සංගීත් සතරසිංහ සමග පෙම් සබඳතාවයක් ඇති බවට.මෙන්න ඒ සියලු දේ පිළිබඳව සුරූපී නිලි ශාලිකා කිව්ව කතාව පහත වීඩියෝව තුලින් නරඹන්න

“මම හොයපු සතුට නෝනට දෙන්න බැරිවුණා..අවුරුදු 6 ට මම ගැහැණු 300 ක් එක්ක හිටියා කොළඹ කොටිපති පුතා කල පාපොච්චාරණය

ජීවිතය හදා ගැනීමට කොතරම් කලක් ගත උනත් ජීවිතය විනාස කරගැනීමට ගත වන්නේ එක තත්පරයක වැරදි සිතුවිල්ලක් පමනි.

පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානය කුඩු නිසා වැනසුණු ජීවිත මෙන්ම වැරදි පුරුදු නිසා විනාස උනු ජීවිත යහමගට ගැනීමට හරි මග පෙන්වන වෙද පන්සලකි. පන්සලේ ජීවකයාණෝ කුප්පියාවත්තේ බෝදානන්ද හාමුදුරුවෝය.
උන්වහන්සේ කුඩු බී විනාශ වූ තරුණ ජීවිත සුවපත් කිරීමට බෙහෙත් ගුලි, කසාය, අරිෂ්ට ලබා නොදෙති. මානුෂීය, සදාචාරාත්මක, සංස්‌කෘතික සහ ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විශෝධනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක්‌ සහ ආර්ථික ස්‌ථාවරත්වය තුළින් පුද්ගලයන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළැක්‌වීම මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේ වෙදකමය. මේ කැසිනෝ සූදුවේ අන්තයට ගොස්‌ විනාශයේ පතුලට වැටුණු ව්‍යාපාරික තරුණයකු කියු සත්‍ය කතාවකි.
“කැසිනෝ ගහලා දිනලා හිටපු සේරම සල්ලි පරාද වුණා. ඉඩම් ගන්න කියලා තාත්තාගෙන් සල්ලි ඉල්ලගෙන ඒවත් පරාද වුණා.
තාත්තාගේ ලාච්චුවෙන් සල්ලි ටික ටික ඇදගෙන ගිහින් සෙල්ලම් කළා. අම්මගෙන් සල්ලි ඉල්ලගත්තා. මගේ බැංකු පොත්වල තිබුණු සල්ලිත් ටික ටික ගත්තා.

ඒත් දිනුමක්‌ නෑ පරාජයම විතරයි. තාත්තා මට අරගෙන දීලා තිබුණ කාර් එකත් විකුණලා කැසිනෝ ගැහුවා.
ඒ සල්ලිත් පරාදයි. මගේ ඔළුව කරච්චල් වුණා. සති ගණන් ගෙදර යන්නේ නැතිව කොළඹ යාළුවන්ගේ ගෙවල්වල, හෝටල්වල නතර වෙලා කැසිනෝ ගැහුවා.
ඒ වෙනකොට කොළඹ කැසිනෝ ක්‌ලබ් මට ගෙදර වගෙයි.

හැම කැසිනෝ ක්‌ලබ් එකකම මට මෙම්බර් සිප් එක තිබුණා. මෙම්බර් සිප් එකක්‌ ඉෂූ කරන්නේ විශාල මුදලක්‌ පරාද වෙච්ච කෙනෙකුට තමයි. මෙම්බර් සිප් එකට හතරදෙනෙක්‌ අරගෙන යන්න පුළුවන්. ඒ යන හතරදෙනාටම කෑම, බීම සියල්ලම නොමිලේ.

ඒ වෙනකොට කැසිනෝ ක්‌ලබ් අයිතිකාරයොත් මාව දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටියෙත් අපේ තාත්තාගේ නමින්. අපේ තාත්තා දකුණු පළාතට විතරක්‌ නෙමෙයි ලංකාවේම ව්‍යාපාරිකයන් අතර ප්‍රසිද්ධයි.
අපේ තාත්තා හොඳට විනෝද වෙච්ච කෙනෙක්‌.

ඒත් තාත්තා ඕවර් ගියේ නෑ.
හැමදේම කළේ සීමා මායිම්වල ඉඳගෙන. ඒ වගේම තාත්තයි, මමයි හිටියෙත් යාළුවො වගෙයි.

මම අවුට්‌ යනවා කියලා දැනගත්තට පස්‌සෙ තාත්තා මට නිතරම කිව්වේ ඔයාට ඩ්‍රින්ක් එකක්‌ දාන්න ඕන නම් අපි දෙන්නත් එක්‌ක සෙට්‌ වෙමු කියලයි. තාත්තා මත්පැන්වලට ලොල් නෑ.
පාටිවලට ගිහාම අපි දෙන්නා එකට සෙට්‌ වෙලත් තියෙනවා.

මම නයිට්‌ ක්‌ලබ් යනවා කියලත් තාත්තා දැනගෙන හිටියා. ඒත් කැසිනෝ යනවා කියලා දැනගෙන හිටියේ නෑ. දවස ගානේ මම බැංකු පොත්වලින් සල්ලි අදිනකොට ඒ බැංකුවලින් කතා කරලා තාත්තට කියලා තිබුණා.
‘ජයේ පුතා අවුට්‌ යනවා වගේ තේරෙනවා.

දැම්ම කියලා හදාගත්තොත් හොඳයි’ තාත්තාගේ යාළුවො කිහිපදෙනෙක්‌ම එහෙම කියලත් තිබුණා. ඒ ආරංචිත් එක්‌ක තාත්තා ටිකක්‌ සැරෙන් මට කතා කරලා ‘අමාරුවෙන් ගොඩනඟාගත්ත ලෝකය විනාශ කර දාන්න එපා’ කියලා දොස්‌ කිව්වා. ඊට ටික දවසකට පස්‌සේ තාත්තා මට මංගල යෝජනාවක්‌ ගෙනත් ඉක්‌මනටම වෙඩින් එකත් ගත්තා.

ඒත් මම හොයන සතුට, වින්දනය මගේ නෝනාට දෙන්න බැරි වුණා. මගේ නිශාචර ජීවිතයේ වෙනසක්‌ වුණේ නෑ. පෙරටත් වඩා වැඩි වුණා.

අපේ කසාදයට වැඩි ආයුෂ තිබුණෙත් නෑ. කසාදය කැඩුණා කියලා මට දැනුනෙවත් නෑ. එතකොට මගේ ජීවිතය වෙලා තිබුණේ කැසිනෝ සහ ගෑනු.
පවුලේ එකම පිරිමි දරුවා මමයි. මගේ අයාලේ යැම අපේ පවුලටම ලොකු බලපෑමක්‌ වුණා. තාත්තා ඒ ගැන ගොඩක්‌ හිතුවා. තාත්තා ව්‍යාපාර අතින් වගේම ශරීර සෞඛ්‍යය පැත්තෙනුත් වැටුණා. අන්තිමට තාත්තා හාට්‌ ඇටෑක්‌ එකකින් නැති වුණා. ඒ වෙනකොට මමත් නැත්තටම නැති වෙලා හිටියේ. කැසිනෝ යන්න තියා නයිට්‌ ක්‌ලබ් එකකටවත් යන්න සල්ලි තිබුණේ නෑ.

අතේ සතේ නැති වුණහම රුපියලක්‌ දෙන්න බලු බල්ලෙක්‌ හිටියේ නෑ. තාත්තා නැති වුණා කියලා අම්මයි, මමයි ව්‍යාපාරවලට වැටෙන්න දුන්නේ නෑ. මම වගකීම කරට අරගෙන උනන්දුවෙන් ව්‍යාපාර බලාගත්තා. ඒ අතර සතියකට දවසක්‌ වගේ කැසිනෝ කල්බ් එකකට ගිහිල්ලා සෙල්ලම් කරලා ආතල් එකක්‌ අරගෙන ආවා. ඒත් වැඩිපුර සල්ලි ගෙනිච්ෙච් නෑ.
ඔහොම යන අතරේ එක දවසක්‌ රුපියල් හැටදාහක්‌ ගෙනිහින් කැසිනෝ ගහලා ලක්‍ෂ විසිතුනක්‌ දිනුවා. ආයෙමත් මට හිතුණා වාසනා චක්‍රය ධනට කැරකෙනවා කියලා. ආයෙත් එක දිගට සෙල්ලම් කළා.

අද පරාද නම් හෙට දිනුම්. ඔය විදිහට අවුරුද්දක්‌ දෙකක්‌ ගියා. රෑ කොහේ ගියත් එළිවෙනකොට මම ගෙදර ගිහින් ඔෆීස්‌ එකටත් ගියා.

ව්‍යාපාර පැත්ත මම හොඳට බලා කියාගන්න නිසා රෑ ගමන්වලට අම්මත් වැඩිය සැර දැම්මේ නෑ. ජීවිතය බැලැන්ස්‌ එකේ ගෙවිලා ගියා.
දවසක්‌ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌ මට කතා කළා කැසිනෝ සෙල්ලම් කරන්න සිංගප්පූරු යන්න. එතකොට දිනලා මගේ අතෙත් හොඳට සල්ලි තිබුණා.

