ලෝක බොක්සිං ක්‍රීඩාවට සමුදී බුදු දහම වැළඳගත් තායිලන්ත බොක්සිං ශූරයා – Photos

අද හුඟක් තරුණ හදවත් බුදුදහමට නැඹුරුවෙලා තියෙනවා.
පසුගිය දවස් ටිකේම පැවිදි දිවියට ඇතුලත් වුණු තරුණ තරුණියන් කිහිප දෙනෙකු ගැනම අපි ඔබට කිව්වා.

හැමෝටම ආදර්ශයක් දෙමින් මෙම සිදු කර ඇති කටයුත්ත අගය යුතුය.
මේ කියන්න යන්නෙත් මුහුණුපොත පුරාම හුවමාරු වුණු ඡායාරූපයක් ගැනයි.
ඒ තමයි ලෝක බොක්සිං ශූරයෙකු බුදුදහම වැළඳගැනීම.
ක්‍රීඩාවට සමුදීලා බුදු දහම වැළඳගත් මේ ක්‍රීඩකාගේ ඡායාරූපවලට සටහන් තබමින් හුඟක් දෙනෙක් කියලා තිබුණේ හිටපු විදිහට වඩා වැදගත් වෙන්නේ ඉන්න විදිහ බවයි.

එම ඡායාරූප පහතින්…

සතුටක් ඇත්තෙම නැද්ද කරදරවලින් මිදෙන්න මේ විදියට පත්තිනි මෑණියන් නමදින්න – දෙවියන් විශ්වාස කරන්න.

දේශමාන්‍ය – දේශබන්දු, රංජන් සිසිර කුමාර, සටහන – ධම්මික හේවාවසම්

පත්තිනි දෙවියන් හෙවත් පත්තිනි මෑණියන් අප රටේ ජනතාව අතර ගෞරව භක්‌ත්‍යාදරයට පත්වූ ඉන්දියානු සම්භවයක්‌ ඇති මහා බලසම්පන්න දේවාත්මයකි. ඈත අතීතයේ ඉන්දියානු ජනතාවගේ වන්දනාමානයට පමණක්‌ සීමාවී තිබූ පත්තිනි ඇදහීම ශ්‍රී ලාංකීය ජනයා අතර ප්‍රකටව ඇත්තේ එකල රජ කළ ගජබා රජ සමයේදී බව කියෑවේ.

කේරළ දේශය අතිශයින් සශ්‍රීකත්වයට පත් වූයේ පත්තිනි දෙවියන් ඇදහීමෙන් බව තරයේ විශ්වාස කළ සෙන්ගුත්තවාන් රජු විසින් පත්තිනි දේවිය වෙනුවෙන් ඉතා රමණීය මාළිගාවක්‌ තනවා එම මාළිගය එතුමිය නමින් කැපකර හිමාල අඩවියේ ගල්කුළකින් පත්තිනි දේවියගේ පිළිරුවක්‌ නෙළවා එම පිළිරුව ගංගා නදියේ ශුද්ධවූ ජලයෙන් දෝවනය කොට මාළිගයේ තැන්පත් කොට එය ආරම්භ කිරීමේ දේව මංගල්‍යයට සහභාගිවන මෙන් ගජබා රජුටද කළ ආරාධනය පිළිගෙන දේව මංගල්‍යයට සහභාගි වූ ගජබා රජුට සෙන්ගුත්තවාන් රජු විසින් පත්තිනි සළඹක්‌ ත්‍යාග වශයෙන් ලබාදුන් බව ජනප්‍ර්‍රවාදයේ සඳහන්ය.

යුද්ධයෙන් දකුණු ඉන්දියාව ජයගත් ගජබා රජු සොළීන් මෙරටට ගෙන ආ බව ඉතිහාසයේ දැක්‌වෙන අතර ඔවුන් අතර පැතිරෙමින් තිබූ නොයෙක්‌ රෝග මර්දනය කර ගැනීම පිණිස ගජබා රජු තෙමේ සෙන්ගුත්තවාගේ රජු විසින් තෑගි දෙන ලද සළඹද උපයෝගී කරගනිමින් පත්තිනි දේවිය පිදීමට කටයුතු කර ඇති අතර එම කන්නලව් අසා පත්තිනි දේවිය ඉමහත් අනුකම්පාවෙන් යුතුව බෝවන රෝග නිවාරණයෙහි යෙදී ඇත.

පත්තිනි දේවියගේ ආත්ම චාරිකාව අනුව මෙලොව නරයින්ගේ දුක්‌ඛ දොaමනස්‌සයන් නසා පිහිට ආධාර වීම පිණිස සත්වාරයක්‌ පත්තිනි නමැති ආත්මයේ උපන් බැවින් සත් පත්තිනි ලෙසද දොළොස්‌ වාරයක්‌ පත්තිනි නමැති ආත්මයේ ඉපදුණු බැවින් දොළෙDස්‌ පත්තිනි ලෙසද හැඳින්වේ.

පින් රැස්‌කරමින් බුද්ධත්වය ප්‍රාර්ථනා කරන දේවාත්මයක්‌ ලෙසද බෞද්ධ ජනයා ඉමහත් ගෞරවයෙන්, භක්‌තියෙන් අදහන පත්තිනි දෙවඟනගේ පිහිට ආශිර්වාදය පතා ඇය වෙත එන ඕනෑම කෙනෙකුට පිහිටවන ඇය තදබල නියං කාලවලදී වර්ෂාව ඉල්ලා බාරහාර වීමෙන් වර්ෂාව ලබාදී කෙත්වතු සාර කිරීම, බෝවන රෝග වසංගත පැතිර යන කාලවලදී ඒවා මර්දනය කිරීම, දරුවන් අහිමි කාන්තාවන්ට දරු සම්පත් හිමිකරදීම, කිරි දරුවන් ආරක්‍ෂා කිරීම, අවිවාහකයන්ගේ මංගල සිහින සැබෑ කරදීම වැනි උදාතර ප්‍රාර්ථනා ඉෂ්ට කරදී ලෝවැස්‌සන් ආරක්‍ෂා කරනු ලබන බව අත්දැකීමෙන් පැවසිය හැකිය.

එබැවින් එදිනෙදා ජීවිතයේදී ඔබට මුහුණපෑමට සිදුවන දුක්‌ කරදර රෝ බිය සමනය කර ගැනීම උදෙසා පත්තිනි දෙවඟනගේ පිහිට ආරක්‍ෂාව ශාන්තිය බලාපොරාත්තු වන ඔබ තම නිවසේදී හෝ පත්තිනි මෑණියන් වෙනුවෙන් වෙන් වූ දෙවොලකදී මල් පැන් පහන් සුවඳදුම් පූජාකර තිසරණ සහිත පංචශීSලයෙහි පිහිටා බුඳුන් වැඳ සෙත් පිරිසත් ගායනා කර පත්තිනි මෑණියන් වෙනුවෙන් ගිතෙල් හෝ රන් තැඹිලි තෙල් පහනක්‌ දල්වා කහමල් සුවඳ දුම් පූජා කර දෙවියන්ට පිං අනුමෝදන් කර එතුමිය බැල්ම හෙළන 12.06 සිට 12.36 දක්‌වා දිවා රාත්‍රී දෙකටම පොදු මෙකී වේලාව අතරතුර ඔබේ දුක්‌ ගැනවිලි සඳහා සහනය ප්‍රාර්ථනා කරමින් මෙම ගාථා රත්නය ගායනා කරන්න.

නානා සුන්දර ජන වනිතා ගණ

තාරපතී ඉව ශ්‍රී දේහං

නානා වර්ණක ශාටක ධාරණ

මාලා දාමං විලන්දකං

නානා ශාස්‌ත්‍ර පූජාන විජානන

ඥන විශාරද කීර්ති ධරං

නානා ශෝභිත රත්න නිරන්තර

දදාතු තේ පත්තිනි මාතා

ලංකාවේදී ලෝක රූ රැජිනට තේරුණු කවුරුත් දන්නා සුරූපී නිලි දුෂේනි මියුරංගි මැණික් වලින් සෑදු ලංකාවේ ලක්ෂ 190ක් වටිනා සුපිරි කිරුල දිනාගනී

රුළක් පැලැඳි කෙනෙක් විදිහට අද මොකද හිතෙන්නේ?

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා කියන්නේ මගේ ජීවිතේ තිබුණු ලොකුම හීනයක්. මම මේකට ගොඩක් මහන්සි වුණා සහ ගොඩාක් කැපකිරීම් කළා. හුඟාක් සතුටුයි ශ්‍රී ලංකාව නියෝජනය කරන්න අවස්ථාව ලැබුණ එකට. ලෝකයේ තියෙන ලොකුම සහ පැරණිම තරගාවලිය තමයි මිස් වර්ල්ඩ් කියන්නේ. අනිත් පැජන්ට් වලට වඩා වෙනස් තරගයක්. මම ගොඩාක් වාසනාවන්තයි කියලා තමයි මට දැනෙන්නේ.

විශාල වටිනාකමක් තියෙන කිරුළක් පැලඳීමට තරම් ඔබ වාසනාවන්ත වුණා නේද?

ඇත්තටම ඔව්, මම ගොඩාක් වාසනාවන්තයි. ලංකාවේ ප්‍රථම වතාවට තමයි මේ තරම් වටිනා කිරුළක් පැලැන්දුවේ. මේක ලක්ෂ 190ක් වටිනා කිරුළක්. රාජා ජුවලර්ස් වලින් තමයි මේ කිරුළ දුන්නේ. ධනංජය බණ්ඩාර තමයි මේ කිරුළ නිර්මාණය කළේ. ලංකාවේ තියෙන මැණික් ගල් වලින් තමයි මේක අලංකරණය කරලා තියෙන්නේ. මගේ මහන්සිය, කැපවීම මම උපරිම විදිහට භුක්ති විඳිනවා. ඒ කිරුළ මට මුලින්ම පැලඳ වීම භාග්‍යයක් විදිහට තමයි මම දකින්නේ.

මේ තරම් වාසනාවන්ත වෙයි කියලා හිතුවද?

මම මෙච්චරම වාසනාවන්තයි කියල නම් හිතුවෙ නැහැ. මගේ හිතේ හැමදාම තිබුණා ඉලක්කයකට යනවා කියලා. මොකද මම මගේ ඉලක්කය සම්පූර්ණ කර ගත්තා. දැන් ඉස්සරහට තියෙන්නේ මේකෙ ජාත්‍යන්තර තරගාවලිය. ලබන මාසේ 18 වැනිදා මම චීනය බලා පිටත් වෙනවා. එතැනින් එහා තමයි ඉතුරු ටික කරන්න තියෙන්නේ. මගේ වයසත් එක්ක මම සාර්ථකයි කියලා හිතෙනවා.

ඔබේ වයසත් එක්ක ජාත්‍යන්තරයට යන්න ලැබුණ එකත් යම්කිසි අභියෝගයක් නේද?

