“මේ රටේ මිනිස්සු දසුන්ට වුන දේ මටත් කරන්නයි කරන්නේ” ශලනි තාරකා දැඩි මානසික පීඩනයෙන්?

පසුගියදා ජිවීතයෙන් සමුගත් රංගන ශිල්පි දසුන් නිශාන් ගේ මරණය බොහෝ කතාබහට ලක් වුනා. මෙලෙස තිබියදී දසුන් සියදිවි නසා ගැනීමට හේතූ වූවා යැයි කියන ප්‍රේම සම්බන්ධයක් පිළිබදවද හෙළි වූවා. දසුන් විවාහකයෙක් බවත් , තමන් විවාහකයෙක් බව සඟවා රංගන ශිල්පිණි ශලනි තාරකා සමග ප්‍රේම සබදතාවයක් අරඹා තිබු බවත් සදහන් වුනා. කෙසේ වෙතත් දසුන්ගේ මරණයත් සමග විවිධ අයගේ චෝදනාද එල්ල වූ රංගන ශිල්පි ශලනි තාරකා දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවද ඇයගෙ හිතවතුන් පවසනවා.

මෙලෙස ශලනි තාරකා සිය මිතුරි‍යකට යැවුවා යැයි කියන කෙටි පණිවිඩ‍යක් සමාජජාලා වල කතා බහට ලක්ව තිබෙනවා. එහිදි ශලනි සිය මිතුරියට පවසා තිබෙන්නේ දසුන් ලබා ගත් තීරණය තමන්ද ලබා ගැනීමට තරම් දැඩි මානසික පීඩනයකට ලක්ව සිටින බවයි. ශලනි යැවූවා යැයි කියන කෙටි පණිවිඩය පහතින්

නිලියෙක් ආදරේ ඉල්ලුවොත් මම සොරි කියනවා.මාසෙකට පෙර දසුන් නිශාන් කිව්ව ආන්දෝලනාත්මක කතාව.

අප අතරින් සදහටම සමුගත් දසුන් නිශාන් මාස කිහිපයකට පෙර මාද්‍යට කිව්ව කතාවක් තමයි මේ..

කොහොමද දසුන්

මම හොඳින්

මේ දවස්‌වල ටී. වී. චැනල් බදුඅරන් කියල චෝදනාවක්‌ තියෙනවා.

දැනට මම රඟපාපු මුතුමලී – අයි. ටී. එන්. කවුරුන්ද නුඹ මගේ – හිරු පැහැසරා – සිරස නාලිකාවල විකාශය වෙනවා. ඒකයි එහෙම කියනව ඇත්තෙ. හෙට ඉඳල සිරස හරහා රතුපිච්ච නාට්‍යත් විකාශය වෙනවා.

මේ විදියට නිතර පේන්න ඉන්න එකෙන් වාසියක්‌ තියෙනවද?

මේකෙන් සිදුවෙන්නෙ අවාසියක්‌. අර කතාවක්‌ තියෙන්නෙ නිතර දකින කුකුළගෙ කරමලේ සුදුයි කියල. ඒ වගේ ප්‍රේක්‍ෂකයන්ට අපිව එපාවෙන්න පුළුවන්.

මේ තත්ත්වෙන් මිදෙන්න ඔබ අනුගමනය කරන්නේ මොනවගේ පිළිවෙතක්‌ද?

මේ වෙනකොට මම ප්‍රතිපත්තියක්‌ විදියට මියුසික්‌ වීඩියෝ වලට පෙනී සිටීම නතර කරල තියෙන්නෙ. මොකද නිතර නිතර අපිව දැක්‌කහම අපේ වටිනාකම අඩුවෙනව කියලයි මම හිතන්නෙ.

ඒ කියන්නෙ දසුන් දැන් ඩිමාන්ඩ් කරන නළුවෙක්‌.

නෑ. ක්‍ෂේත්‍රයේ දීර්ඝ කාලීනව රැඳෙන්න නම් එහෙම හිටියොත් හරි කියන තැනයි මම ඉන්නෙ. නළුවො විතරක්‌ නෙමෙයි ඕනම කෙනෙක්‌ රෙස්‌පෙක්‌ට්‌ එකට ජීවත් විය යුතුයි.

මේ විදියට රෙස්‌පෙක්‌ට්‌ එකට ඉන්න දසුන් වැඩකරන්න කැමති නිළියො කවුද කියන්න පුළුවන්ද?

එකෙන්ම දිනක්‍ෂි – ශලනි – විනූ – වොල්ගා

මොකද්ද ඒ විශේෂය

මේ වෙද්දී වැඩිපුර මම වැඩ කරල තියෙන්නෙ මේ අය එක්‌ක. ඊළඟ කාරණේ තමයි අපි අතර පවතින අෙන්‍යාන්‍ය අවබෝධය.

එතකොට පැරණි නිළියන් එක්‌ක වැඩකරන්න අවස්‌ථාවක්‌ ලැබුණොත්

ඒකද? ඒක මේ ජීවිතේ ලැබෙන ලොකුම භාග්‍යයක්‌ ලෙස සලකනවා.