මම ගමනට කැමති වෙලා මට හිතවත් නිළියො දෙන්නෙක්‌වත් ගමනට එකතු කරගත්තා. සතියක්‌ විතර අපි සිංගප්පූරුවේ හිටියා. මගේ ලක්‍ෂ ගාණක්‌ ඉවර වුණා. ඒ ඇවිල්ල පරාද ගාන හ%9

පොඩි ළමයිට ෆොන් අරන්දෙන්න එපා තාත්තටත් වඩා නාකි තට්ටයෙක් පාසැල් දැරියගේ ජීවිතය විනාෂ කළ හැටි

අද සමාජයේ අසන්නට දකින්නට ලැබෙන්නේ එතරම් හොද දේවල් නම් නොවේ. මේ කියන්න කියන්නෙත් එවැනි කතාවකි. එනම් පාසල් යන වයස් ළමයින්ට ජංගම දුරකථන භාවිතා කිරීමට දීමෙන් සිදු වූ සිද්දියකි. දෙමාපියන් තම ළමයින් ගැන සැලකිලිමත් විය යුතුය. එසේ නොකළහොත් සිදු වන්නේ අහිංසක ජිවිත නිරපරාදේ විනාශ වීමකි. පාසල් යන වයසේ දරුවන්ට සමාජය ගැන ඇත්තේ අල්ප දැනුමකි. එම නිසා ඔවුන් වරදට පෙලබෙන්න ගතවන්නේ නිමේෂයකි. එසේ සිදු වූ සිදුවීමක් පහත වීඩියෝවෙන් නරඹන්න

ෂෙඩ් එකෙන් වාහන වලට තෙල් ගහනකොට හොර කරන විදිය මෙන්න

ලංකාවේ ඇති ඉන්ධනහල් වලින් අප ගෙවූ මුදලට සරිලන නියම ඉන්ධන ප්‍රමාණය එහි ඇති ඉන්ධන ‍පොම්පය හරහා අපට ලැබෙනවාද යන්න කාලයක සිට මෙරට බොහෝ දෙනකුගේ සිතේ පැසවන කුකුසකි.

ඉන්ධන ලබාගැනීමට ඉන්ධනහලට ගිය විට ඉන්ධන ‍පොම්පය දෙස අප ඇසිපිය නොබලා බලා සිටින්නේ ඒ නිසාය. ඉන්ධන ලබාගැනීමට මුදල් ගෙවූ පසු ඉන්ධන ‍පොම්පයේ ඉහළ ඩිජිටල් තිරයේ අප ගෙවූ මුදලත් ගෙවූ මුදලට ලබාදිය යුතු ඉන්ධන ප්‍රමාණයත් නිවැරදිව සටහන් වේ.

‍පොම්පකරු ඉන්ධන ‍පොම්පය ක්‍රියාත්මක කළ විට ඉලක්කම් කැරකී අප ගෙවූ වටිනාකමට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය අපට ලැබේ. මේ ක්‍රියාවලිය මුල සිට අගට නිරීක්ෂණය කරන අපට සැක සිතිය යුතු තැනක් අල්ලාගත හැකිද? සැබැවින්ම නොහැකිය. එසේ වූවා කියා අප ගෙවූ සම්පූර්ණ මුදලට නියමිත ඉන්ධන ප්‍රමාණය ඔබට ලැබුණා කියා ඔබ සිතනවාද?

‘ඔව්’ කියා ඔබ සිතුවත් නිසැක වශයෙන්ම ඔබ සිටිනා ස්ථාවරය නිවැරදි නොවේ. මන්ද මෙරට ඇති ඉන්ධන ‍පොම්ප බොහෝමයකින් අප ගෙවූ මුදලට නියම ඉන්ධන ප්‍රමාණය අපට ලැබෙන්නේ නැති නිසාය. අප මෙය ස්ථිරවම කියනුයේ මේ පිළිබඳ සොයා බලා කරුණු අධ්‍යයනය කිරීමකින් අනතුරුවය.

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.

“ඔබේ ප්‍රශ්නයට කෙටියෙන්ම උත්තර දුන්නොත් ඔව්, ලංකාවේ පිරවුම්හල්වල තියෙන බොහෝමයක් ඉන්ධන ‍පොම්පවලින් ඔබ ගෙවන මුදලට ලැබිය යුතු ඉන්ධන ප්‍රමාණය ලැබෙන්නේ නෑ. මං වැඩ කරන ක්ෂේත්‍රය වුණත්, කතාව තිත්ත වුණත් ඇත්ත ඕක තමයි.”

ඔහු කිසිදු පැකිළීමකින් තොරව කතාව පටන්ගත්තේය. ඔහුට බාධා නොකර මම නිහඬ වීමි.

“පෙටේ‍රා්ලියම් එකේ පෙට්‍රල් ෂෙඩ් තියෙනවා 1200කට ආසන්න සංඛ්‍යාවක්. ඉන් වැඩිම ප්‍රමාණයක් ඉන්ධනහල් තියෙන්නේ බස්නාහිර පළාතේ. ෂෙඩ් 285ක් හෝ 290ක් බස්නාහිර තියෙනවා. මෙරට ඉන්ධන පාරිභෝජනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් භාවිත කරන්නේ බස්නාහිර පළාතේ උදවිය. දැන් පාරිභෝගිකයන් වන අපට තියෙන ප්‍රශ්නය තමයි අපේ වාහනේට දුන්නු මුදලට නියමිත තෙල් ප්‍රමාණය ‍පොම්පෙන් ටැංකියට වැදුණද කියන එක. මේ ගැටලුවට පේන විසඳුමක් නෑ. ගොඩක් අයගේ හිතේ තියෙන්නේ සැකයක්.

මේ ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් හැටියට මම දන්නවා සමහර ෂෙඩ්වලින් තෙල් අඩුවෙන් ගහන බව. එතකොට මේකට වගකියන්න ඕන කවුද? මගේ අදහස නම් මේකට ප්‍රධාන වශයෙන්ම වගකියන්න ඕන මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව. කෙටියෙන් කීවොත් කිරුම් මිනුම් එක. ඒ වගේම තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලනය වගේම සංස්ථාව ගත්තු සමහර වැරදි තීරණ.”

වසර තිහකට අධික කාලයක් ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති මේ විධායක ශ්‍රේණියේ නිලධාරියා කියන කතාව අසමු. එවිට මේ කතාවේ ඇත්ත නැත්ත ඔබටම පසක් වනු නොඅනුමානය.

ඉන්ධන ‍පොම්පවලින් කෙරෙන තෙල් ජාවාරමට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව වගකිවයුත්තේ ඇයි? ඒ ගැටලුව ඔහු නිරාකරණය කළේ මෙසේය.

“ලංකාවට ගේන ඕනෑම ‍පොම්පයක් ඉන්ධනහලක මිනුම් ඒකකයක් ලෙස පාවිච්චි කරන්න අවසර දෙනවා නම් මාදිලි අනුමැතිය ගන්න ඕන. මේ අනුමැතිය දෙන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින්. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවේ සීල් එක නැතුව කිසිම ඉන්ධන ‍පොම්පයකින් තෙල් නිකුත් කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්.
නමුත් ගොඩක් ‍පොම්පවල කිරුම් මිනුම් සීල් එක නෑ. ඒකට හේතු කීපයක් තියෙනවා.

එකක් තමයි 2002 ඉන්දියන් ඔයිල් සමාගම ලංකාවට ආවට පස්සේ ෂෙඩ්වලට ඕන කරන සියල්ල ඒ අය දුන්නේ නොමි‍ලේ. ඔන්න තරගයක් ඇතිවුණා. අපේ තෙල් සංස්ථාවට මුදල් තිබුණේ නෑ ඉන්දියන් ඔයිල් එකත් එක්ක හැප්පෙන්න. අවසානයේදි සංස්ථාව කළේ අපිත් අපේ ඉන්ධනහල් හිමියන්ට මොනවා හරි කරන්න ඕන කියලා චීනෙන් අඩු මුදලට බාල ‍පොම්ප ගෙන්නලා නොමි‍ලේ ෂෙඩ්වල හයි කළා. ඇත්තටම මේවා සෙල්ලම් බඩු වගේ. මෙන්න මේ ‍පොම්ප එකක්වත් සීල් කරලා නෑ.

මොකද මේ ‍පොම්ප එකක්වත් මාදිලි අනුමැතියට දැම්මේ නෑ. තවත් එකක් කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවෙන් සීල් කළත් ඒක සංස්ථාවේ නිලධාරීන් අතින් ගැලවෙන්න පුළුවන්. එහෙම වුණු හැම වෙලාවකම කිරුම් මිනුම් නිලධාරීන් ෂෙඩ්වලට ඇවිත් ‍පොම්ප සීල් කරන්නේ නෑ. මොකද හේතුව නිලධාරීන් ඉන්නේ ටිකයි. වාහන හිඟයි. නමුත් එහෙම කියලා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවට තමන්ගේ වගකීමෙන් නිදහස් වෙන්න බෑ.”

අප සොයාගත් තොරතුරුවලට අනුව අද වනවිට ඉන්ධනහල්වලද තෙල් ජාවාරම මහා පරිමාණව සිදුවන්නේ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ ආශිර්වාදයෙනි. මීට අමතරව එහි සේවයේ නියුතු ‍පොම්ප ක්‍රියාකරවන්නන් ඉන්ධන ලබාගැනීමට පැමිණි පුද්ගලයන්ගේ ඇස වසා කරන සමහර දේ ඇතත් ඒවා සංවිධානාත්මක අයුරින් සිදු නොවන පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන වංචා සහගත ක්‍රියාවන්ය. නමුත් මහා ජාවාරම සිදුවන්නේ ඉන්ධනහල් අයිතිකරුගේ හා තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකරු හා ප්‍රාදේශීය පරීක්ෂකගේ එකතුවෙනි.