ඇත්තටම ඒක අභියෝගයක්. මම කලින් කිව්වා වගේ වාසනාවක් හින්දා තමයි අවුරුදු 22 වෙනකොට ජාත්‍යන්තරයට යන්න අවස්ථාව ලැබෙන්නේ. ලෝකේ තියෙන ලොකුම තරගාවලිය තමයි ලෝක රූ රැජින කියන්නේ. මේ තරගාවලියට යන්න ලැබීමත් වාසනාවක්. පොඩි කාලයක් ඇතුළතදී මම කරපු කැපකිරීම්, මම ගත්ත අත්දැකීම් තමයි අද මම මේ භුක්ති විඳින්නේ.

රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කළ ඔබ කොහොමද නිරූපණයට පැත්තට යොමු වුණේ?

මම රංගන ක්ෂේත්‍රයට පිවිසුණේ අවුරුදු 20දී. 2015 පැවති අයි.ටී.එන් අවුරුදු කුමරිය තරගයෙන් පස්සෙ තමයි මම ක්ෂේත්‍රයට එන්නේ.

මගේ ඔළුවෙ තිබුණු එකම ආසාව සහ හීනය තමයි ලෝක රූ රැජින තරගයට යන්න. රංගන ශිල්පිනියක් වුණාට මට තාම වයස අවුරුදු 22යි. ඉතිං මට වයස, රූපය බුද්ධිමත් බව තියෙන නිසා තමයි ලෝක රූ රැජින තරගයට අයදුම් කළේ.

මුල්ම නිර්මාණය මොකක්ද?

මුලින්ම මම දායක වුණේ නිල්වලා ආයතනයෙන් කරපු ‘ආදර වැස්ස’ ටෙලි නාට්‍යයට. ලලිත් වසන්ත මහත්මයා තමයි මාව ඒ නාට්‍යයට ගත්තේ. ඒ නාට්‍යයයේ පුංචි චරිතයක් දීලා ඊට පස්සේ ‘ආදරේ ගින්දරක්’ නාට්‍යයේ ප්‍රධාන චරිතයක් දුන්නා.

එම නාට්‍ය තුළින් දැක්කේ ඔබේ අහිංසක බවක්? ඒ චරිතයට විතරද?

නැහැ. මම ඇත්තටම අහිංසකයි කියලා හැමෝම කියනවා. දැනට මම රංගනයෙන් දායක වෙලා තියෙන්නෙත් අහිංසක චරිත 04කට තමයි. ටෙලිනාට්‍ය දෙකක් ඒ අතරින් විකාශය වුණා. චිත්‍රපටයකත් අහිංසක චරිතයක් මම කළා. ඉස්සරහට බලාපොරොත්තුවක් තියෙනවා වෙනස් චරිතයකින් ප්‍රේක්ෂකයන් ඉදිරියට එන්න. මම කැමති නැහැ අහිංසක චරිතය තුළින් සම්පූර්ණයෙන්ම බැහැර වෙන්න. නමුත් උත්සාහ කරනවා ඒ චරිතය ඇතුළේ වෙනසක් කරන්න.

ඔබ චිත්‍රපටයක් ගැනත් සඳහන් කළා?

ඔව්, ඒක මගේ පළවෙනි චිත්‍රපටයයි. සේනක විජේසිංහගේ ‘මේඝ’ කියන චිත්‍රපටය. ඒක මේ අවුරුද්ද අන්තිමේදි හරි ලබන අවුරුද්ද මුලදී හරි තිරගත වෙයි.

අද ක්ෂේත්‍රය තුළ නවකයන්ට ඇති අවස්ථාවන් ගැන මොකද හිතෙන්නේ?

හොඳයි. මමත් තාම ක්ෂේත්‍රයට අලුත් කෙනෙක්. අපි හොඳට තෝරා බේරාගෙන දේවල් කරන්න ඕන. ගොඩාක් අලුතින් එය අය හිතන්නේ හැම එකක පෙනී හිටියම ජනප්‍රිය වෙනවා කියලා. නමුත් එහෙම නෙවෙයි. තමන්ට ගැළපෙන දේ තෝරගෙන වැඩකටයුතු කරන්න ඕන. අද ශ්‍රී ලංකාවේ පැජන්ට් නම් 100ක් විතර තියෙනවා. හැබැයි මම පිළිගන්න පැජන්ට් දෙකයි ලංකාවෙ තියෙන්නේ. ඒ විශ්ව රූ රැජින සහ ලෝක රූ රැජින කියන තරග දෙක. මේ පැජන්ට් දෙකෙන් එකක් හරි ජයග්‍රහණය කරන්න කෙනෙක්ට අවස්ථාව ලැබෙනවා නම් ඇය වාසනාවන්තයි. අද ගොඩක් නවක අය විවිධ පැජන්ට් සඳහා යන්න පුරුදු වෙලා තියෙනවා. හැබැයි අපි දෙයක් කරන්න ඕන හොඳ තෝරා බේරාගැනීමක් ඇතුවයි කියල තමයි මම නම් හිතන්නේ.

පාසල් කාලේ ඉඳලම බලාපොරොත්තු වුණු දෙයක්ද මේ රංගන ක්ෂේත්‍රය කියන දේ?

නැහැ. පාසල් කාලේ මට රංගනය ගැන කිසි බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ලෝක රූ රැජිනක් වෙන්න ඕන කියන දේ ඒ කාලෙ ඉඳන්ම මගේ ඔළුවෙ වැඩ කරපු දෙයක්. ඒ වගේම මගේ තාත්තටත් විශාල ඕනකමක් තිබ්බා ලෝක රූ රැජින තරගය වෙනුවෙන් ලංකාවෙන් මාව ඉදිරිපත් කරවන්න. එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට කරන්න පුළුවන් වුණ එක ගැන නම් මට ලොකු සතුටක් තියෙනවා.

ඒ කියන්නේ ජාත්‍යන්තර කිරුළක් සඳහා ලොකු හීනයක් තිබුණේ ඔබේ පවුලේ අයටද?

අනිවාර්යෙන්ම ඔව්. මට ගෙදරින් විශාල සහයෝගයක් ලැබුණා. මට ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි විතරයි. ඒ තුන්දෙනා විශාල සහයෝගයක් දුන්නා. ඒ අය නැත්නම් මම අද මෙතන නැහැ. අවුරුදු දෙකක් තිස්සේ ඒ අය තමයි මගේ හැම වැඩක්ම කළේ. දැන් මගේ නම ඉතිහාසයේ ලියවිලා ඉවරයි. ඒ දේවල් වලට ගෙදරින් ලැබුණ සහයෝගය විශාලයි.

ජීවිතේ ලොකුම බලාපොරොත්තුව?

අද වෙනකොට මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ලෝක රූ රැජින කිරුළ දිනාගන්න එක. ඒකට මාසයකටත් අඩු කාලයක් තමයි තියෙන්නේ. මගේ කැපකිරීමත් එක්ක ඒ කිරුළ ලංකාවට රැගෙන ඒම තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මේ වෙනකල් ලංකාවේ කිසිම කෙනෙක් ලෝක රූ රැජින තරගයෙන් අවසන් විසිදෙනා අතරට ඇවිල්ලා නැහැ. මගේ ලොකුම බලාපොරොත්තුව ඒ පැත්තෙන් මගේ ඉලක්කය සම්පූර්ණ කරගන්න තමයි.

ශක්තියක් සහ උදව් කරපු පිරිසක් ඇති නේද මතක් කරන්න?

මේ තරගාවලියේදී මට ලොකු ශක්තියක් වුණේ මගේ පවුලේ අයයි. ඒ වගේම තමයි අනුජ් රණසිංහ. එයත් මට ගොඩක් උදව් කළා. මොඩ්ල් ෂොප් ආයතනයේ සංගීතා වීරරත්න, ධනංජය බණ්ඩාර, රමණි ප්‍රනාන්දු, ෂෙරීන් කුමාරතුංග, උමාදි සිල්වා, සේනක ද සිල්වා අය ඇතුළු ගොඩක් දෙනෙක් ඉන්නවා. මගේ ඇක්ට් එක හැදුවේ අයේෂා මධුශානි. අංගම්පොර ඇක්ට් එකක් කළේ සනුන් ප්‍රන්නාදු. ඒ හැමෝටමත් ස්තූතිවන්ත වෙනවා. තව විශේෂයෙන් ස්තූති කරන්න ඕන ප්‍රසන්න පද්මනාදන්ට. ඔහු මගේ පෞරුෂයත්වය වැඩි කරගන්න ගොඩක් උදව් කළා. නම් නොකියවුණු ගොඩක් අය ඇති. මේ හැමෝටම මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා

දරුණු හිත්පිත් ඇති පාපතර කොන්දොස්තර පුංචි අහිංසක දැරියගේ කොණ්ඩය අල්ලගෙන කල අහස පොලව නුහුලන අපරාදය.

අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවියක් අද උදෑසන බසයේ ගමන් කරද්දී අවාසනාවන්ත ඉරණමකට ලක් වුණා.ඒ බස්රථයේ යන අතරතුර කොණ්ඩය තම මිතුරියකගේ බෑගයේ පැටලීම නිසා..පසුව එතනට පැමිණි හිත්පිත් නැති බස්රථයේ කොන්දොස්තර මහතා අනුකම්පාවක් නොමැතිව ඇද දමා දැරියගේ කොන්ඩයද කඩා රෝහල්ගත කරනවන තත්වයට පත් කර තිබෙනවා.පසුව ඔහු පොලිස් අත්තඩංගුවට ගෙන තිබෙනවා..

බසයෙන් බැසීමට අවශ්‍ය තැන ලං වුවද ඇගේ කොණ්ඩය මිතුරියගේ බෑගයේ පැටලී තිබෙනවා.එවිට ය හා මිතුරිය දැඩි උත්සහයක් ගෙන කොණ්ඩය හා බෑගය වෙන් කිරීමට තැත් කළ ද එය අසාර්ථක වී තිබෙනවා.බස් රථය යාමට පමාවන බව පැවසු කොන්දොස්තර කර ඇත්තේ සිසුවියගේ කොණ්ඩය බෑගයෙන් වෙන්වන සේ ඇද දැමීමයි.

එවිට අඩියක් පමණ කොණ්ඩය කොටසක් කැඩි ගිය අතර පුංචි දැරියගේ හිස දැඩි වේදනාවකට ලක් වුනා.පසුව නිවසට ගොස් මේ බව පැවසු ඇය තම හිසට දැඩි වේදනාවක් දැනෙන බවත් කියා සිටියා.නිවැසියන් බණ්ඩාරගම පොලිසියේ පැමිණිල්ලක් කළ අතර සිසුවිය රෝහල් ගත කළා.