නිළියන්ට පුංචි තිරයේ පෙම් කරන ඔබට හැබෑවටම හිතගිය නිළියක්‌ නැද්ද.

නැහැ. ඒ හැමෝම ක්‍ෂේත්‍රයේ මාත් එක්‌ක එකට ඉන්න සහෝදරියො.

අහම්බෙන් හරි නිළියක්‌ ඔබේ ආදරේ ඉල්ලුවොත්

සොරි කියල කියන්න තමයි වෙන්නෙ.

එතකොට ඔබේ හිතගිය කෙනෙක්‌ ඇත්තෙම නැද්ද?

ආ… එහෙම කෙනෙක්‌ ඉන්නවා.

ඇය කවුද කියල දැනගන්න ඔබේ රසිකයො කැමති වේවි.

ඒ ගැන පස්‌සෙ කියන්නම්. එතකන් මගේ රසිකයො මං කවුද කියල දැනගත්තොත් ඇති.

රංගනයේදී ඔබ පෙම්වතියගේ සීමාමායිම්වලට යටත්ද?

මේ වෘත්තිය එහෙම කරන්න පුළුවන් දෙයක්‌ නෙමෙයි කියන එක ගැන ඇයට අවබෝධයක්‌ තියෙනවා.

ප්‍රියන්ත කොළඹගේ ඔබව සිනමා නළුවෙක්‌ කළා කියලත් ආරංචියි.

ඔව්. ඒත් ඉස්‌සෙල්ලම මාව සිනමා නළුවෙක්‌ කළේ උදයකාන්ත වර්ණසූරිය චැලෙන්ජස්‌ චිත්‍රපටය හරහා. ඊළඟට උදාර පල්ලියගුරු සුපර් සික්‌ස්‌ චිත්‍රපටයෙන්. තුන්වෙනියට තමයි ප්‍රියන්ත කොළඹගේ දේදුණු ආකාසෙ චිත්‍රපටය හරහා සිනමා නළුවෙක්‌ කළේ.

වේදිකාවට ගොඩවෙන්න අදහසක්‌ නැද්ද.

දමයන්ති ෆොන්සේකා මහත්මියගෙ ගාස්‌තුව කීයද නාට්‍යයේ මං හරි සතුටින් වැඩකරා. ඇත්තටම ලොකු ආසාවක්‌ තියෙනවා වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න.. මේ තියන කාර්යබහුලකම තමයි ගැටලුවකට තියෙන්නෙ.

නිර්මාණකරණයට යොමුවීමේ අදහසක්‌ බලාපොරොත්තුවක්‌ නැද්ද?
ඒ සඳහා යොමුවෙන්න මම තව පරිණත වෙන්න ඕන. පිටරටකට ගිහින් අවශ්‍ය දැනුම එකතුකරගෙන ඇවිත් මැරෙන්න මොහොතකට කලින් කොහොම හරි නිර්මාණයක්‌ කරනවා.

ජනප්‍රියත්වයත් සමඟ සමහරු හිස උදුම්මවා ගන්නවා. ඉදිරියේදී දසුනුත් එහෙම වෙයිද?

අයියෝ නෑ. මම ෆිල්ඩ් එකට ආපු විදියටම අදත් වැඩකරගෙන යනවා. ඉදිරියේදීත් ඒකෙ වෙනසක්‌ වෙන්නෙ නෑ. මේ දසුන් දසුන්ම තමයි.

හෙට දවස වෙනුවෙන් ඔබේ බලාපොරොත්තු

මා ළඟ අඩුවෙන්ම තියන දේ ගැන තමයි ඔය අහන්නෙ.
ඒත් දක්‍ෂ රංගන ශිල්පියෙක්‌ වීමේ බලාපොරොත්තුව. දැන් මගේ හිතේ ලියලනවා.

ධම්මික හේවාවසම්..

දසුන්ගේ මරණයට ඇත්තම හේතුව ශලනි තාරකාද නැත්තම් විශාදයද ? දසුන්ට ජීවිතය දෙන්නට බැරිවූූයේ ඇයි ? මෙන්න එම අභිරහස

දසුන්ගේ මරණයට ඇත්තම හේතුව ශලනි තාරකාද නැත්තම් විශාදයද ? දසුන්ට ජීවිතය දෙන්නට බැරිවූූයේ ඇයි ? මෙන්න එම අභිරහස

ජීවිතයක් කාටත් ලැබෙන්නේ අහම්බෙනි. ඒත් අහම්බෙන් ලැබුණා කියා ඒ ජීවිතය නැතිකර ගැනීමේ අයිතිය කිසිවකුටත් නැත. ඕනෑම කෙනකුට ජීවත්වීමේ කාලයක් ඇත. ඒ නිශ්චිත කාලය ගෙවුණාට පසු කාටත් ජීවිතය හැරයන්නට පුළුවන. එතෙක් ජීවිතයට ලැබෙන සැප, දුක, සතුට, වේදනාව, සිත්තැවුල්, ප‍්‍රශ්න, ගැටලූ සියල්ල ඒ ජීවිතයේදී කාටත් දරාගන්නට සිදුවේ. ඒවා දරාගැනීම යනු ජීවත්වීම වේ.