“ඔය තෙල් ‍පොම්ප කොටසක් තියෙනවා ප්‍රමාණ ශෝධන ඒකකය කියලා. අපි කියන්නේ ‘කැලිබරේට්’ කරනවා කියලා. මේ කොටසින් තමයි මිනුම් නිවැරදිව සකස් කරන්නේ. ඒක අඩු වැඩි කරන්න පුළුවන්. ඔන්න ඔය කොටස පාවිච්චි කරලා තමයි මේ හොර වැඩේ කරන්නේ. උදාහරණයක් හැටියට ඉන්ධන ලීටර් හතර හමාරක් එළියට යනකොට මීටරේ ඉන්ධන ලීටර් පහක් පෙන්වන්න හදන්න පුළුවන්. මේ කැලිබරේෂන් යුනිට් එක තියෙන්නේ ‍පොම්පෙ ඇතුළේ. මෙන්න මේ කොටසයි සීල් කළ යුත්තේ.

මේක සීල් කරන්නේ කිරුම් මිනුම් දෙපාර්තමේන්තුවයි, තෙල් සංස්ථාවටයි. කිරුම් මිනුම් සීල් එක අනිවාර්යයි. මේ සීල් එක නැතුව ඉන්ධන නිකුත් කරන්න බෑ. නමුත් ප්‍රධාන බලධාරීන්ගේ මුද්‍රාව නැතිව තෙල් නිකුත් වෙනවා. ඒක තමයි ඛිෙදවාචකය. මම මුලින් කිව්වා වගේ ගොඩක් ‍පොම්පවල මේ කොටස සීල් කරලා නෑ.

තෙල් සංස්ථාවේ ප්‍රාදේශීය කාර්යාල නවයක් තියෙනවා. ඒවයේ වෙන වෙනම ප්‍රාදේශීය කළමනාකරුවන් ඉන්නවා. ඔවුන් යටතේ තවත් නිලධාරීන් දෙන්නෙක් ඉන්නවා. මේ නිලධාරීන් හැම මාසෙකම මේ ‍පොම්ප චෙක් කරන්න යනවා. ඔය අතරේ ෂෙඩ් අයිතිකාරයින්ගෙන් පැමිණිලි එනවා වැඩිපුර තෙල් යනවා කියලා. ඔන්න එතකොට සංස්ථා අර නිලධාරීන් සීල් කඩලා අර ‘කැලිබරේට්’ යුනිට් එක ඇජෙස් කරනවා. ඔය දේවල් එහෙම සිද්ධ වෙන අතරේ තිරෙන් එහා වෙනත් කතා යනවා.”

සොයා දැනගත් ආකාරයට ඉන්ධනහල් හිමියන් ප්‍රාදේශීය කළමනාකාර හා ඔහු යටතේ සිටිනා නිලධාරීන් සමග සුහද ගනුදෙනුවක් පවත්වාගෙන යමින් ඔවුන් සතුටු කිරීමට උනන්දු වේ. ප්‍රාදේශීය කළමනාකරු අමනාප කරගතහොත් ඉන්ධනහල් අයිතිකරුවාට සිදුවන්නේ මහත් අලාභයකි. ඉන්ධනහල් හිමියාට කොතරම් ලාභයක් ලබාදෙනවාදැයි තීරණය කරන්නේ සංස්ථාවේ ප්‍රාදේශීය කළමනාකාරවරයා හා පරීක්ෂකවරයාය. ඉන්ධනහලකින් ඉන්ධන අඩුවෙන් නිකුත් කරන්නේ යැයි යම් සැකයක් පාරිභෝගිකයකුට ඇති වුවහොත් එය පරීක්ෂා කිරීමට ඉන්ධනහ‍ලේ සම්මත මිනුම් ඒකකයක් තිබේ.

“ඒක සුදු යකඩෙන් හදපු කෑන් එකක්. ඒකෙන් ලීටර් පහක් මනින්න පුළුවන්. ඒකට කියන්නේ ටෙස්ටින් කෑන් කියලා. උඩට හෝ පහළට දශම දෙකයි පහක් විතරයි වෙනස් වෙන්නෙ. හැබැයි අමාත්‍යාංශයට ලැබි ඇති තොරතුරුවලට අනුව ඉන්ධනහල් බොහොමයක මේ පරාසය -.5 සිට -.1 දක්වා පරාසයක තියෙනවා.”

අපි මුලින් සඳහන් කළ සම්මත ඒකකය සෑම ඉන්ධනහලකම තිබිය යුතු වුවත් බොහෝ තැන්වල එහෙම මිනුම් උපකරණයක් දකින්නට නැත. තිබුණත් ඇත්තේ ව්‍යාජ එකකි. එය පතුලෙන් උඩට ඔසවා ඇත. උඩට ඔසවා ඇති ප්‍රමාණය ඉන්ධන ‍පොම්පයෙන් සමබර කර සකසයි. ඒ නිසා ඔබ එවැනි පරීක්ෂාවකට යන්නේ නම් පතුලෙන් උඩට නොඑසවූ සුදුපාට තද ලෝහයෙන් නිම කළ සම්මත ඒකකය ඉල්ලා සිටින්න.

“ඉස්සර තිබුණේ මේ සුදු යකඩ මිනුම ‍නෙවෙයි රතුපාට සාමාන්‍ය ලෝහයෙන් හදපු එකක්. ඒක පතුලෙන් උඩටම තළනවා. හැබැයි සුදු යකඩ එක තළන්න බෑ. මේ සුදු යකඩ මිනුම් භාජනය සෑම ඉන්ධනහලකම තිබිය යුතුයි. නමුත් ඒක සෑම තැනකම නෑ. ඒක බරපතළ ප්‍රශ්නයක්.”

එයට හේතුව සම්මත ප්‍රමාණයට වඩා දෙගුණයක් අඩුවෙන් යන තත්ත්වයක් අද දකින්න පුළුවන්” මුලින් චීනෙන් ගෙනත් සවි කළ ‍පොම්ප සවි කළේ අවුරුදු පහකට. නමුත් දැන් ඒ වගේ කාලය අවුරුදු පහළොව ඉක්ම ගිහින්.

වෙනස් කළත් නැතත් ‍පොම්ම පරණ නිසා මේ ‍පොම්පවලින් තෙල් යන්නේ අඩුවෙන්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කියලා තිබුණා 2015 ජනවාරි වන විට හොඳ ‍පොම්පයක් සවි කරන්න එහෙම නැත්නම් සංස්ථා ‍පොම්ප සීල් කරන්නේ නෑ කියලා. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව කළ අනතුරු ඇඟවීමට ඛනිජ තෙල් සංස්ථාව කෙබඳු ප්‍රතිචාරයක් දැක්වූවාදැයි අප සොයා බැලීමු. තෙල් සංස්ථාව අමාත්‍යාංශයත් සමග එකතුවෙලා මේකට විසඳුමක් දෙන්න උත්සාහ කළා.

2012 වන විට මේ බාල ‍පොම්ප මොනවද කියල බලන්න කමිටුවක් පත්කළා. (D.M.P.C.)මේ කමිටුවෙන් ‍පොම්ප තෝරලා ‍පොම්ප 500ක් ගේන්න සූදානම් කළා. නමුත් 2015 ජනවාරි09 පස්සේ කිසියම් පුද්ගලයෙක් අමාත්‍යංශය හරහා බලපෑම් කළා “මගේ ‍පොම්ප ටික ගන්න” කියලා. එතැනින් ඒ වැඩේ හමාර වුණා. තෙල් සංස්ථාවට අද වෙනකම් බැරි වෙලා තියෙනවා හොඳ ‍පොම්පයක් ලබා දෙන්න. බරපතළ අවුලකයි සංස්ථාව ඉන්නේ. 2014 හිටපු කළමනාකාර අධ්‍යක්ෂවරයා තෙල් සංස්ථාවේ කමිටුවක්ද පත්කරලා ඉන්ධන ‍පොම්ප 495 අහඹු ලෙස පරීක්ෂා කරලා තියෙනවා.

ඔහු ඊට පසුව අමාත්‍යංශ ‍ලේකම්ට වාර්තාවක් දෙනවා ‍පොම්පවලින් 40ක ඉන්ධන නිකුත් කරන්නේ නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් කියලා. ඉහළ නිලධාරීන් සියල්ල දන්නවා සංස්ථාව තියෙන්නේ අර්බුදයක කියලා.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ ඇති ඉන්ධන ‍පොම්පවලින් විශාල ප්‍රමාණයක් කල්ඉකුත් වූ ඒවාය. මේ ඉන්ධන ‍පොම්ප හරහා පාරිභෝගිකයාට බරපතළ පාඩුවක් සිදුකරන්නේය. එසේම 1995 අංක 35 දරන මිනුම් එකක ප්‍රමිති හා සේවා පනතේ 22 වගන්තිය ප්‍රකාරව ‍පොම්ප පරීක්ෂා කර බලා මුදා තැබිමේ සම්පූර්ණ අයිතිය පැවරෙන්නේ කිරුම් මිනුම් නිලධාරීන්ටය. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට එවැනි බලයක් හිමි නොවේ.