වහා ක්‍රියාත්මක වූ පොලිසිය 43 හැවිරිදි දරුවන් සිටින පියෙකු වන කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගත්තා

ශිහාන් අදටත් විවාහ කරගන්න අසාවෙන් ඉන්න කෙනා ගැන මුල් වරට හෙළිකරයි

ෂෙහාන් කියන්නේ කාලයක් ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ පිස්සු වට්ටපු සිරස සුපර් ස්ටාර් හරහා බිහිවූ සුපිරිම තරුවක්. අදටත් ශිහාන් වෙනුවෙන් පිස්සුවෙන් වගේ ආදරය කරන පිරිසක් නැතුවම නොවෙයි. පසුගියදා සතිඅන්ත පුවත්පතක් සමඟ පවතී සම්මුඛ සාකච්චාවකදී ඔහු සිය ජිවිතයේ වින්ද කරදර දුක් කම්කටොලු ගැන හෙළිකර සිටියා.

ඊට අමතරාව අදටත් ඔහු විවාහ වෙන්න අසාවෙන් ඉන්න කෙනෙක් ගැනත් මෙහිදී හෙළිකර සිටියා “මට අද එයාව බඳින්න ලැබුණොත් මම මෙයාව බඳිනවා කියලා මම බිරිඳට දැනටත් කියන අවස්ථා තියෙනවා” මෙන්න බලන්නකෝ ෂෙහාන් මේ තරම් කැමති වෙලා ඉන්නේ කාටද කියලා

“කව්ද මාව බඳින්නේ..” උදයන්ති කුලතුංග විවාහය ගැන ඇහුවම වේදනාවෙන් කියපු සංවේදී කතාව

උදයන්ති කුලතුංග කිව්වම මේ වෙනකොටනම් ලංකාවේ නොහඳුනන කෙනෙක් නැති තරම් නිරුපන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයට පිවිස පසු ටෙලිනාට්‍ය හරහා සහ ගීත නිර්මාණ වලට රංගනයෙන් දායක වෙමින් ඇය ඇයගේ දක්ෂතාවයන් ලංකාවටම පෙන්වා සිටියා.

පසුගියදා සතිඅන්ත පුවතතක් සමඟ පැවතී සම්මුඛ සාකච්චාවකදී ඇය විවාහය ගැන ඇසු විට ඉතා සංවේදී ලෙස පිළිතුරු ලබාදී තිබෙනවා එහිදී මාධ්‍යවේදියා ඇසු ප්‍රශ්න සහ ඇය ලබාදුන් සංවේදී පිළිතුරු තමයි මේ

ලංකාවේ ගොඩ දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය වාසගම් 22ක ඔබ නොදත් ඇත්තම තේරුම මෙන්න කියවලාම බලන්න

ලංකාව ආක්‍රමණය කළ බටහිර ජාතීන් තුන අතරින් අපේ සංස්කෘතියට විශාල බලපෑමක් කළ ජාතියක් ලෙස පෘතුගීසින් හැඳින්විය හැකිය. ඉන්දියානු සාගරය හරහා කොහේටදෝ යාත්‍රා කරමින් සිටින අතර 1505 දී කුණාටුවකට හසු වී ලංකාවේ ගාලු වරාය ආශ්‍රිත ප්‍රාදේශයකට ගසාගෙන ආ ලොරෙන්සෝද අල්මේයිදා ප්‍රමුඛ නාවුකයන් සහ එකිනෙකා හා කුළල් කා ගත් දේශීය පාලකයන් නිසා ලංකා ඉතිහාසය තුළ පෘතුගීසි බලපෑමක් පිළිබඳ කතා පුවතකට ඉඩ හසර විවර විය. මේ විදේශිකයන් සම්බන්ධයෙන් එකල කෝට්ටේ රජ කළ VII විජයබාහු රජු දැක් වූ ආකල්පය ‘පරංගියා කෝට්ටේ ගියා වගේ’’ යන කියමන හා ඒ හා බැඳි ඉතිහාසයෙන් පැහැදිලි වේ. කොළඹ සිට කෝට්ටේට වැඩි දුරක් නැතත් එය බොහෝ දුර බව ඇඟවීම පිණිස පරංගියා කොළඹ සිට ‘වටවන්දනාවක’ රැගෙන ගොස් අවසන කෝට්ටේ නගරයට ප්‍රවිශ්ඨ කරවීමට සිංහල රජු ක්‍රියා කිරීම එම ආකල්පයේ එක් ප්‍රකාශනයකි.

සට කපට වෙළඳ ජාතියක් ලෙස හැඳින්විය හැකි පෘතුගීසින්ද ඊට නොදෙවෙනිව කෝට්ටේ රජුගෙන් ඉල්ලා සිටියේ ‘ගෙරි හමක් එළා ගැනීමට’ පමණක් සුදුසු බිම් කඩක් තමන්ට ලබා දෙන ලෙසය. එතරම් ‘සුළු’ ඉඩක් ලබා ගැනීමට අවසර නොදීමට විජයබාහු රජුට ද හේතුවක් නොවූ බව පෙනී ගිය බැවින් අද‌ාළ අවසරය දානය කරනු ලැබීය. එහෙත් ඉන්පසු මේ පෘතුගීසින් කළේ ගෙරි (හරක්) හම කීතු කීතුවලට ඉරා ඉතා සිහින් පටි ලෙස ගෙන කොළඹ වරාය ආශ්‍රිතව විශාල ප්‍රදේශයක් වට කරගෙන විශාල බලකොටුවකට පදනම් දැමීය. ක්‍රි.ව 1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසින් කොයි අන්දමින් නමුත් මෙරට දේශපාලනයට ගාවා ගැනීමට අපේ රජදරුවන් ක්‍රියාකළ බැවින් දිවයින වටා වෙරළ තීරයම 1658 දක්වා පෘතුගීසි ආක්‍රමණයට නතුවිය.

1505 දී ලංකාවට ගොඩබට පෘතුගීසීන්ගේ මූලික අරමුණ වෙළඳාම මිස ධර්ම ප්‍රචාරය නොවූ බව පැහැදිළිවන්නේ ඉන් තිස් තුන් වසරක් ගත වන තුරු එනම් 1538 වන තුරු කතෝලික ධර්ම දූතයන් මෙරටට ගෙන්වා ගැනීමට පෘතුගීෂින් උනන්දු නොවූ බැවිනි. කෙසේ වෙතත් පෘතුගීසීන් ලංකාවට ගෙනා දේ අතර අලංකාරම තිළිණය කතෝලික දහම වූ බව පැහැදිලි වුවත් ඔවුන් වෙසෙසින් බෞද්ධ – හින්දු ධර්මයන් පිළිබඳව දැක් වූ ප්‍රතික්‍රියාව නම් අද කාලයේ මානසිකත්වයෙන් බලන විට නම් කොහෙත්ම කළ අනුමත කළ නොහැකිය. මන්ද, එකල පොදු කතෝලික ඉගැන්වීම වූයේ ‘Extra ecclesiam nulla salus’ (එක්ස්ට්‍රා එක්ලේසියාම් නුල්ලා සාලුස්) එනම් (කතෝලික) සභාවෙන් පිටත ගැළවීමක් නොමැත යන්නය. ඒ අනුව අන් ආගම් අදහන අයට ගැළැවීමක් නැතැයි යන අදහසින් පෙළඹී ඔවුන්ට හොඳින් හෝ නරකින් තම ආගම ‘පෙවීමට’ ගත් උත්සාහයන් ඉතිහාසය තුළ අපට දැකගත හැකිය. සමහර අන්තවාදී ඉස්ලාම්වරුන් අද පවා මෙබඳු මානසිකත්වයකින් අන්‍යාගම් දෙස බලන බව පෙනී යයි. මෙම මානසිකත්වය කතෝලිකයන්ගෙන් නිල වශයෙන්ම පහකර දැමූ 1962 – 65 දක්වා මුළු දුන් තීරණාත්මක II වතිකාන මහා සම්මන්ත්‍රණ සභාව තම ප්‍රකාශන එකක් නොව දෙකක්ම මගින් අන්‍යාගම් තුළ ද සත්‍ය​යේ බීජ අඩංගු වන බව ප්‍රකාශ කරන ලදී. 16 සියවසේ බොහෝ ධර්ම දූතයන් සිදු කළ වරදක් වූයේ ධර්මයද සමගින් තම තමාගේ සංස්කෘතිය ද අන් ජාතීන්ට ලබාදීමට උත්සාහ කිරීමයි. ‘ඔවුන් කතෝලික දහමද සමගින් යුරෝපීය සංස්කෘතිය ද අපට ලබාදුන් බැවින් මේ දෙක එකිනෙකින් වෙන් කර ගැනීමට මෙරට කතෝලිකයන්ට නොහැකිව ඇති’’ යි පසුකාලීනව දේශානුරූපී කතෝලික ජනතාවක් ගොඩනැගීමට උර දුන් පූජක සිරි ඔස්කා අබයරත්න පියතුමා ප්‍රකාශ කර සිටියේ එබැවිනි.

16 වැනි සියවසේදී ලාංකිකයකු කතෝලික දහම වැළඳගැනීම සපුරාම පෘතුගීසි සංස්කෘතිය වැළඳගැනීමක් වූ බව පෙනී යයි. මන්ද භෞතිස්ම කරනු ලැබූ අයගේ නම් පමණක් නොව වාසගම් ද පෘතුගීසිකරණයට ලක් වූ බැවිනි. කුසුමාසන දේවිය දෝන කතරිනා වන්නේත්, කරලියැද්දේ බණ්ඩාර දොන් ෆිලිප් වන්නේත් ඒ අනුවය. කෝට්ටේ යුගයේ සුපතළ හෙළ කිවි​ෙඳකු වන සුභාෂිතයේ කර්තෘ අලිගියවන්න මුකවෙටි තුමාද වරක් බෞතිස්ම කරනු ලැබ දොන් ජෙරනිමෝ ලෙස කතෝලිකයකුව සිටි බවත් ඒ කාලය තුළ ‘කොන්ස්තන්තීනු හටන’ නමින් පෘතුගීසි සේනාධිපතියකු වර්ණනා කරන කාව්‍ය සංග්‍රහයක් රචනා කළ බවත් වැඩි කතාබහකට ලක්වන්නේ නැත. කෙසේ වෙතත් අපගේ මෙම ලිපියෙහි මූලික අරමුණ ලංකාවේ පෘතුගීසි ඉතිහාසය ගැන කතා කිරීම නොව ඔවුන්ගේ බලපෑමෙන් අප රට තුළ අදටත් භාවිත පෘතුගීසි පෙළපත් නාම හා ඒවායේ අලගිය මුලගිය තැන් හා අර්ථයන් සොයා බැලීම හා ඒ ගැන කෙටි විමර්ශනයක යෙදීමය.