නමුත් අද වන විට ඔවුන් දැන හෝ නොදැන තමන් වෙත නැති නීතියක් ආරෝපණය කරමින් මහා වංචාවක යෙදේ. කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මගින් සීල් තබන ලද ඉන්ධන ‍පොම්පයක සීල් කඩා ජාවාරමේ යෙදීමට කටයුතු කරන තෙල් සංස්ථා නිලධාරීන්ට එරෙහිව වහා බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය.

යම් ඉන්ධන ‍පොම්පයක අලුත්වැඩියාවක් කළයුතු නම් මේ දෙපාර්ශ්වයටම ඊට සහභාගි වී ඒ අලුත්වැඩියාව කළ යුතු තැනට නීතිය සංශෝධනය විය යුතුය. එසේ නොවුණහොත් ජනතාවගේ ඇසට වැලි ගසමින් දූෂිත තෙල් සංස්ථා නිලධාරින් ගෙන යන මේ මහා වංචාවට තිත තැබිම අසීරු වනු ඇත.

මනාලයාගේ ඇස් උඩ යයි මනාලියගේ රැකියාව ගැන අහලා – මොකක් වුනත් කෙල්ල පව්

ගොඩක් අය වැරදි පාරවල් වල යන්න ගොඩක් හේතු තියනවා, එක්කෝ තමන්ගේ දෙමාපියන් වෙනුවෙන්. නැතිනම් තමන්ගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන්. නමුත් මේ තරුණියගේ කතාව අමුතුයි, පොඩ්ඩක් මේ ගැන හිතන්න, මේ වගේ අසාදාරන මේ ලෝකේ කොයි තරම්නම් වෙනවා ඇතිද?ඇය ජරා ගැහැනියක් වෙස ගැහැනියක් කියලා බනින එක වැරදි. වැඩි විස්තර සහිත වීඩියෝව පහතින් නරඹන්න

තිරිසන් වෙස්ගත් වෛද්‍යවරයෙක් ඇතුලු පිරිසක් හෙදියකට කල පහත් ක්‍රියාව

මිනිසුන් තිරිසනුන් සේ හැසිරෙන අවස්ථා පිලිබදව වාර්තා වන සෑම විටම සත්‍ය ලෙස සිදුව තිබෙන්නේ මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරීම නොව මිනිසුන් තිරිසනුන්ටත් වඩා පහත් තත්වයට පත්වීමය. සතුන්ට වුවද ලිංගිකත්වය සම්බන්ධව යම් සීමා ඇත. ඔවුන් වර්ගයා බෝ කිරීම සදහා ලිංගිකව හැසිරෙන්නේ ස්වභාවධර්මයෙන් ලැබුනු සීමාවන් තුලය. නමුත් මනු සතාට එහි සීමාවක් නැත. නමුත් මනසින් උසස් මිනිසාම එය සීමාවන් දමාගෙන ඇත්තේ තිරිසනුන්ටත් වඩා පහතට වැටීමට නොහැකි නිසාය. නමුත් පසුගිය දා නාරාහෙන්පිට පොලිසියට වාර්තා උනේ තිරිසනුන්ටත් වඩා පහතට වැටුනු පිරිසක් පිලිබදවය.

තිරිසන් වෙස් ගත් මිනිසුන් හතරදෙනා වුයේ යුද හමුදා කපිතන් වරු දෙදෙනෙක්, කෝප්‍රල් වරයෙක් සහ ඉංජීනේරු වරයෙකි. පළමු සැකකාර කපිතාන් යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකි. අනෙකා යුද හමුදා පොලිසියේය. මේ සිව්දෙනා ගේ තිරිසන් ක්‍රියාවලියට ගොදුරුව තිබුණේ පෞද්ගලික රෝහලක අවිවාහක හෙදියකි.

පසුගිය දිනෙක නාරාහේන්පිට පොලිසියට පැමිණි ඇය තමාට විඳින්නට සිදු වූ කෲරතර සිදුවීම් මාලාව හෙළි කරද්දී එය අසා සිටි ස්ථානාධිපතිවරයා ඇතුලු නිලධාරීන් පවා දැඩි අපහසුතාවට පත්වුහ. ඒ ඇයගේ පෙම්වතා ඇයට දී තිබු කායික හා මානසික හිංසනය අදහාගත නොහැකි තරම් දරුණු වූ නිසාය. ඇය කොළඹ නගරයේ පිහිටි සුවිසල් පෞද්ගලික රෝහලක හෙදියකි. අවිවාහක ඇයගේ වයස අවුරුදු තිස් නවයකි. ඇයගේ පෙම්වතා වූයේ යුද හමුදා කපිතාන් වරයෙකි. ඔහු යුද හමුදා රෝහලේ වෛද්‍ය වරයෙකි. ඔහු මෙම පෞද්ගලික රෝහලේද සේවය කළේය. ඒ රාජකාරි වේලාවෙන් පසුවය. ඇය ඔහු රෝගීන් බලන කාමරයේ හෙදිය ලෙස සේවය කළ අතර කල් ගතවෙද්දී ඔහු ඇයගේ පෙම්වතා බවට පත් විය.

ප්‍රේමය දලුලා වැඩෙද්දී මේ දෙදෙනා ගේ ඇසුර ලිංගික සබඳතා පවත්වන තත්ත්වයට පත්ව තිබිණි. ඇය එලෙස ඔහු විශ්වාස කොට ඔහුගේ ඉල්ලීම් වලට ඉඩ දුන්නේ විවාහ කරගන්නා බවට ඔහු ඇයට දුන් පොරොන්දු නිසාය. මෙලෙස කාලය ගෙවී යද්දී ඔහුට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට එක්වීමට සිදුවිය. ඒ අනුව ඔහු වසර දෙකක කාලයකට සුඩානය බලා පිටත්ව ගියේ ඇය ගේ සිතෙහි දහසක් බලාපොරොත්තුද තබාය. විදෙස් ගතවීමෙන් අනතුරුව ඔහු ඇය අමතක කළේ නැත. දිගින් දිගටම දුරකථන ඇමතුම් දෙමින් ඇයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරන බව තහවුරු කළේය.

මේ අතර ඇය ඔහු පිළිබඳ විපරම් කර බැලීමට සිතුවාය. ඒ අනුව මොහු හොඳින් දන්නා හඳුනන අයකුගෙන් තොරතුරු විමසුවාය. ඔහු පවසා සිටියේ වෛද්‍ය කපිතන්වරයා විවාහකයකු බවත් දරු දෙදෙනකු සිටින පියෙකු බවත්ය. එය ඇසු ඇයට දෙවියන් සිහිවිය. විවාහ වීමේ පොරොන්දුව නිසා ඇය ඔහුට සිය කුමරි බඹසර ද පුදා තිබීම ඇයට දරාගත නොහැකි කරුණක් වන්නට ඇත. ඇය කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටී. ඒ මව, නංගී සහ මල්ලී සමඟය. මේ තිදෙනා යැපෙන්නේ ඇයගෙනි. ඒ පියා නොමැති නිසාය. ඔහු ගේ පැටිකිරිය ඇසීමෙන් අනතුරුව ඇය තීරණයකට එළැඹියාය. ඒ ඔහුගෙන් වෙන් වන්නටය. ඇය ඔහු දෙන දුරකථන ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම නතර කළාය. පසුව ජංගම දුරකථන අංකය ද මාරු කොට හැකිතාක් ඔහු මඟ හැර සිටීමට උත්සාහ කළාය. ඔහු මඟ හැර සිටිය ද ඔහු ඇයට එලෙස සැඟව සිටීමට ඉඩ දුන්නේ නැත. ඔහු සිය ගෝලබාලයන් ලවා ඇය යන එන තැන් කරන කියන දේ පිළිබඳ ඔත්තු සෙවීය.

දිනක් ඇය සේවය නිමකොට රෝහලින් පිට වී බෝඩිමට යද්දී ඇය අසල ත්‍රීරෝද රථයක් නතර විය. එහි සිටියේ ඔහුගේ ගෝල ලාන්ස් කෝප්‍රල් රණසිංහ ය.
“නගින්න මිස් මට ටිකක් කතා කරන්න ඕන.”
“ඇයි මොනවා කතා කරන්නද?”
“සර් හරි අප්සට් එකෙන් ඉන්නේ. මිස් සර්ව මඟ අරිනවා කියලා. යමු අපි ඒ ගැන කතා කරමු.”
ඔහුගේ වචනයට අවනත වූ ඇය එම ත්‍රීරෝද රියට ගොඩවුවාය. ඔහු ඇය රැගෙන ගියේ හෝටල් කාමරයකටය.
“මාව කාමරේට එක්කගෙන ගියාට එයා මගේ ඇඟට අතක්වත් තිව්වේ නෑ. ඒත් මගේ කිට්ටුවෙන් වාඩිවෙලා ෆොටෝ එකක් අරගෙන ඒක දිනේෂ්ට යවලා කියලා තිබුණා. මාව කාමරේකට එක්කගෙන ගිහින් එකට හිටියා කියලා.

පහුගිය ජුලි මාසේ දොළොස්වෙනිදා දිනේෂ් හොස්පිටිල් එකට කෝල් එකක් දීලා කිව්වා මම ලංකාවට ආවා. මට තමුන් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා කියලා. ඒ කතාවට මට බය හිතුණා. ඊට දවස් දෙකකට පස්සේ මම වැඩ ඇරිලා හොස්පිටිල් එකෙන් එළියට ඇවිත් ටික දුරක් යද්දී මගේ ළඟ කාර් එකක් නතර කළා. එකේ දිනේෂ් හිටියේ. මට තමුසේ එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා නැගපිය. මගේ වචනෙට කීකරු නොවුණොත් දන්නවා නේ උඹලට වෙන දේ. උඹව පවුල පිටින්ම මරලා දානවා කියලා තර්ජනය කළා. බයටම මම කාර් එකට නැංගා.