ලංකාවේ පහතරට ප්‍රදේශවල, ඉනුත් විශේෂයෙන් පුත්තලමේ සිට මාතර දක්වා වෙරළ තීරයේ ජනයා අතරින් බහුතරයක් එකල කතෝලික දහම වැළඳගෙන පෘතුගීසි වාසගම් ලබාගත් බව පෙනී යන නමුත් මන්නාරම, යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දෙමළ ජන බහුතරය සිටින ප්‍රදේශවල ජනයා කතෝලික දහම වැළඳගත්ත ද ඔවුන් සිංහලයන් තරම් පෘතුගීසි වාසගම් ලබා නොගත්තේදැයි ඔවුන්ගේ වාසගම් විමසා බලනට කල්පනා කළ හැකිය. එහෙත් ලන්දේසි පීඩනය හා කුල පීඩනය ආදිය නිසා කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනයා විශාල වශයෙන් කතෝලික විශ්වාසය හැර දමන්නට ඇතැයි 16-17 සියවස්වල කතෝලික ධර්මදූතයන්ගේ වාර්තා සහ වත්මන් ආගමික ජනගහනය සසඳ‌ා බලන විට කල්පනා කළ හැකිය. කෙසේ වෙතත් එම ජනයා තමන්ට ලැබුණු පෘතුගීසි වාසගම් අද පවා භාවිත කරන බව පෙනී යයි. බෞද්ධයන් අතර පවා පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, කුරේ, ඩයස් ආදී බොහෝ පෘතුගීසි වාසගම් භාවිත වන්නේ එබැවින්ය යන්න අපගේ අදහසය. පෙර කී ලෙසම ලාංකික අපට උරුම වූ පෘතුගීසි පෙළපත් නාම මොනවාදැයි දැන් අපි විමසා බලමු.

මෙම වාසගම් බොහෝ විට පෘතුගීසි, ස්පාඤ්ඤ, ලතින් හා ජර්මානු ආභාසයෙන් පෘතුගීසින් හරහා අපට ලැබිණැයි කල්පනා කළ හැකිය. එසේම මේ පෙළපත් නාම අද වන විට අප විසින් අපගේ ඌරුවට, හැඩයට යළි සකසා ඇති බව ද නිරීක්ෂණය කළ හැකිය. අප අතර භාවිත මෙම පෘතුගීසි වාසගම් මොනවාදැයි දැන් අපි සොයා බලමු. සිල්වා, පෙරේරා, ප්‍රනාන්දු, ඩයස්, මෙන්ඩිස් (මැන්දිස්) කුරේ ද මෙල්, කෘෘස්, පීරිස්. පාරිස්, ගෝමස්, ගෝමිස්, වාස්, ​ෙෆාන්සේකා, අල්විස්, අල්මේදා, කබ්‍රාල්, නෝනිස්, සොයිසා, සුවාරිස්, රොද්‍රිගු, රුබේරු, කොරයා සහ පැස්කුවල් මෙබඳු ලාංකික – පෘතුගීසි වාසගම් අතර කැපී පෙනෙයි.

මා රෝමයේ ලතෙරාන සසුන් සරසවියේ අධ්‍යාපනය ඇරඹූ මුල් කාලයේ අපගේ ඉතාලි භාෂා පන්තියේ සිසු සිසුවියන් එකිනෙකා හඳුනා ගන්නා අතරතුර මාගේ නමටද ‘ඩයස්’ යන වාසගම ඇතුළත් බව දුටු එක් මොසැම්බික් ජාතික මා මිතුරු පියතුමෙකු ‘අහා උඹත් පෘතුගීසියෙකුදැයි’ හඬ නගා මාගෙන් විමසා සිටියේය. මා තුළ ඒ සැණෙකින් ඇති වූයේ ලජ්ජාවකි. ලොව දිළිඳුම රටවල් අතර ද දිළිඳුම රටක් සේ පිළිගැනෙන අප්‍රිකාවේ මොසැම්බික් දේශය අදටත් පෘතුගීසි යටත් විජිතවාදයේ අමිහිර විඳින රටකි. එහෙත් එරට රාජ්‍ය භාෂාව ද බහුතරයේ භාෂාවද පෘතුගීසි භාෂාවය. එබැවින් මම ‘‘මම ලාංකිකයකු මිස පරංගියෙකු නොවෙමි’ යි ඔහුට පවසා ලංකාව තුළ පෘතුගීසි බලපෑම ගැන ඔහු සමග සංවාදයක් ඇරඹීමි. එතැන් පටන් ලාංකිකයන් අතර භාවිත පෘතුගීසි වචන මෙන්ම වෙසෙසින්ම වාසගම් (පෙළපත්නාම) ගැන ඔහුගෙන් විමසා ඒවා​ෙය් අරුත දැනගතිමි. පෘතුගීසි – ඉංග්‍රීසි ශබ්ද කෝෂයක උපකාරයෙන් එම වචනවල සැබෑ මූලය සොයා ගැනීමට තැත් කළෙමි. ඒවා සටහන්කර තබා ගතිමි. මෙම පෘතුගීසි වාසගම්වල මුල් අදහස සොයා ගැනීමේදී පරෙස්සමින් හා කල්පනාකාරීව එය මෙහෙයවීම් මන්ද බොහෝ සිංහල – පෘතුගීසි වාසගම් එහි මුල් වචනය ලෙසම අද භාවිත නොවන බැවිනි. තවද අන්තර්ජාලය ඔස්සේ විශ්වාසවන්ත මූලාශ්‍ර පමණක් ඇසුරු කරමින් පෘතුගීසි වාසගම් පිළිබඳව අප කළ ​ෙසායා බැලීම ද මෙම අධ්‍යයනය වඩාත් පලබර කිරීමට හේතු විය. ඇත්ත වශයෙන්ම මෙවැනි ගවේෂණයක් මගින් අප බලාපොරොත්තු වන්නේ අප රටේ ජනතාව වඩාත් දැනුම්වත් ජනතාවක් වනු දැකීමය.

අප අධ්‍යයනය කළ මෙම පෘතුගීසි වාසගම් මෙන්ම ලාංකේය හා භාරතීය වාසගම් ද විමසා බලන කල යුරෝපයට වඩා පෙරදිග අපගේ වාසගම් තම ගෞරව බහුමානය ප්‍රකාශ කරන බව පෙනී යයි. Black, Brown, White, Clark, Bush, Rider ආදී බටහිර වාසගම් ඉතා සරල මෙන්ම තවත් කෙනෙකුගෙන් තමන් හුදෙක්ම වෙන් කර හඳුනා ගැනීම පමණක් ඉන් අරමුණ කරන්නේ දැයි අපට කල්පනා වෙයි. එහෙත් සිංහල, දෙමළ වාසගම් එසේ නොවේ. ඒ පිළිබඳව අප වෙනම අධ්‍යයනය කළ යුතු බව පෙනී යයි. ලංකාවේ භාවිත පෘතුගීසි වාසගම්වලින් බොහොමයක්ම පෙර කී යුරෝපීය වාසගම් ගත් මගම ගන්නා බව පෙනීයයි. ‘වාසගම’ යනුවෙන් අප විටෙක හැඳින්වූවත් ‘Surname’ යනුවෙන් ඉංග්‍රීසි බසින් අප හඳුන්වන සංකල්පය ‘පෙළපත් නාමය’/ ‘ගෝත්‍ර නාමය’ ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය වන බව පෙනී යන්නේ ‘වාසගම’ යන්නෙන් ‘වාසය කරන ගම’ නොහොත් ‘මුල් ගම’ ද අදහස් කෙරෙන බැවිනි. එහෙයින් ගත් කල, දැන් අප විමසා බලන්නට යන්නේ ලංකාවේ භාවිත පෘතුගීසි ‘වාසගම්’ නොව ‘පෙළපත් නාම’ යැයි කිව හැකිය. දැන් අපි ඒවා එකින් එක ගෙන ඒවායේ පැටිකිරිය විමසා බලමු.

පෙරේරා – මෙය ලංකාවේ වඩාත්ම භාවිත පෘතුගීසි පෙළපත් නාමවලින් එකකි. පෘතුගීසි යෙදුම:- Pereira (පෙරෙයිරා) අර්ථය:- ​‘පෙයාර්ස් ගස’

සිල්වා – ‘සිල්වා’ යනු පෘතුගීසි නොව ලතින් වචනයකි (ලතින් බස සියලු යුරෝපා භාෂාවල මාතාව බව අපි දනිමු) ලතින් යෙදුම: Silva (සිල්වා)
අර්ථය: ලන්ද, ලඳු කැලෑව, Silva යන්න විටෙක De Silva ලෙසද භාවිත වේ ‘De’ යන්න ඉංග්‍රීසි බසින් ගත්කල ‘Of’ යන අරුත දෙයි. ඒ අනුව ‘De Silva’ යනු ලන්දේ/ ‘ලඳු කැලෑවේ’ යනුවෙයි.

ද මෙල් – පෘතුගීසි යෙදුම – De Mello (දෙ මෙල්ලෝ) අර්ථය – ‘මී පැණි’ අනුව De Mello හෙවත් De Mel යනු ‘මීපැණිහි’/‘මීපැණියේ’ යනුයි.

කෲස් – පෘතුගීසි යෙදුම: Cruz (කෲස්) අර්ථය – ‘කුරුසිය’ 100% ක්ම පාහේ ක්‍රිස්තියානින් වන පෘතුගාලයේ මෙබඳු ආගමික සංකල්පයක් පෙළපත් නාමයක් සේ යොද‌ා ගැනීම පුදුමයට කරුණක් නො​ෙව්.

පීරිස් – පෘතුගීසි යෙදුම – Pires (පීරෙස්) – අර්ථය – පීරිසිය ​ෙම් අනුව ‘පීරිසිය’ යනු වචනය මෙන්ම ‘කෝප්පය’ යන වචනයද පෘතුගීසි ආභාසයෙන් සිංහලයට නැඟිණැයි කල්පනා කළ හැකිය. පෘතුගීසි බසින් කෝප්පය Copo (කෝපෝ) යනුය.

පාරිස් – පෘතුගීසි යෙදුම: Paris (පරීස්) – අප කළ විමර්ශනයට අනුව පෘතුගීසි බසින් පරීස් යනු ප්‍රංශයේ අගනුවර වන පැරීසියයි. පැරීසියේ කලක් තිස්සේ සාම්ප්‍රද‌ායිකව පෘතුගීසි සම්භවයක් සහිත ජන කොටසක් ජීවත් වෙති. මේ ජනතාව පෘතුගීසින් විසින් හඳුන්වනු ලැබුවේ ‘පරීස්’ යනුවෙනි. මේ සිංහල භාවිතයේදී මේ වාසගම ලැබූ අය ‘පාරිස්’ ලෙස හඳුන්වනු ලබති.

ඩයස් – පෘතුගීසි යෙදුම – Dias (දියාස්) – අර්ථය : දිනයන් පෘතුගීසි බසින් Dia (දියා) යනු ‘දිනය’ යි dias (දියාස්) යනු එහි බහුවචනමය ස්වරූපයයි. මාගේ පෙර කී මිතුරා පෙන්වා දුන් ආකාරයට ‘දිනය උදා කරන’ (දිනකර) යන අර්ථයෙන් මෙම Dias යන්න ‘සූර්යයා’ ලෙසද අර්ථකථනය කළ හැකිය.