මට ගෙදර යන්න ඕන, ඔහුගේ මෝටර් රථයට ගොඩ වූ ඇය එලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය.බොරැල්ල හන්දිය පහුවෙද්දී මම ඇහුවා මේ කොහේද යන්නේ කියලා. “උඹට ගෙදරනේ යන්න ඕන කිව්වේ. මේ ගෙදරට තමයි එක්කගෙන යන්නේ.” එලෙස කී ඔහු වරෙක ඇයගේ ගෙල මිරිකා ඇයට කතා කිරීමට ඉඩ දුන්නේ නැත. තවත් විටෙක ඔහු ඇයගේ ගෙලට පිහියක් තබා කට වසාගන්නා ලෙසට තර්ජනය කළේය. මේ තර්ජන ගර්ජන මැද්දේ මෝටර් රථය තිහාරිය ප්‍රදේශයට සේන්දු විය.

“තිහාරියේ අතුරු පාරකට වාහනේ හැරෙව්වා. මේ කොහේද යන්නේ කියලා අහද්දී මගේ බෙල්ල මිරිකුවා. තට්ටු දෙකේ ගෙයක් ළඟ වාහනේ නතර කරලා එයා බැහැලා ගියා. ඒ වෙද්දි වේලාව හවස තුන විතර ඇති. විනාඩි කිහිපයකින් ආපහු ඇවිත් බෙල්ලෙන් අල්ලලා තල්ලුකරගෙන මාව තරප්පු පෙළ දිගේ උඩට අරගෙන ගියා. එහෙම අරගෙන ගිහින් මාව කාමරයකට දාලා නාගෙන වරෙං කියලා කිව්වා. මම නාගෙන ආවට පස්සේ කාපං කියලා කෑම එකකුත් දුන්නා. ඊට පස්සේ මට තර්ජනය කළා. උඹත් එක්ක ගනුදෙනුවක් තියෙනවා බේරගන්න කියලා මාව ලිංගික ක්‍රියාවලට යොමුකරගන්න උත්සාහ කළා. මම ප්‍රතික්ෂේප කළා.

“ඇයි දැන් මොකද බැරි. උඹ වෙනද මේවට හරි ආසයි නේ උඹට මොනවද වෙලා තියෙන්නේ. මම මේක හොඳින් හරි නරකින් හරි බේරගන්නවා.” යැයි කී ඔහු ඇයට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේය. එම පහර වලට ඇයගේ කම්මුල් පමණක් නොව ඇස් ද තැලී ගියේය. නිරුවත් සිරුරේ පිටුපසට තද පහරවල් එල්ල වූ අතර ඇයගේ සිරුර නිල් පැහැ වී ඉදිමී තිබිණි.

“මට ඇස් පේන්නෙත් නෑ. වේදනාව දරාගන්නත් බෑ. මාව ඇඳට තල්ලු කරලා දොරත් ලොක් කරගෙන එයා එළියට ගියා. විනාඩි හතළිහකින් විතර ඇතුළට ආවා. දොර අරිද්දි මම දැක්කා එළියේ වැරන්ඩාවේ දෙන්නෙක් බිබී ඉන්නවා. එයා කාමරේට ඇවිත් නිරුවත්ව හිටපු මාව අර බොන එවුං දෙන්නා ළඟට අරගෙන ගිහින් එතන තිබුණ හාන්සි පුටුවක ඇන්දේ වාඩි කෙරෙව්වා. එතන වාඩිවෙලා ඉන්න අමාරුයි. අර බිබී හිටිය එක්කෙනක් මට පුටුවක් දීලා වාඩිවෙන්න කිව්වා. මම එකේ වාඩි වුණා. දිනේෂුත් ඒ අය එක්ක බිව්වා. මතින් මත් වූ පිරිමින් තිදෙනකු ඉදිරියේ නිරුවතින් සිටින කාන්තාවකට ඇතිවිය හැකි අතරවර ගැන කීමට වචන තිබේද?

ඔවුන් බලෙන් ඇයට විස්කි පෙව්වේය. සිගරට් පමණක් නොව ගංජා දුමාරය ද ශරීර ගත කළේය. ඒ අතරතුර ඔවුන් කියන අසභ්‍ය වචන, අසම්මත ලිංගික ක්‍රියා පිළිබඳ කියන කතා ඇය අව සිහියෙන් මෙන් අසා සිටියේ වෙන කළ හැකි දෙයක් නොවු නිසාය.

“ඊට පස්සේ දිනේෂ් මාව කාමරේට ඇදගෙන ගියා. බිබී හිටපු දෙන්නගෙන් එක්කෙනෙකුත් ඇතුළට ආවා. ඇවිත් රෑ එකොළහේ ඉඳලා උදේ හතර විතර වෙනකම් ඒ දෙන්නා මාව දුෂණය කළා. ඒ අවස්ථා වීඩියෝ කළා. ෆොටෝ ගත්තා. ඒ පැය කිහිපයේදී මම විඳපු දුක කොච්චර ද කියලා කියන්න වචන නෑ. මාව ඒ විදියට දුෂණය කරන අතර දිනේෂ් මට කියනවා උඹට වෙන එවුං එක්ක ඉන්න පුලුවන් නම් මේක ප්‍රශ්නයක් නැනේ කියලා.” “මේ දේවල් උඹේ අම්මා දන්නෙත් නෑ. දැනගත්තත් කරන්න දෙයක් නෑ. පොලිසියට කිව්වත් වැඩක් නෑ. උඹව මැරුවත් කවුරුත් දන්නේ නෑ කියලා මට තර්ජනය කළා.”

සිය මිතුරන් ද සමඟ රාත්‍රිය පුරා සිය පෙම්වතිය දුෂණය කළ දිනේෂ් පසුදා උදේ අට පමණ වෙද්දී ගෙදර යාමට ලැස්ති වන ලෙස ඇයට අණ කළේය. ඇයගේ මුහුණ ඉදිමී තිබෙනු දුටු මේ දෙදෙනා සමඟ සිටි දිනේෂ් ගේ ගෝල රණසිංහ ඇයට අයිස් කැට ගෙනැවිත්දී මුහුණ තවා ගන්නා ලෙස පැවසුවේය.

“මට පඩිපෙළ බහින්නවත් පුලුවන් කමක් තිබුණේ නෑ. මම බඩ අල්ලගෙන අමාරුවෙන් පඩි බහිද්දී රණසිංහ මාව අල්ලගෙන පහළට අරගෙන ආවා. ඒ තුන්දෙනාම කාර් එකට නැගලා මාවත් දාගෙන කුරුණෑගල ගිහින් අපේ ගෙවල් වලට යන පාර කිට්ටුව මාව දාලා ගියා.”

ගෙදර ගිය ඇයට මවට මුහුණ දීමට හැකියාවක් තිබුණේ නැත. නංගි මල්ලි අසන ප්‍රශ්න වලට දීමට පිළිතුරු නොවීය. එහෙත් බොරු ගොඩාක් කියා ඇය සති දෙක තුනක් ගෙදරට වී සිටියාය. ඉදිමුම් බැස ගොස් තුවාල සුව වූ පසුව ඇය යළි රැකියාවට ගියේ පවුල නඩත්තු කිරීමේ වගකීම පැවරී ඇති බැවිනි. රෝහලට ගිය ඇයට සවස රාජකාරි කිරීමට සිදුවුයේ වෛද්‍ය දිනේෂ් සමඟය. ඔහු යළි ඇය අල්ලා ගත්තේය.

“උඹට මොකද වුණේ ඇයි උඹ මට කතා නොකළේ?” ඔහු ඇයගෙන් විමසන්නට විය.“මගේ ෆෝන් එක නෑ.” “හා හරි මම ෆෝන් එකක් අරගෙන දෙන්නම් කෝ. එතකොට හරිනේ.”
එලෙස කී ඔහු ඇයට ජංගම දුරකථනයක් ලබා දුන්නේය. එලෙස දින කිහිපයක් ගෙවී ගියේය. දිනක් රාත්‍රී රාජකාරී නිම වූ ඇය රෝහලෙන් පිටවන විට වේලාව උදේ හත පමණ වී තිබිණි. ඇය අසල මෝටර් රථයක් නතර විය. එය දිනේෂ්ගේය.
“උඹත් එකක් ගනුදෙනුව තවම ඉවර නෑ. යමං කියලා මාව බලෙන් නංග ගත්තා. එහෙම නාවොත් අපේ පවුලම විනාස කරනවා කියලා තර්ජනය කරන බයට මම කාර් එකට නැග්ගා. එදා යුද හමුදා වෛද්‍යවරුන්ගේ නිල නිවාස තියෙන නුගේගොඩ තැනකට මාව අරගෙන ගියා. උඩ තට්ටුවට යද්දී එතන එදා හිටපු දෙන්නම හිටියා. මට හිතුණා අදත් මම ඉවර තමයි කියලා. දිනේෂුයි, එදා මට අතවර කරපු යාලුවයි. එයාගේ ගෝලයා රණසිංහයි තුන්දෙනාම බිබී මටත් පොව පොව ගංජත් පෙව්වා. පස්සේ තුන් දෙනාම මට අතවර කළා. උඹට හැම මිනිහෙක් එක්කම ඉන්න පුලුවන් මේ කට්ටිය එක්ක ඉන්න බැරි කමක් නැනේ කියලා තුන් දෙනාම තිරිසන්නු වගේ මට අතවර කළා. මම කෑ ගැහුවා. උඹලට මම වගේ අක්කලා නංගීලා නැද්ද කියලා ඇහුවා. ඒ වේලාවට දිනේෂ් මගේ බෙල්ල මිරිකුවා.