මෙන්ඩිස් – පෘතුගීසි යෙදුම – Mandaz (මන්දෙස්) Menendez (මෙනෙන්දෙස්) අර්ථය – ‘මෙනෙන්දෝ ගේ පුත්‍රයා’ මෙනෙන්දෝ යනු යුරෝපයට බලපෑ කතෝලික ශුද්ධවන්තයෙකු සේම රාජ කුමාරයෙකි. ඉංග්‍රීසි බසින් St.Hermangild (සා.හර්මන්පිල්ඩ්) ලෙස හඳුන්වන්නේත් මෙතුමාය. ක්‍රි.ව 6 වැනි සියවසේ ජීවත් වූ ස්පාඤ්ඤ රජකුමරෙකු වූ මෙතුමා කතෝලික විශ්වාසය උදෙසා දිවි පිදූ ප්‍රාණ පරිත්‍යාගියෙකි. මේ පෙළපත් නාමයේ අර්ථය එම ‘මෙනෙන්දෝගේ පුත්‍රයා’ යනුය.

ප්‍රනාන්දු – යුරෝපයේ රටවල් රැසක පෙළපත් නාම හෝ පුද්ගල නාමයක් ද ලෙස ප්‍රනාන්දු යන්න ප්‍රකටය.පෘතුගීසි යෙදුම – Fernando (ෆර්නාන්දෝ)
ජර්මානු රජ පෙළපතක් වන ෆර්ඩිනන්ඩ් (Ferdinand) යන්නෙහි පෘතුගීසි නාමය ලෙස ‘Fernando’ හැඳින්විය හැකිය. මෙම නාමයම Ferdinand ලෙස ජර්මන්, චෙක්, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ මෙන්ම පෝලන්ත යන භාෂාවලින්ද Hernando (හෙර්නන්දෝ) ලෙස ස්පාඤ්ඤ භාෂාවෙන්ද නන්දෝර් ලෙස හංගේරියානු භාෂාවෙන්ද භාවිතවේ. ප්‍රනාන්දු යනු එහිම ලාංකේය ප්‍රකාශනයයි.තවද තම ප්‍රනාන්දු යන පෙළපත් නාමය ‘ප්‍රනන්ද’ හෝ ‘පුරනන්ද’ යනුවෙන් වඩාත් දේශීයත්වයට නඟාගත් ස්වල්ප දෙනෙකු සේම තම නාමයේ මුල් පෙළපත් නාමය නමේ අගට ගෙන ප්‍රනාන්දු යන්න භාවිත නොකරන වර්ණකුලසූරිය, කුරුකුලසූරිය, මිහිඳුකුල සූරිය, වර්ණකුල, මිහිඳුකුල, කොඩිප්පිලි හෝ වීරක්කොඩි හෝ වැනි නම් දරන ප්‍රනාන්දුවරු ද සිටිති

නෝනිස් -ස්පාඤ්ඤ නාමය : ‘නූනෝ’/ පෘතුගීසි නාමය ‘නූනෙස්’ අර්ථය : ‘නුනෝගේ පුත්‍රයා’ මීට අමතරව මෙය පෘතුගීසි අරුතින් ‘නවවෙනි’ හෝ ‘සීයා’ යනුද වෙයි නූනෝ යනු 14 වැනි සියවසේ සිදු වූ කස්තීලියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදී පෘතුගාලය බේරාගත් වීරෝදාර රණවිරුවෙකි ‘නූනෙස්’ ඔහුගේ පුත්‍රයා ලෙස අර්ථකථනය කෙරෙන අතර සිංහලයේදී එය ‘නෝනිස්’ නම් වෙයි.

ගෝමස්/ගෝමිස් – මෙම පෙළපත් නාම දෙකම එකම ස්පාඤ්ඤ මූලාශ්‍රයකින් සම්භව වී යැයි සැලකිය හැකිය. ස්පාඤ්ඤ යෙදුම: විසිගොතික් සංකල්පයක් වූ ‘ගෝමා’ මෙහි මූල්‍ය ජර්මානු ‘ගුමා’ (Guma) යන්න අර්ථය:- ‘මිනිසා’ ඒ අනුව ‘​ෙගා්මෙස්’ යනු ‘මිනිස් පුත්‍රයා’ (මනුෂ්‍ය පුත්‍රයා) ලෙස ගත හැකිය.

​ෆොන්සේකා – ලතින් මූලය : Fon+Sicca අර්ථය : ​Fon (උල්පත) Sicca (වියළි බිම) වියළි බිමෙහි උල්පත තවද මෙය කාන්තාරයක ක්ෂේම භූමියකට ඉඟි කරයි.

කොස්තා – පෘතුගීසි යෙදුම: Costa (කොස්තා) පෘතුගීසි අර්ථය : ගං ඉවුර, බෑවුම, මුහුදු වෙරළ ලතින් අර්ථය: පැත්ත, අයින, කෙළවර, අද්දර

වාස් – හංගේරියානු මූලය : Vass අර්ථය – යකඩ මෙමගින් කම්මල් රැකියාවේ නියුක්ත වූවන්, යපස් පතල්කරුවන් හෝ යකඩ භාණ්ඩ වෙළඳාමේ යෙදෙන්නන් අදහස් කෙරේ. එසේම මෙම පෙළපත් නාමය මගින් අති විශිෂ්ට චරිතයක්. ප්‍රබල විඳ දරා ගැනීමේ හැකියාවක්ද ප්‍රකාශ කෙරේ.

අල්විස් – ජර්මානු මූලය : Alfher (පුද්ගල නාමයකි) පෘතුගීසි නාමය: Alves ( අල්වෙස්) අර්ථය – අල්ෆර්ගේ පුත්‍රයා (Alves) ලංකාවේදී මෙය Alwis (අල්විස්) බවට පත් වී ඇත.

රුද්‍රිගු – ස්පාඤ්ඤ මූලය – රොද්‍රිගෝ දියාස් දෙ වීවාර් (පුද්ගල නාමයකි) එකො​ළොස් වෙනි සියවසේ විශිෂ්ට හා කැපී පෙනුණු ස්පාඤ්ඤ සේනාධිපතියෙකු වූ මොහුගේ නාමයට ගෞරව පිණිස රොද්‍රිගු යන මොහුගේ නාමය පෙළපත් නාමයක් සේ පසුකාලීනව භාවිතයට ගැනුණු බව පෙනී යයි.පුරාණ ජර්මානු බසෙහි Hroderic ලෙස හඳුන්වනු ලැබූ මේ නාමය ස්පාඤ්ඤ, පෘතුගීසි හා ඉතාලි භාෂාවලින් Roderico (රොදෙරිතෝ) ලෙසද කතෝලාන බසෙහි Roderic (රොඩෙරික්) ලෙසද ඉංග්‍රීසියෙහි Rod හා Roddy ලෙසද ප්‍රංශ බසෙහි රොද්‍රිගු (Rodrigue) ලෙසද පෘතුගීසි හා ස්පාඤ්ඤ භාෂාවලින් තවත් විටෙක Ruy,Rui හෝ Ruiz ලෙසද මේ නම භාවිත කෙරේ. සාමාන්‍ය සිංහල භාවිතයේදී රුද්‍රිගු නම් වන මේ පෙළපත් නාමය ඉංග්‍රීසිකරණ ලක්ව Rodrigo (රොඩ්රිගෝ) ලෙස වර්තමාන ‘පොෂ්’ ඉංග්‍රීසියෙහි (Posh English) භාවිත වේ.

සුවාරිස් – ජර්මානු මූලය :- Suero (සුඑ්රෝ) Su+heri ලෙස මේ වචනය කොටස් දෙකකට බෙදා දැක්විය හැකි නමුත් පෘතුගීසි විශේෂඥයන් පවා තවමත් ‘su’ යන්නෙහි අර්ථය කුමක්දැයි නිශ්චිත කරගෙන නැත. එහෙත් ‘heri’ හෙවත් ‘hari’ යනු ‘හමුදාව’ය

සොයිසා – පෘතුගීසි මූල්‍ය : Souza (සූසා) මුල් කාලයේ මේ නාමය යොදා ගැනුණේ පෘතුගාලයේ සූසා ගංගා නිම්නයේ පදිංචි වැසියන් හඳුන්වනු පිණිසය. මේ ගංගාවට Souza යන නම ලැබීමට ලතින් වචන දෙකක බලපෑමක් ඇතැයි සැලකේ. එනම් Salsus (ලවණමය) හෝ Saxa (ගල් සහිත) යන වචන දෙකම හෝ ඉන් එකක් හෝ ඊට බලපාන්නට ඇතැයි පිළිගැනේ. සොයිසා යැයි කී විට ලංකාවේ කාටත් සිහිවන නගරය මොරටුවයි.

අල්මේදා – අරාබි මූලය – ‘අල් මයිද‌ා’ (Al Maida) අර්ථය – කලක් ඉස්ලාමීය ආක්‍රමණයට යට වී සිටි ස්පාඤ්ඤයේ එක් නගරයක් අරාබින් විසින් හඳුන්වනු ලැබූයේ ‘අල් මයිදා’ යනුවෙනි. එහි අර්ථය ‘සානුව’ යනුය. ‘අල්මේයිදා’ ලෙස ස්පාඤ්ඤකරණයට ලක් වූ මේ පෙළපත් නාමයෙන් එම නගරයේ වැසියන් හඳුන්වනු ලැබීය. මෙම පෙළපත් නාමය ලංකාවේදී භාවිත වන්නේ ‘අල්මේදා’ වශයෙනි. ලංකාවට ගොඩබට ප්‍රථම පෘතුගීසි කප්පිත්තා වූයේ ලොරෙන්සෝද අල්මේදාය.

කබ්රාල් – ලතින් මූලය: Capralis (කප්‍රාලිස්)අර්ථය: එළුවන් ලගින තැන – මේ පෙළපත් නාමය එළුවන් බලාගන්නා පුද්ගලයෙකු හැඳින්වීමට යොදා ගත්තා විය හැකිය. ලංකාවේදී මෙය ‘කබ්රාල්’ ලෙස භාවිතවේ.

කොරයා – Cora (කෝරා) අර්ථය – හදවත ලතින් මූලය – Cora (​ෙකාරෙයා) අර්ථය – ලතින් බසින් කොරියානු රාජ්‍යය හැඳින්වීමට යෙදෙන මේ යෙදුම හැරෙන්නට මෙම පෙළපත් නාමය සාධාරණීකරණය සඳහා සොයාගැනීමට අපට සොයාගත හැකි එකම සාධාරණ වචනය වන්නේ ‘හදවත’ යන අරුත දෙන ‘Cora’ (කෝරා) යන්නය. මේ අනුව ‘හෘදයාංගම’ වැනි අරුතකින් Cora (කෝරා) යන්න කොරයා’ ලෙස සකසාගත්තේදැයි කල්පනා කළ හැක.

පැස්කුවල් – පෘතුගීසි මූලය: Pascoa අර්ථය – පාස්කුව (පාස්කු මංගල්‍යය) අර්ථය: මෙම නාමය ‘පාස්කු මංගල්‍යය හා සබැඳි අරුතක් ගෙන එයි. ක්‍රිස්තියානින්ගේ ඉහළම තලයේ මංගල්‍යය නත්තල නොව පාස්කුවයි. ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීම, මරණය හා උත්ථානය සමරන පාස්කු මංගල්‍යය නත්තලට වඩා වැදගත් මංගල්‍යය වෙයි. පැස්කුවල් යන පෙළපත් නාමය Pascoa (පාස්කොආ) යන පෘතුගීසි යෙදුම හා බැඳෙන බව මෙසේ තහවුරු වේ.

පෘතුගීසි ආභාසයෙන් මෙරටට ලැබුණු පෙළපත් නාම පිළිබඳ මා කළ විමර්ශනය ඵලදායක වී යැයි කල්පනා කරමි. එසේම තම පෙළපත් නාමය පිළිබඳ සැබෑ තතු දැන ගැනීම බොහෝ දෙනෙකුගේ සතුටට හේතුවිය හැකියැයි හඟීමි. එහෙත් මේ පෙළපත් නාම පිළිබඳ තවත් වෙනස් අර්ථකථන ද තිබීමට ඉඩ ඇත. තවත් එබඳු අධ්‍යයනයන් වේ නම් ඒවාත් මේ මොහොතේ කරළියට පැමිණේවායි පතමි.

උපුටා ගත්තේ-hodamagossip

භාෂා ගණනක් කතා කරන, රටවල් 35ක සංචාරය කල, ලංකාවේ සුපිරි නළුවා පැවිදි වූ හේතුව හෙළි කරයි.

සතුට ඇත්තේ ගමනේ කෙළවර නොව යන මඟ දෙපසය …. විශ්වය නම් අනන්තයේ සංසාරය නම් මහ පාර දිගේ ජීවිතය දෙවුර දරමින් අපි ඇවිදින්නෙමු. සංසාරය මහා ගංඟාවක් නම් ඒ ගං දෑල ඇත්තේ ජීවිතය හා මරණය මිස අන් කවරක්ද? සියලු හමුවීම් වෙන්වීම් හිමිවීම් අහිමිවීම් අතරේ අපි මේ භව කතර සරන්නෙමු. ඒ සංසාර ආරණ්‍යයේ සත්‍ය වූ සැනසීම මුණගැසෙන්නේ ප්‍රේමය හෝ බන්ධනය තුළ නොව සියල්ල මනස නම් විසල් මන්දිරයේ සියලු ද්වාරයන්ගෙන් පිටමං කර හැරි සඳ නොවේද? සැකෙවින්ම සැනසිල්ල ඇත්තේ සියල්ල අල්ලා ගැනීම තුළ නොව අත්හැරීම තුළ නොවේද? මේ අහස පොළොව අතර පෙනෙන නොපෙනෙන සියලු සංසිද්ධීන්වලට වඩා, නොපෙනෙන නොදකින ඉරණමට වඩා බලවත් වෙන්නේ මනස නොවේද? තමන්ගේ නොහිම් ආත්ම ශක්තිය තරම් තමා අත්හැර නොයෙන තවත් කළණ මිතුරෙකු ඔබට තවත් හමුවීද?
මේ බණ පද අපි අසා උන්නෙමු. එදා නෙත් අයා අපි ඔහුගේ රංගනය දෙස බලා උන්නෙමු. අද අපි මන යොමා උන්වහන්සේගේ මුවින් ශාන්ත ස්වරයෙන් නික්මෙන බණ පද අසා උන්නෙමු. මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙන මියැදෙන ලෝකයේ යථාර්ථයට අවසඟව යා හැක්කේ කාටද? එදා ඔහු සෝමසිරි අලකොලාංගේය. අද උන්වහන්සේ හාරිස්පත්තුවේ සෝමානන්ද හාමුදුරුවෝය. එදා ජීවිතය ස්නේහයෙන් අල්ලා ගත් ඔහු අද සැනසිල්ලෙන් සියල්ල අත්හරින්නට ප්‍රයත්න දරන යතිවරයෙකි. වෙනස සුන්දරය. වෙසෙසින්ම සිත නිවන මනාය.

ගාල්ල බද්දේගම පාරේ ටික දුරක් ගිය විට හමුවෙන උළුවිටිකේ ජයසුමනාරාමයට අප ගියේ උන්වහන්සේ දකින්නටය. කතා කරන්නටය.

ස්වාමීන්වහන්ස ඇයි ඔබ වහන්සේ යතිවරයාණන් වහන්සේ කෙනෙක් ලෙස සිවුරු දරන්න තීරණය කළේ?
බුද්ධ ධර්මයට අනුව මම ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීම තමා හේතුව. ඒ ගැන මට ඊට වඩා කියන්න කිසිම දෙයක් නෑ.
කලාකරුවෙක් ලෙස ජීවිතය සාමිස ආසාවන් සමඟ ගෙවූ ඔබවහන්සේ නිරාමිස සුව සහිත පැවිදි මාර්ගය තෝරා ගැනීමට වඩා ආසන්න හේතුවකුත් තිබුණද කියන එක අපිට තව ටිකක් තේරුම් කරලා විස්තර කරලා කියන්න පුළුවන්ද?
මම හැමදාමත් කලාව තෝරා ගත්තේ මගේ ජීවිතයේ එක විනෝදාංශයක් විදිහට මිස රැකියාවක් හෝ ජීවනෝපායක් විදිහට නෙවෙයි. මම ඉගෙන ගත්තෙ පේරාදෙණිය සරසවියෙ. මගේ සරසවි ජීවිතයේ පළවැනි ගුරු තමා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර. ඔය 1965 කාලය. මගේ කලා ජීවිතයේ ඊළඟ ගුරු හෙන්රි ජයසේන මහත්මයා. ඒ කාලෙ වේදිකා නාට්‍ය තමා තිබුණෙ. 1965 දී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ එලොව ගිහින් මෙලොව ආවා කියන නාට්‍යයේ මම රඟපෑවේ පේරාදෙණිය විශ්වවිද්‍යාල වළේ. හැටපහේ ඉඳන් 2015 වෙනකම් අවුරුදු පනහක් තෝරාබේරාගත් නිර්මාණවල මම රඟපෑවා. චිත්‍රපට 40ක 50ක විතර ටෙලිනාට්‍ය 200 ක විතර අවුරුදු පනහක රංගන ජීවිතයේදී මම රඟපාලා ඇති. නාට්‍ය කලාවේ හසල විශාරදයන් වෙතින් ලද ආභාෂයම තමා මට ටෙලිනාට්‍ය සහ චිත්‍රපටවලට සම්බන්ධ වෙන්න පාර හදලා දුන්නෙත්. රැකියාවට බාධා නොවන ලෙස විනෝදාංශයක් විදිහට මම රඟපෑවට මට ඒ කිසිදෙයකට ගැලවෙන්නට බැරි තරම් ඇල්මක් තිබුණෙ නෑ… කලාකරුවෙක් නළුවෙක් ලෙස දැන් මගේ දිහා බලන්නත් ඒ යටගියාව ගැන කතා කරන්නත් මම දැන් අකමැති දැන් මා ඒ සියල්ලෙන් මිඳුණු බොහෝම නිහඬ ජීවිතයක් ගත කරන නිසා. ජීවිතය ගැන අවබෝධය පුළුල් වෙන්න වෙන්න මම හිතුවා මම නවතින්න ඕන තැන මෙතන කියලා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර වැනි විද්වතුන් ඇසුරෙ ගෙවූ යුගය අදටත් සුන්දර මතකයක් නොවෙන්න විදිහක් නෑ නේද ස්වාමීන්වහන්ස?
ඒ යුගය ගෙවුණෙම පොත්පත් ඇසුරෙ… ඒ කාලයෙත් මම බොදු පොත්පත් හුඟක් පරිශීලනය කළා. පේරාදෙණිය සරසවි බිම ස්වභාවධර්මය අතිනුත් බොහෝම චමත්කාරයි නිස්කලංකයි… ඒ ශිෂ්‍ය ජීවිතය බොහෝම වටිනාකම් ජීවිතයට එකතු කළා.

ඔබ වහන්සේ මුලින්ම රැකියාව කළේ කොහෙද?
මුලින්ම මම රැකියාව කළේ බැංකුවක. ඊට පසු මම ගුවන් සේවකයෙකු ලෙස රුකියාව කළා එයාර් සිලෝන් (ශ්‍රී ලංකා ගුවන් සේවය ශ්‍රීලංකන් ගුවන් සේවය බවට පත්වීමට පෙර යුගය) ආයතනයේ.

ඔබ වහන්සේ භාෂා කිහිපයක්ම කතා කරන්න ලියන්න ඉගෙන ගත්තේ ගුවන් සේවකයෙකු ලෙසරාජකාරි කළ යුගයේදීද?

ඔව්. ඉංග්‍රීසි, දෙමළ, ප්‍රංශ, ජර්මන්, ජපන් භාෂා මම ඉගෙන ගත්තා. ගුවන් සේවකයෙකු ලෙස භාෂා කිහිපයක්ම ඉගෙන ගන්න එක හොඳයි කියලා මම ඒ කාලයේ කල්පනා කළා.

ස්වාමීන් වහන්ස ඔබවහන්සේට අයිතිව තිබූ ගිහි ජීවිතය තුළ ඔබ වහන්සේ ස්වාමි පුරුෂයෙක්… තාත්තා කෙනෙක්… ගිහි ජීවිතයෙන් පිටමං වුණත් ඒ බැඳීම් සියල්ල හිතෙන් එක්වරම පිටමං කරන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස?
මට ඉන්නෙ දූවරු තුන් දෙනෙක්. ඒ හැමෝම හොඳට ඉගෙන ගෙන හොඳ රැකියාවන් කරනවා. ගිහි කල මගේ බිරිය රූපලාවන්‍ය ශිල්පිනියක්. මම ඒ කිසි කෙනෙක් එක්වරම අමතක කර ආත්මාර්ථකාමී විදිහට පැවිදි ජීවිතයට ආවෙ නෑ. ඒ හැමදෙනා වෙනුවෙන්ම මම ගිහි භූමිකාව තුළදී සියලු යුතුකම් වගකීම් ඉටු කළා. ජීවිතේ ගැන අවබෝධයක් ලබා ගත්තම මනසින් සියලු දේ කෙරේ ඇති දැඩි බැඳීමෙන් මිදෙන්න හරි ලේසියි… මම දැන් යෙදී ඉන්නෙ ඒ උත්සාහයේ.