මෙලෙස එදින ද ඔහු තම මිතුරන් හා එක්ව සිය පෙම්වතිය සමුහ දුෂණයකට ලක් කළේය. මාස කිහිපයක් ගෙවී ගිය අතර නොවැම්බර් මාසයේ දිනයක රැකියාව නිමකොට එළියට ආ ඇය ඔහු පැමිණ පැහැරගෙන ගියේය. එදින මෝටර් රථය පැදවුයේ රණසිංහ විසිනි. ඔහු ඇය රැගෙන ගියේ මොරටුව පැත්තේ තට්ටු නිවාසයකටය. ඇය කැඳවාගෙන යද්දී පෙර දින දෙකේම දිනේෂ් හා එක්ව අතවර කළ පුද්ගලයාත්, නාඳුනන තවත් තරුණයකුත් එහි නාන තටාකය අසල මත් වතුර පානය කරමින් සිටියහ.

“එතකොට වෙලාව රෑ එකොළහට විතර ඇති. එදත් ඒ විදියටම මට පෙව්වා. ගංජා පෙව්වා. ඒත් ඒ ගෙදර අයිතිකාරයා පාඩුවේ හිටියා ටික වේලාවකින් දිනේෂ් මාව කාමරයකට ඇදගෙන ගියා. ගෙදර අයිතිකාරයත් කාමරයට ආවා. ඇවිත් දිනේෂ් එක්ක එකතුවෙලා මට දස වද දුන්නා. හැබැයි අනිත් කෙනයි රණසිංහයි ආවේ නෑ.”

ඇයට කළ ලිංගික අතවර ගැන ලියන්නට වචන නැත. ඒ ඒවා ඒ තරමටම අසික්තික වීම නිසාය. ඇයගේ සිරුරින් රුධිරය ගලා යද්දී ඒ බව තඹයකට මායිම් නොකළ දෙදෙනා ඇයට තව තවත් ලිංගික අතවර කළහ. අවසානයේ දිනේෂ් ඇයට වෛද්‍ය ප්‍රතිකාර ද ලබා දුන්නේය. මෙලෙස දින ගණනක් තිස්සේ සමුහ දුෂණයට ලක්වුවද ඇය ඉවසා සිටියේ දිනේෂ් තව නොබෝ දිනකින් වත් තමාට අනුකම්පා කරනු ඇතැයි සිතාය. එලෙසම තම මව සහෝදරයා සහෝදරියට කරදයක් කරාවි යන බිය නිසාය.
“එයා ආපහු දවසක ඇවිත් මාව මීගමුව පැත්තේ හෝටලයකට අරගෙන ගියා. එදා නම් කවුරුත් සිටියේ නෑ. මෙයා විතරයි මට කරදර කළේ.”

එලෙස දැඩි ලිංගික හිංසනයට ගොදුරු වුවද ඇය ඉවසා සිටි නමුත් ඔහු ඇය නැත්තටම නැති කර තිබිණි. ඒ ඇයගේ හොඳ ඡායාරූප මෙන්ම නිරුවත් ඡායාරූප ද ඇය සේවය කරන රෝහල් වෙබ් අඩවියට මුදා හරිමිනි. ඇය නීතියේ සහාය පතන්නේ ඉන් අනතුරුවය. පොලිසිය මෙම කපිතන්වරයා පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගත්තේ ඔහුගේ මෝටර් රථ අංකයෙනි. අනතුරුව ඔහු පොලිසියට කැඳවුයේ රථවාහන ප්‍රශ්නයක් පිළිබඳ යැයි කියමිනි. එලෙස කැඳවා රථවාහන සිද්ධියක් ගැන විමසු අතර එවිට ඔහුගේ රියැදුරු ලාන්ස් කේප්‍රල් රණසිංහ ගැන ද හෙළි විය.

ඔහුද කැඳවාගෙන පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරවු ඔහටු යන්නට හැරියේය. පසුව රණසිංහද සමඟ ඔහු පොලිසියට එද්දී ඇය ද පොලිසියට පැමිණ සිටියාය. “මෙයාව අඳුරණවද?” “ඔව්. මෙයාට මම ගොඩක් ආදරෙයි.” කපිතාන්වරයා ඇයට තම සිතෙහි ඇති ආදරය ගැන එලෙස කරුණු දක්වන්නට විය. ඇයගේ පැමිණිල්ලට අනුව ප්‍රශ්න කිරීම ආරම්භ වුයේ ඉන් අනතුරුවය. කපිතාන් දිනේෂ් මුල දී මෙම චෝදනා ප්‍රතික්ෂේප කළේය. ඔහු දිගටම පවසා සිටියේ ඇයට ආදරය කරන බව පමණි.

එහෙත් අවසානයේ දී ඔහුට සියල්ල හෙළි කිරීමට සිදුවිය. ඔහුගේ හෙළි කිරිම් අනුව ඇය සමුහ දුෂණයට ලක්කළ අනෙක් දෙදෙනා ගැනද තොරතුරු හෙළි විය. තිහාරියේදී ඇය දුෂණය කළ අනෙක් පුද්ගලයා යුද හමුදා පොලිසියේ කපිතාන් වරයෙකි. අනුරාධපුර පාල්කුලම කඳවුරේ සේවය කරන ඔහු දිනේෂ්ගේ ඥාතියකුද වන්නේය. මොරටුව තට්ටු නිවාසය හිමිකරු ඉංජිනේරුවරයෙකි. ඔහු අවිවාහක වන අතර දිනේෂ් ගේ ඥාති කපිතන් අමිත් විවාහකයෙකි.

දිනේෂ් ගේ බිරිය තුන්වන දරු ප්‍රසුතියට සුදානම් වෙමින් සිටින්නීය. දෙවස වරට ඇය සමූහ දූණණයට ලක්කළ නුගේගොඩ හමුදා වෛද්‍ය නිවාසය ද පොලිසිය පරික්ෂා කළේය. ඒ අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවය. එම නිවෙසේ තිබී වාජීකරණ ඖෂධ, කෘතිම පුරුෂ ගංගයන් සහ ගංජා කොටයක් ද හමුවිය. හෙදිය වෛද්‍ය පරීක්ෂණකට යොමු කළ අතර ඇය බරපතල ලිංගික අතරවරයට ලක්ව ඇති බව එම වාර්ථාවේ සඳහන් විය.

යුද හමුදා පොලිස් කපිතන් අමිත් පොලිසිය කළ දැනුම් දීමට අනුව පැමිණියේ නැත. එබැවින් යුද හමුදා පොලිසිය හරහා ඔහු පොලිසියට ගෙන්වා ගැනීමට සිදුවිය. මෙම ස්ත්‍රී දුෂණ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ කිරීම පොලිසියට යම් අපහසු කරුණක් විය. ඒ කපිතාන්වරුන්ට මෙන්ම ඉංජිනේරු වරයාට ද රටේ ඉහළ නතතුරු හොබවන ඥාතීන් සිටීමය. මෙලෙස ඉතා අසික්කිත ලෙස කාන්තාවක දුෂණය කළ නරුමයන් වෙනුවෙන් පොලිසියට බලපෑම් කිරීමට ඔවුන්ගේ ඥාතීන් ඉදිරිපත්වීම ද පුදුම සහගතය. ඔවුන් එලෙස සැලසුම් කන්නට ඇත්තේ ඔවුන් ද මෙම ක්‍රියාදාමය අනුමත කරන නිසා විය යුතුය.

එහෙත් පොලිසිය අකුරටම නීතිය ක්‍රියාත්මක කළේය.කොළඹ දිසාව බාර (වැඩ බලන) නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්තගේ පුර්ණ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සහ එහි සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්නගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්ෂක ලලිත් පෙත්තතන්ත්‍රී, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ජානකී ද සිල්වා, කොස්තාපල්වරුන් වන සලින්ද (61287) සහ සිසිර (86735) යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

-තක්ෂිලා ජයසේකර-

ජපන් බිරිඳගේ අනියම් පෙම නිසා ජීවිතයෙන් වන්දිගෙවන්න වුණු අසිතගේ කඳුළු කතාව – Video

වසර 17 ක් තිස්සේ නොදුටු තම පුතු සොයා ගැනීමට වෙහෙසෙනවා….

නිවසට නිතර පැමිණි අසිතගේ ශ්‍රි ලාංකික මිතුරෙකු සමඟ බිරිඳ අනියම් සබඳතාවක් පටන්ගෙන…..

අසිතගේ ජපාන දේපල සහ ඔහුට ලැබිය යුතු වන්දි මුදල් මෙරට ඥාතීන් වංචාකර ලබාගෙන…

වසර 17 ක් තිස්සේ නොදුටු තම පුතු සොයා ගැනීමට වෙහෙසෙන ජපන් කාන්තාවක් සමඟ විවාහ වූ වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඊයේ හිරු ප්‍රවෘත්ති අංශය සොයා පැමිණියා.

55 හැවිරිදි අසිත ප්‍රනාන්දු නැමති ඔහු ප්‍රකාශ කළේ ජපානයේ ආපන ශාලාවක් පවත්වාගෙන ගිය තමන්ට කිසියම් පිරිසක් දරුණු ලෙස පහරදී මියගිය බවට ව්‍යාජ මරණ සහතිකයක් ඉදිරිපත් කර කෝටි ගණනක වන්දි මුදලක් ලබා ගෙන ඇති බවයි.

90 දශකයේ ජපානයට ගොස් ඇති ඔහු එරට ව්‍යාපාරික කාන්තාවක් සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන 1996 වසරේදී මෙරටට පැමිණ විවාහ වී තිබෙනවා. අනතුරුව අසිත ජපානයේ නගෝයා නගරයේ ආපනශාලාවක් ආරම්භ කර ඇත්තේ සිය බිරිඳගේ සහයෝගයෙන්. එහෙත් එම කාන්තාව, නිවසට නිතර පැමිණි අසිතගේ ශ්‍රි ලාංකික මිතුරෙකු සමඟ ප්‍රේම සබඳතාවක් ඇති කර ගැනීම නිසා ඔවුන්ගේ පවුල් ජීවිතය දෙදරා ගොස් තිබෙනවා.

දිනක් අවන්හල වසා දමා රාත්‍රියේ නිවසට යමින් සිටි අසිතගේ මෝටර් රථය අනතුරට ලක්කරන ශ්‍රී ලාංකික මිතුරා ඇතුලු පුද්ගලයින් 03 දෙනෙකු අසිතට දරුණු ලෙස පහර දී ඇති අතර, ඔහු එරට රෝහලක මාස 04ක් නේවාසිකව ප්‍රතිකාර ලබාගෙන ඇත්තේ කෝමා තත්ත්වයට පත් වීම හේතුවෙන්.

පසුව අසිතගේ පියා ඔහුව මෙරටට ගෙන්වා ආයුර්වේද ප්‍රතිකාර ලබාදී තිබෙනවා.මේ වන විට ඔහු සුව අතට පත්වෙමින් සිටිනවා.

අසිතගේ ජපාන දේපල සහ ඔහුට ලැබිය යුතු වන්දි මුදල් ලබා ගැනීමට මෙරට ඥාතීන් කිහිපදෙනෙකුම පියවරගෙන ඇත්තේ අසිතගේ ජපන් ජාතික බිරිඳ මේ වන විට විවාහ කරගෙන සිටින ජපාන පොලිස් නිලධාරියාගේ ද සහයෝගයෙන්.

තම සහෝදරයා, සාලිය සිල්වා සහ හේමන්ත නැමැති පොලිස් නිලධාරීන් ඊට සම්බන්ධ බවයි අසිත පවසන්නේ. ශරීරය නිසි ලෙස හසුරුවා ගැනීමට නොහැකි වුවත්, අසිත මේ වන විට 17 හැවිරිදි වියේ පසුවන තම දරුවා සොයා ගැනීමේ උත්සාහය අතහැර නැහැ.

ඒ සඳහා ඔහු ජපානයට නැවත වරක් ගොස් තිබෙනවා.එසේම මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයට, විදේශ කටයුතු අමාත්‍යාංශයට, පොලිස් ස්ථාන වෙත පැමිණිලි කර ඇති නමුත්, මෙතෙක් අසිතට සාධාරණයක් ඉටු වී නැහැ.

මේ නිසා ඔහු පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට සාධාරණය ඉටු කර දීම සඳහා පෞද්ගලිකවම මැදිහත් වන ලෙසයි.

Courtesy : gossip.hirufm.lk

ආදරවන්තයන්ගේ දිනයදා තරුණයෙක්ගේ සොහොන් කොතක් ලග හඩා වැටුණ තරුණියගේ කතාව

අාදරය හරිම පුදුමාකාර දෙයක්. සමහරුන්ට දෝතින්ම ලැබෙද්දි තවත් සමහරුන්ට ලොකු වෙහෙසක් දරන්න වෙනවා ලබා ගන්න. එත් සමහරුන්ට කොච්චර උත්සහා කරත් ලැබෙන්නේ නෑ. අාදරවන්තයින්ගේ දිනය දවසේ Facebook එකේ Share වුන Post එකක් අපිට හම්බුණා. තමන්ගේ අාදරය සදහටම අහිමිවුණ තරුණියකගේ කතාවක්. පුළුවන් නම් අඬන්නේ නැතුව මේ කතාව කියවන්න. අඩන්නෙ නැතුව කියවන්න

මගේ නම ඉසුරුණි. මම සදරුට ආදරය කරන්න පටන්ගත්තේ ඉස්කෝලේ උසස් පෙළ පන්තියේ ඉන්නකොට. සදරු ඒ කාලයේ ටිකක් දඩබ්බර චරිතයක්. ගුරුවරයෙක් කියන කිසිම දෙයක් වැඩිය අහන්නේ නෑ. ඔය අතරේ තමයි සදරු මම ගැන ටිකක් උනන්දු වෙන්න පටන් ගත්තේ ඒත් මම කැමතිවුනේ නැ. එහෙම වෙන්න හේතුව සදරුගෙ දඩබ්බර රස්තියාදු කම.

ඔහොම ටික දවසක් යනකොට සදරු පිස්සෙක් වගේ හැසිරෙන්න ගත්තා. යාලුවෝ එක්ක එකතුවෙලා වෙනදට වැඩියෙන් බොන්න පුරුදු වෙලා කියලා මට දැන ගන්න ලැබුණා. මට ගොඩක් දුක හිතුණා. සදරු ගැන කතාවෙන හැම කෙනෙක්ම සදරු ඔහොම වෙන්න හේතුව මම කියල තමයි හිතන් හිටියේ.

දවසක් මට ඕනවුනා සදරුට කතා කරන්න. මම එයාගේ යාලුවෙක්ගෙන් නම්බරය ඉල්ලගෙන කතා කරා..

‘හෙලෝ” “හෙලෝ..කවුද මේ…’

“කවුරු කියලද හිතන්නේ..”

‘ම්හ.. හිතන්න අමාරුයිනේ.. කවුද කියන්නකෝ..”

“මම ඉසුරුණි මෝඩයෝ..”

” අප්පට සිරි බිසෝ මැණිකෙට මොකෝ මාව මතක්වුනේ”

“කවුද මැට්ටෝ බිසෝ මැණිකේ”

“වෙන කවුද ඉතිම්..හා හා ඒකට කමක් නෑ ඇයි ඔයා කතා කලේ.”

“හහ් අපිට කතා කරන්න හොද නැද්ද?. හා එහෙනම් මම තියන්නම්කෝ.”

“ඒ.ඒ. මම ඉතින් තියන්න කිවුවේ නෑනේ..ලස්සන කෙල්ලෝ රස්තියාදු කාරයෝ එක්ක කතා කරන්න කැමති නෑනේ ඉතිම්..කොහෙන්ද ඔයාට නම්බරය ලැබුනේ.”

” ඒවා වැඩක් නෑ. ඇයි ඔයා මෝඩයෙක් වගේ බොන්නේ බොරු කියන්නේ නැතිව ඇත්ත කියනවා.”

“පිස්සුද.? මම එහෙම බොන් නෑ.කවුද කියන්නේ..”

මද සිනහවකින් යුතුව සදරු එලෙස කියන්නට විය. අපේ අම්මා එනවාත් සමග මම හදිසියේම දුරකතනය විසන්ධි කලාය.

⁣වෙනද මුළු පන්ති කාමරයම හිනස්සපු සදරු දැන් වෙනදට වඩා ස්වරූපය සෑම අතින්ම යහපත්ය. කුමක් හෝ දෙයක් හිත ඇතුලේ තද කරගෙන ඉන්න බව මට ඉවෙන් මෙන් වැටහින. විවේකය ලැබුණ ගමන් මම සදරු ළගට ගිහින් ඔහු සමග ටිකක් කතා කලාය.

“ඇයි ඔයාට මොකක් හරි අසනීපයක්ද?”

“අනේ නෑ.. ඇයි එහෙම ඇහුවේ.”

” නෑ මට එහෙම තේරුණා.”

“නෑ මෝඩියේ පිස්සුද?”

සදරු මොකක් හරි ලොකු පසු තැවිල්ලකින් ඉන්නවා කියලා මට තේරුණා. ඒත් එයා ඒක මගෙන් හන්ගන්න උත්සහ කරනව වගේ තේරුණ නිසා මම එයාගේ යාලුවන් ගෙනුත් අහල බැලුව ඒත් ඒ අය එක්කවත් සදරු මොනවත් කියල තිබුනේ නෑ.

සදරුගෙ දඩබ්බර කම නැති වුනාම මුලු පන්තියම පාලු වෙලා වගේ. මම කොච්චර අකමැති වුනත් ඒ පණ්ඩිත වචන ඇහෙන්නේ නැතිව මටත් ගොඩක් පාලුයි.. සදරු වෙනද වගේ මම ගැන උනන්දු වෙන්නෙත් නෑ. සදරු මට අකමැතිද, වෙන කෙල්ලෙක් එක්ක යාලුවෙලාද නොයෙකුත් නිමක් නැති ප්‍රශ්න මගේ හිත ලග දෝංකාර දෙන්නට විය. නෑ සදරු ⁣එහෙම නෑ එයා මට ආදරය කරනවා මම ඒක දන්නවා.මමත් නොකිවුට ඒ වෙන කොටත් සදරු ගේ රූපය විතරයි මගෙ හදවතේ ඇදිලා තිබුණේ..හැමදාම මාව උදෙන්ම ඇහරවලා පාසලට එවුවේ සදරුගේ මූණ බලන්න ඕන කියන සිතුවිල්ලමයි.