ඔබ වහන්සේ ජීවිතය ගැන ඇති වූ කලකිරීමක් නිසා නෙවෙයිද ඇත්තටම මේ පැවිදි ජීවිතයට පිවිසුණේ?
නැහැ… කිසිසේත්ම නෑ… මට යහපත් ගිහි ජීවිතයක් තිබුණා. ඒ ජීවිතය ගැන මට කලකිරෙන්න දෙයක් තිබුණෙ නෑ… ඒත් බෞද්ධ දර්ශනය ගැඹුරින් තේරුම් ගනිද්දී මේ ජීවිතය මේ බැඳීම් මේ සංසාරය සියල්ල අවසාන අර්ථයෙන් ගත්තම දුකක්… ජරාවක්… අනිත්‍ය දෙයක්… ඒ ජීවිත අවබෝධය විසින් තමා මාව මේ පැවිදි ජීවිතයට යොමු කළේ.

ඒ යොමුවීම ප්‍රායෝගිකව සිද්ධ වුණේ කොහොමද හාමුදුරුවනේ?
මම බොහෝ කාලයක සිට ගිහියෙකු ලෙසින් සිටියදීම වන සෙනසුනක භාවනා කළා. කැලිෆෝනියාවේ සංඝනායක හිමිනමක් ලෙස වැඩ හිඳින නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙක් ඉන්නවා වසර තිහක් පමණ තිස්සේ මම අඳුරන මාත් එක්ක බොහෝම හිතවත්. වන සෙනසුන්හි භාවනා කරද්දී වරෙක නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න වෙන නිසා උන්වහන්සේ මට කීවා නිස්කාන්සු සුවයෙන් භාවනා කරන්න නිසි තැනක් මට පිළියෙල කරලා දෙන්නම් කියලා. ඒ අනුව මම උළුවිටිකේ මේ විහාරයට ඇවිත් ගිහි කාලයේදීම භාවනාවේ යෙදුණා.
අවුරුදු පහළොවක් විතර තිස්සේ මම භාවනා කරපු නිසා මට පැවිදි ජීවිතය එක්වරම අලුත් අත්දැකීමක් වුණේ නෑ… භාවනාව සහ බෞද්ධ දර්ශනය කෙරේ තිබුණු නැඹුරුව නිසා ගිහියෙක් ලෙස සිටියදීත් මම ජීවිතය බොහොම උපේක්ෂාවෙන් විඳ දරාගත්ත කෙනෙක්.

පෙරදී භාවනාවට යොමු වී සිටියත් ගිහි ජීවිතයෙන් පැවිදි ජීවිතයට එළඹෙද්දී ඔබ වහන්සේට නුහුරු නුපුරුදු බවක් දැනුණේම නැද්ද?
පැවිදි ජීවිතයට පිවිසෙන්න පෙර කාලයක් මුළුල්ලේම මම මේ පන්සලට ඇවිත් සති ගණන් නැවතී සිට ගිහියෙකු ලෙස සිටියදීම පැවිදි ජීවිතයට හුරු වුණා. මම හිතුවා පෙර පුහුණුවක් ලබාගෙනම පුරුදුවෙලා පැවිදි ජීවිතයට එන එක වඩා හොඳයි කියලා. මම දන්නේ නැහැ මට මේ සියල්ලට හේතුවන සසර පුරුද්දක් තියෙනවාද නැද්ද කියලා. භික්ෂූන් වහන්සේ කෙනෙක් ආහාර වළඳන්නේ දවසකට දෙපාරයි .මම ගිහි ජීවිතය තුළම ඒකට හුරු වුණා .ඒ වගේම භික්ෂුන් වහන්සේ කෙනෙක්ට නියමිත ඇවතුම් පැවතුම් හැසිරීම් පිරිත් කියන්න බණ කියන්න මේ හැමදේම ගැන මම හොඳ අවබෝධයක් මහණ වෙන්න ඉස්සරම ලබා ගත්තා. මෙතන බොහොම නිස්කලංක තැනක්. මම මහණ දම් පුරන්න සුදුසුම තැන තෝරා ගත්තා කියලයි මම හිතන්නේ.

අකමැත්තක් නැත්නම් අපි කැමතියි ඔබ වහන්සේගේ වයස කීයද කියලා දැනගන්න?
දැන් මට වයස අවුරුදු 72ක් වෙනවා.

මාර්ග ඵලයට නොපැමිණි කවර හිතක හෝ බැඳීම් ක්ලේශ හට ගන්න පුළුවන්. එය ස්වභාවික සංසිද්ධියක්. ඔබ වහන්සේගේ පුංචි මිණිබිරියගේ සුරතල් ආදරය ඔබවහන්සේ ගිහි කල වින්ද මතකය ඔස්සේ සිත යළි අතීතයට යන්නෙ නැද්ද? ඔබේ බිරිඳ දියණිවරු මේ හැමෝටම වඩා පුංචි මිණිබිරිය ඔබවහන්සේට දැන් සිහිපත් වෙන්නෙ නැද්ද?
ඒ හැමෝම වෙනුවෙන් ස්වාමි පුරුෂයෙක් විදිහට තාත්තා කෙනෙක් විදිහට වගේම සීයා කෙනෙක් විදිහටත් යුතුකම් ඉටු කළ නිසා මට පසුතැවෙන්න අතීතයක් නෑ. මට සිහිපත් වුණත් මම ඒ බැඳීම් තදින් අල්ලා ගන්නෙ නෑ. මම පැවිදි ජීවිතයට එනවා කීවම මුලදී එයාලා පොඩි කනගාටුවකට පත් වුණා. ඒත් මගේ අරමුණ පැහැදිලි කරලා දුන්නම එයාලා ඒක තේරුම් ගත්තා. මගේ පුංචි මිණිබිරි පහුගිය 21 වැනිදාත් හවස මාව බලන්න ආවා. එයාට දැන් වයස අවුරුදු 10ක් වෙනවා. මගේ ලොකු දුව විවාහවෙලා ඉන්නෙත් ස්වීඩන් ජාතික දරුවෙක් සමඟ. දුව මගේ මිණිබිරියට මුලින්ම කීවම සීයා මහණ වෙන්න යන බව ඇය ඇහුවේ සීයා ගියාම කවුද මට ඉස්කෝලේ වැඩ කරගන්න උදවු කරන්නේ කියලා. ඒත් එයාගේ අම්මා තේරුම් කරලා දුන්නම එයත් අන්තිමට එයාගෙ සීයව තේරුම් ගත්තා.
ගුවන් සේවකයෙක් විදිහට ඔබ වහන්සේගේ තරුණ අවධියේදී ලෝකයේ රට රටවල ඇවිද්දා. ලෝකය දැක්කා. නා නා ප්‍රකාරව ලෝකය වින්දා. කලාකරුවෙක් ලෙස ජනප්‍රියත්වය රසික ප්‍රසාදය මේ හැමදේම ඔබ වහන්සේට ලැබුණා. ඒ නිදහස ඒ සැප ඒ කාමභෝගී ජීවිතයත් පැවිදි ජීවිතයත් අතර වෙනස ඔබවහන්සේට දැනෙන්නෙ කොයි විදිහටද? පැවිදි ජීවිතය ඒකාකාරී සම්ප්‍රදායික ජීවිතයකට කොටුවීමක් ලෙස ඔබ වහන්සේට දැනෙන්නෙම නැද්ද?
ගුවන් සේවකයෙක් ලෙස මම රටවල් තිස්පහක පමණ ඇවිද්දා… ලෝකයේ තියෙන රස කෑමජාති ඕනතරම් කෑවා… ලෝකයේ ලස්සන තැන් බලන්න ගියා… මම හුඟක් මත්පැන් බීමට පුරුදු වූ කෙනෙක් නොවුණත් ලෝකයේ තියෙන ඉස්තරම්ම වර්ගයේ මත්පැන් වර්ග හැම වර්ගයක්ම වගේ මම බීලා තියෙනවා. හොඳ ඇඳුම් ඇන්දා… නොයෙක් විදිහෙ මිනිස්සු මුණගැහිලා තියෙනවා… ආශ්‍රය කරලා තියෙනවා. ඒත් භාවනාව කෙරේ යොමු වෙන්න යොමුවෙන්න මට දැනුණා මේ හැමදේම මොනතරම් නම් අනිත්‍යද කියලා. දැනට අවුරුදු විසිපහක ඉඳන් මම මස් මාළු කන්නෙ නෑ… මත්පැන් බොන්නෙ නෑ… දැන් මම හරි සැහැල්ලුවෙන් සමබර මනසකින් ජීවත් වෙනවා… ඊටත් වඩා සතුටක් තියෙනවද මනුස්සයෙකුට කායිකවත් අධ්‍යාත්මිකවත් ලබන්න. භෞතික දේවල් අත්හරින්න අත්හරින්න තමා සැනසිල්ල ලැබෙන්නෙ.

ඔබ වහන්සේගේ ළමා කාලය ගැන සිහිපත් කරන්න කැමතිද?
මම ඉපදුණේ නුවර… මගේ තාත්තා රැකියාව කළේ ලංකා ගමනාගමන මණ්ඩලයේ… ඒ කාලෙ හුඟාක් අම්මලා රැකියා කළේ නෑනෙ. මගේ අම්මා හැම පෝයටම සිල්ගත්ත කෙනෙක් පින් දහම් කළ කෙනෙක්… මට සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා… ඒ අයටවත් මම කීවේ නෑ මම පැවිදිවෙනවා කියලා.
රංගන ක්ෂේත්‍රයේ ඔබ වහන්සේගේ හිත මිතුරන්ටවත් ඇයි ඔබවහන්සේ පැවිදි දිවියට ඇතුළත් ෙවන බව නොකීවේ?
මම කලාකරුවෙක් විදිහට ඉද්දීවත් ප්‍රසිද්ධියට අකමැති කෙනෙක්… මගේ ෂොප් එකක් තිබුණා චමත්කාර් කියලා… ලංකාවේ වැඩිම අලෙවියක් ඇති සති අන්ත ජාතික පත්තරයක කලා අතිරේකයක ඡායාරූප ශිල්පියෙක් ඒ දවස්වල නළු නිළියන්ව එක්ක එනවා මගේ ෂොප් එකට එයාලගේ කවරවල පසුතලය සඳහා… ඔහු මට කතා කරනවා පත්තරේ සම්මුඛ සාකච්ඡාවලට. ඒත් මම එය ප්‍රතික්ෂේප කරනවා. මම පැවිදි දිවියට ආවේ මීට මාස දෙකකට විතර පෙර. මම ඒක කිය කියා ආවා නම් ඒක අනවශ්‍යම ප්‍රසිද්ධියක් වෙනවා. ඒක නිසා මම මේ ගමන මගේ දරුවන්ට බිරියට හැරෙන්න කාටවත්ම නොකියා ආව ගමනක්. කැලිෆෝනියාවේ මගේ හිතවත් හාමුදුරුවන් දැනගෙන හිටියා මම පැවිදි දිවියට ඇතුළත් වෙන්න නැකත් එහෙම බැලූ බව. ඒත් පැවිදිවෙනවා කියලා මම උන්වහන්සේටවත් කීවේ නෑ. ඒත් පිංකමකදී මම නොදැන කවුදෝ ගත්ත ඡායාරූපයක් එක්තරා වෙබ් අඩවියක පලවීම නිසා මම මහණ වෙලා කියන ආරංචිය පැතිරුණා. මම භාවනා කරන බව කලා ක්ෂේත්‍රයේ සමහර අය දැනගෙන හිටියත් මේ තීරණය ගැන කවුරුත් දැනගෙන හිටියෙ නෑ… ඒත් මම මහණ වෙලා කියලා දැනගත්තම මාධ්‍ය ආයතන රැසක දරුවෝ ආවා මා සමඟ කතා කරන්න. ඒ සියල්ලම පාහේ මම කාරුණිකව ප්‍රතික්ෂේප කළා. සමහර අය මගේ ගෙදරට කතා කරලා අහලා තිබුණා මම මොකක් හෝ නාට්‍යයක චිත්‍රපටයක චරිතයක් සඳහා මේ විදිහට මහණ වෙලාද කියලත්…
අද දවසේ ඔබ වහන්සේගේ දින චරියාව ගත වෙන්නෙ කොහොමද?
මගේ පැවිදි ගුරුවරයා වූ දකුණු පළාතේ අධිකරණ සංඝනායක උළුවිටිකේ ජයසුමනාරාමාධිපති ශාස්ත්‍රපති ආචාර්ය මාබොටුවන පියරතන නා හිමිපාණන් වහන්සේ. උන්වහන්සේගේ අනුශාසනා පරිදි මම කටයුතු කරනවා. මම පැවිදි ජීවිතයට ආවේ දාන, පංශුකූලවලට වඩින්න නෙවෙයි. භාවනාව ඔස්සේ සිත දියුණු කරගෙන අධ්‍යාත්මික ශක්තීන් වැඩි දියුණු කරගන්න. පාන්දර තුනට මම අවදි වෙනවා. ඉන්පසු භාවනා කරනවා. 5.30ට බුද්ධ වන්දනාවේ යෙදෙනවා. හවසට බණ භාවනා කරනවා.

ඔබ වහන්සේගේ පුළුල් භාෂා දැනුමෙන් මෙහි වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට -ගම්මානයේ දරුවන්ට සේවාවක් කරන්න කල්පනාවක් නැද්ද?
ලෝකය දිනන්න ඉංග්‍රීසි නැතුව බෑ. පන්සලේ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලාට වගේම මේ ගම්මානයේ දරුවන්ටත් මම ඉංග්‍රීසි දැනුම ලබාදෙනවා. ගමේ දරුවන්ට මම ඉංග්‍රීසි පන්තියක් කරනවා. ඒ දරුවෝ ඉගෙන ගන්නවා දකිද්දී හරි සතුටක්.

ඔබවහන්සේ මේ එකතු කරගන්න හදන්නෙ පින්ද? කුසල්ද?
මිනිස්සු පින් කරන්නෙ ප්‍රාර්ථනා එක්ක. ඒ සසර මඟ සැපවත් කරගන්න. කුසල් වඩන්නේ සසර මඟ කෙටි කරගන්න. සසර සුගතිය පිණිස. මම පෙරුම් පුරන්නේ කුසල් වඩන්න.

ජ්‍යෝතිෂය ඔබවහන්සේ විශ්වාස කරනවද? ඔබවහන්සේගේ කේන්දරයේ ඔබවහන්සේ පැවිදි ජීවිතයට පිවිසෙන බව සඳහන්ද?
මම හුඟක් ‍ජ්‍යෝතිෂය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. මම දන්නෙ නැහැ මගේ හඳහනේ මොනවා ලියවිලා තියෙනවද කියලා. මම පැවිදි ජීවිතයට එද්දී මගේ ගුරු හාමුදුරුවෝ මගේ කේන්දරය ඉල්ලුවා. මම ගෙනත් දුන්නා. උන්වහන්සේ බැලුවා. මම දන්නෙ නෑ ඒකෙ මොනවා තියෙනවද කියලා. ජීවිතයේ අපි හිතන දේවල් වගේම නොහිතන දේවලුත් වෙන්න පුළුවන්. හඳහන නෙවෙයි තමන්ව, තමන්ගෙ චිත්ත ශක්තිය තමා විශ්වාස කළ යුතු වෙන්නෙ.

සෝමසිරි අලකොලාංග කියන නළුවගේ රසිකයන්ට, හාරිස්පත්තුවේ සෝමානන්ද කියන හිමියන්ගේ ශ්‍රාවකයන්ට කියන්න පණිවිඩයක් තියෙනවද ඔබවහන්සේට?
බැඳීම් ගැට ලිහාගන්න හුඟක් අයට අමාරුයි… අධ්‍යාත්මික ජීවිතයට කෙනෙක්ව බලෙන් ඇදලා ගන්න බෑ… ඒක අවබෝධය හා තේරුම් ගැනීම මත ආ යුතු ගමනක්… හැබැයි සැබෑ සැනසීම ඒ ගැට ලිහෙන්න ලිහෙන්න ඇති වෙනවා කියන එක සත්‍යක්. මට ඊට වඩා කියන්න දෙයක් නෑ.
උපුටා ගැනීම: දේශය.
Text -Sanju / Pic- channa kassapa & Internet

මුළු ප්‍රේක්ෂකාගාරයම හඬවමින් මවක් නොමැති පුතුගේ හැඟුම්බර වේදනාව පෙන්වූ සංවේදී මොහොත.

පසුගිය සතියේ ප්‍රසිද්ද වේදිකාවක් අඩවමින් තිස්සමහාරාම ප්‍රදේශයෙන් පැමිණි චන්දිම පුංචි පුතා කරපු නර්ථනය කාගේත් කතා බහට ලක් වුණා.ඒ ඉදිරිපත් කිරීම බලාසිටි සියළු ප්‍රේක්ෂයන්ගේ මෙන්ම තරඟ විනිසුරුවන්ගේද නෙතට කඳුලක් ගෙන ඒමට සමත් වුණා.. එම සංවේදී අවස්ථාව පහතින් බලන්න..මෙන්න බලන්න ඒ සංවේදී වෙන්න හේතුව. ඇත්තටම හරිම සංවේදී මොහොතක්. ඔබගේ යහළුවන්ටත් බලන්න share කරන්න

සැමියාට ඇප තබා සිරදඬුවම් විඳින දෙදරු මවට රේගු මිතුරෝ පිහිට වූ හැටි

සිය සැමියා වෙනුවෙන් ඇප තැබූ කාන්තාවකට සිරදඬුවම් විඳීමක් සිදුවීම සම්බන්ධයෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් හෙළිදරව් කිරීමෙන් අනතුරුව එම ප්‍රවෘත්තිය දුටු රේගු දෙපාර්තමේන්තුවේ මිතුරු සංසදය විසින් අදාළ කාන්තාව බේරා ගැනීම සඳහා දඩ මුදල වූ රුපියල් ලක්ෂය ඊයේ (29දා) අදාළ කාන්තාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ චමින්ද හේමකුමාර මහතා වෙත සිරදඬුවම් විඳින කාන්තාවගේ මව ඉදිරියේ ලබාදෙන ලදී.

ඒ අනුව රේගු දෙපාර්තමේන්තුවේ මිතුරු සංසදය වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන වයි. ආනන්ද කුලසේකර මහතා ඊයේ (29දා) දැනට කුරුවිට බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින සේපාලිකා සමන්මලී යන අයගේ නිවෙසටම ගොස් ඇයගේ මව වන ටී.පී.ඩබ්ලිව්. පත්මාවතී යන අය ඉදිරියේ නීතිඥවරයාට මුදල් ලබා දුන්නේය.මෙම මුදලට අමතරව දරුවන් දෙදෙනාගේ අවශ්‍යතා සඳහා රුපියල් දසදහසක මුදලක් හා වියළි ආහාර ඇතුළු ඇඳුම් පැලඳුම් හා සෙල්ලම් උපකරණ ප්‍රදානයක්ද සිදු කළේය.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රේගු දෙපාර්තමේන්තුවේ සේවය කරන වයි. ආනන්ද කුලසේකර මහතා මෙසේ කීය.

පසුගිය දිනවල විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මඟින් මේ කාරණාව හෙළිදරව් කිරීමෙන් අනතුරුව මේ දරු දෙදෙනාගේ මව සිරගත වීමේ අනුවේදනීය ප්‍රවෘත්තිය පළ කර තිබුණා. ඒ අනුව රේගු දෙපාර්තමේන්තුවේ මිතුරු සංසදය වහාම ක්‍රියාත්මක වෙලා අදාළ දඩ මුදල වූ රුපියල් ලක්ෂය වහාම එකතු කර එම නඩුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චමින්ද හේමකුමාර මහතාට භාර දුන්නා. අපි මෙම සිරදඬුවම් විඳින මවගේ දරුවන් දෙදෙනා වෙනුවෙනුත් ඉදිරියේදී යම් සුබසාධන කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ ප්‍රවෘත්ති අනාවරණය කළ සියලු මාධ්‍ය ආයතනවලට හා එහි මාධ්‍යවේදීන් සියලු දෙනාටත් ස්තුති කරනවා.

අනතුරුව අදහස් දැක්වූ නීතිඥ චමින්ද හේමකුමාර මහතා සිරදඬුවම් විඳින දෙදරු මව බේරා ගැනීම සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂයේ මුදල ලැබුණා. ඒ අනුව අද දින (30දා) එම මුදල් බළන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කරනවා. ඊට පසුව අධිකරණය හරහා කුරුවිට බන්ධනාගාර අධිකාරිවරයාට දැන්වීමෙන් පසුව සිරදඬුවම් විඳින මවට නිදහස ලැබේවි.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිරදඬුවම් විඳින දෙදරු මවගේ මව වන ටී.පී.ඩබ්ලිව්. පත්මාවතී මහත්මිය මෙසේ කීවාය.

ඇත්තටම දුව සිරගත වුණු දවසේ ඉඳලා මම නොකා නොබී හිටියේ. වයස අවුරුදු දෙකේ තුනේ දරුවො දෙන්නා හදා ගන්නේ කොහොමද කියලා. පසුගිය දවස්වල අහල පහළ අය කෑම බීමෙන් සංග්‍රහ කළා. පත්තරේ මේ ප්‍රවෘත්තිය දැකලා පින්වන්ත මහත්තුරු කණ්ඩායමක් දුව බේරගන්න මුදල් ලබා දුන්නා. මේ කටයුතුවලට උපකාර කළ සියලුදෙනාටම නිවන් දකින්න මේ පින් හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.