මොනතරම් දඩබ්බර උණත් කවදාවත් පන්ති කට් නොකරපු සදරු ළගකදි ඉදන් ඉස්කෝලේ එන්නේ නැතිව නතරවෙලා තිබුණා. මම එයාගේ නම්බරයට කතා කළත් ඒක වැඩ කලේ නෑ. යාලුවන්ගෙන් ඇහුවත් එයාලවත් දැනන් හිටියේ නෑ. ආයෙත් සතියකින් විතර සදරු පාසලට ඇවිත් අර පරණ විදියටම මට බිසෝ මැණිකේ කිය කියා විහිලු කළා. ඒදා සදරු පුදුම විදියට යාලුවෝ එක්ක සතුටු වෙනවා මම දැක්කා.

16 වෙනිදා පාන්දර 5.00 ට විතර මට මිස්ඩ්කෝල් කිහිපයකුයි මැසේජ් එකකුයි ඇවිත් තිබ්බා සදරුගේ යාලුවෙක්ගෙන් ඒකේ තිබ්බේ ‘හදිස්සියක් ආන්සර් කරන්න කියලා” මම හනිකට ඒ නම්බරයට කෝල් එකක් ගත්තා. එයා ගොඩක් දුකින් වගේ කතා කරලා කිවුවා ඉසුරුණි සදා අපිව දාලා යන්නම ගිහින් කියලා.. මොනවදෝ මේ කියන්නේ කියලා මට කිසි දෙයක් තේරුම් ගන්නට නොහැකි විය. මා නැවත නැවතත් ඇසුවත් ඔහුගේ පිළිතුර එයම විය..

ඒ සිදුවීම දරාගන්න තරම් මම ශක්තිමත් නොවීය. මම මහ හයියෙන් කෑ ගහල අඩන්න පටන් ගත්තෙමි. ඒ සද්දයට අම්මා ඇහරැණාය.මම ඒ වන තුරු සදරු ගැන කිසිම දෙයක් අම්මාට කියල තිබුණේ නැත.මම හැඩු කදුලින් යුතුව සියලුම දෑ අම්මාට කීවාය. එවලේම ත්‍රීවිලරයක් රැගෙන සදරුගේ නිවසට අම්මත් මමත් ගියත් ඒ වන විටත් සදරු ගේ මෘත දේහය ⁣නිවසට ගෙනවිත් තිබුණේ නැත.

සදරු මම ගැන හැම දෙයක්ම සදරුලුයි අම්මට කියා තිබුණාය. මම ඒ අම්මගෙන් විස්තර අසන්නට විය. මොහොතක් හැඩූ කදුලින් යුතු ඒ අම්මාගේ මුවින් විවර වූ වචන ඒ තරම් සොදුරු වුයේ නැත.

“අනේ දුවේ මගේ පුතාට පිළිකාවක්. ඒක හරියටම අදුර ගත්තේ මීට මාසයකට කලින් එයා කිවුවා අ⁣ම්මේ මේක කාටවත් කියන්න එපා කියලා. ඊට පස්සේ පෙරිදා දොස්තර මහත්තයා කිවුවා පිළිකාව උඩු දුවල දැන් පුතාව ජීවත් කරවන්න ටිකක් අමාරුවෙයි කියලා. ඊයේ දවසේ පුතා හැමෝම එක්ක විනෝද වුණා පාන්දර 3.00 විතර එයා අපිව දාල ගියා රත්තරං දුවේ..කියමින් සදරුගේ අම්මා කෑ ගහල අඩන්නට විය.. සදරුගේ හොදම යාලුවා සසංක. එයා මට හැම විස්තරයක්ම කිවුවා.

“සදරු ඔයාට පට්ට විදියට ආදරය කලා. මට ඌ පිළිකාව ගැන කිවුවේ සතියකට උඩදි. ගිය ටිකේ ඔයා එක්ක කතා කලේවත් නැත්තේ. ඌ හිටියේ පට්ට අවුලෙන්. පිළිකාවට වඩා අවුල් වුනේ ඌට ඔයාව නැති වෙයි කියන බය. ඒ්ත් මම කිවුවා ඔයාට ඒක කියන්න කියලා. ඌ කිවුවා පිළිකාවක් තියෙන කෙනෙක්ට ඒකී ආදරය කරලා දුක් වෙනවට වඩා. මම ඒකීට කැමති නෑ වගේ ඉන්නවා එතකොට ඒයා හිත හදා ගනීවිනේ..කියලා “ හැම දෙයක්ම කදුලකින් නිමා විය. අද මට ඉතිරි වූයේ සදරු වැලලූ සොහොන් කොත පමණි. මම සදරුට නිවන් දකින්න කියන්නේ නැත.මම ප්‍රාර්ථනා කරන්නේ ලබන බවයයේදී හරි අපි එකට ඉමු කියාය..

අම්මගෙ තාත්තගේ ආදරයෙන් හැදුන අපි ටික ටික උස් මහත් වෙනකොට ඇගපත මෝරනකොට විරුද්ධ ලිංගික ආදරයක පැටලෙන්නේ කිසිම දෙයක් හරි ආකාරව තේරුම් ගන්නට නොහැකි කාලයක වෙන්න පුලුවන්.. ඒ කෙසේ වෙතත් පසුගිය කාලය පුරාවට සැබෑ ආදරය කියන භූමිකාව ගැන ගොඩක් දෙනෙක් කතා බහ කරන්න පටන් ගත්තා. මේ පහලින් තියෙන පොටෝ එක දැක්කම මටත් ලොකු කම්පාවක් ඇතිවුනා. ඒ නිසයි මේක ලියන්න කල්පනා කලේ…..

Courtesy : 24.siyathafm.lk

ගුරුවරියක් සිසුවෙක්ට යවපු වීඩියෝවක් අන්තජලයේ මෙන්න එම වීඩියෝව

පොලිසියට බොරු කීමේ වරදට ඇමරිකාවේ ඔහියෝ ප‍්‍රාන්තයේ ක‍්‍රිස්තියානි පාසලක ගුරුවරියක් අත්අඩංගුවට ගෙන ඇත. තිස් හය හැවිරිදි වියේ පසුවන ජේමී ක්ලිමී සින්සනාටි හිල්ස් ක‍්‍රිස්තියානි ඇකඩමියේ 5වන ශ්‍රේණියේ විද්‍යා ගුරුවරියක් ලෙස සේවය කර තිබේ.

පසුගිය නොවැම්බර් මස දී ඇගේ නිරුවත් ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයේ කාමුක වෙබ් අඩවි තුළ පළ වී ඇති අතර ඒවා ලක්ෂයකට අධික පිරිසක් විසින් නරඹා ඇතැයි පැවසේ. එසේ පළ වූ දිනට පසුදින “ජේමී” විසින් පොලිසියට පැමිණිලි කර ඇත්තේ තම අයිෆෝන් ජංගම දුරකථනය සොරාගෙන ඇති බවයි.
තමන් සහ ජේමී අතර හුවමාරු වූ ඡයාරූප මෙසේ පළවූයේ කෙසේදැයි ඇගේ ස්වාමිපුරුෂයා මාධ්‍ය වෙත පවසා තිබුණි. කෙසේ වෙතත් ඡයාරූප ගැන අදහස් දැක් වූ ඇතැමෙකු පවසා ඇත්තේ මෙම ගුරුවරිය යහපත් චරිතයක් ඇති අයෙකු නොවන බව තමන් නම් හොදාකාරවම දන්නා බවයි. සිදුවීමෙන් පසු මවකද වන ජේමී ක්ලිමී පාසල් පරිපාලනය විසින් නිවාඩු යවනු ලැබිණි.

මේ අතර සිදුකළ පර්යේෂණවලින් හෙළිවී ඇත්තේ සිය සැමියාට අමතරව තවත් එක් අංකයකට ඈ විසින් සිය නිරුවත් ඡයාරූප යවා ඇති බවයි. මේ සමග ජංගම දුරකථනය පැහැරගැනීමේ චෝදනාවද අසත්‍යයක් බව ජේමී විසින් පිළගෙන ඇත.

ඉන්පසු පොලිස් පරීක්ෂණවලට බාධා කළ බවට චෝදනා කරමින් පොලීසිය විසින් ඈ අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර පසුව ඇය ඇප මත නිදහස් කර තිබේ. මේ වනවිට ක‍්‍රිස්තියානි පාසල් ගුරුවරිය වූ ඇය සිය වෘත්තීයෙන් සමුගෙන ඇතැයිද පැවසේ.

එක රැයකින් ලොවක් වසග කල වීඩියෝව

ප්‍රසංගයකට සහභාගී වි ඉදිරිපත් කල  ලොවක් වසඟ කර ගත් රංගනයක් අන්තරජාලයේ මේ වන විට සැරිසරයි. පිරිමින්ව වසඟයට ගත හැකි මේ ලස්සන නර්තනය ඇත්තටම ඉතාමත් අකර්ශනියයි.  මෙය විදෙස්එ රටක ඉදිරිපත්සේ කල නර්තනයකි . මේ ලස්සන නර්තනය පහත සඳහන් වීඩියෝවෙන් නරඹන්න. ලස්සනයි කියලා හිතෙනවනම් ඔබලාගේ යහළුවන්ටත් බලන්න share කරන්න.  මෙන්න වීඩියෝව පහතින් නරඹන්න.