දරාගැනීම්වලට, අවුල් වියවුල්වලට මුහුණ දෙන්නට බය අයවලූන් ඒ සඳහා විසඳුම් සොයන්නේ බුද්ධියෙන් නොව ජීවිතයෙනි. ඔවුන් සිතන්නේ සියදිවි හානිකර ගත්විට සියලූ ප‍්‍රශ්න අවසන් බවයි. ඒත් ඒ තත්පරයකදී සිතෙන සිතිවිල්ලකි. ඊළඟ තත්පරයේ ඒ සිතුවිල්ල වෙනස්විය හැක. ඔවුන්ට හැම විටකම මැරෙන්නට සිතෙන්නේ නැත. ඒ සිතුණ වෙලාවට මැරෙන්නට උත්සාහ කිරීම හෝ මියයාම සිදුවේ.

මේ යුගයේ ලංකාවේ ජනප‍්‍රිය රංගන ශිල්පියෙකු ලෙස කාගෙත් ආදරය දිනා සිටි දසුන් නිශාන්ද සිල්වාට සිදුවූයේද එයමය. දසුන් නිශාන් තරුණය. කඩවසම්ය. එමෙන්ම ජනප‍්‍රියය. ඒ නිසාම ක්ෂේත‍්‍රයෙන් මෙන්ම සමාජයෙන් ද තරුණියන්ගෙන් ලැබෙන ආදරයත් වැඩිවිය. එයින් ඔහු සිත ගත් ඔහුගේම ක්ෂේත‍්‍රයේ යුවතියක හා පේ‍්‍රමයෙන් බැඳුණු බව කියයි. ඒත් දසුන් අමතක කළ කරුණක් තිබුණි. ඒ ඔහු ඊට පෙර විවාහයක් කරගත් අයකු බවය. ප‍්‍රශ්න, ගැටලූ, කලකිරීම් ඔහු සිතට එන්නේ ඉන්පසුවය.

අලූත් පෙම්වතිය විවාහ කරගන්නට, නීත්‍යනුකූල බිරිඳගෙන් වෙන්වන්නට වුවමනා විය. ඒත් එය දසුන්ට හිතූ තරම් පහසු කටයුත්තක් නොවීය. හැම පැත්තෙන්ම ඔහුට දැනුණේ ගැටලූය. පෙනුණේ ගැටලූය. මනස වියවුල් කරන තරමට, මේ ගැටලූවලට මරණය හැර වෙන විසදුමක් නැතැයි සිතෙන තරමට ඔහු අවුල් වුණේය.

ඔහු මනසට සැනසීම තෝරා ගත්තේ එලෙසින් වුවද ඉන් පෙර ඒ සිතුවිල්ල දැනෙද්දී ඔහුව ඒ සිතුවිල්ලෙන් මුදවාගන්නට කෙනකු සිටියා නම්, ඔහුගේ කතාව මීට වඩා වෙනස් වන්නට තිබුණි. ඔහු වටා සිටි සමීපතමයින්ට කිසියම් අවස්ථාවක ඔහුට ජීවිතය එපා වී ඇති බව, ජීවිතය හැරයන්නට සිතෙන බව, ජීවිතය හැරයන බව, අඟවා තිබෙන්නට ඇත. ඒත් ඒ ගැන කිසිවකුත් නිසිලෙස සැලකිලිමත් නොවූයෙන් අවසානේ ඔහු සියතින්ම දිවි තොරකරගෙන ඔහුගේ සිතිවිල්ල ජයගෙන යන්නට ගියේය.

ඒ එක් සිදුවීමකි. මීට පෙර මේ අයුරින් සිය දිවි හානිකරගත්තන් පිළිබ`ද වරින්වර ලංකාවෙන් වාර්තා වුණේය. ඒ සියදිවි හානිකර ගැනීම් කර තිබුණේ එක් හේතුවකට නොවේ. විවිධ හේතුන් ඒවා යට තිබුණි. විශේෂඥ මනෝ වෛද්‍ය ප‍්‍රභාත් වික‍්‍රම මහතා පවසන්නේ ලංකාවේ මේ වන විට සියදිවි නසා ගැනීමේ අඩුවක් ඇතත් සියදිවි නසා ගන්නට තැත් කරන්නන්ගේ අගයෙහි අඩුවීමක් නැති බවයි.

සිය දිවි නසා ගැනීමත් සියදිවි නසා ගැනීමට තැත්කිරීමත් කාරණා දෙකකි. නමුත් මේ දෙකෙන් එකකටවත් සරල හේතුවක් ගෙනහැර දක්වන්නට නොහැකිය. ඊට හේතුව සියදිවි නසා ගන්නට හෝ තැත් කිරීම වන්නේ හේතූ ගණනාවක සංකලනයකින් වීමයි. විද්‍යානුකූලව සියදිවි නසාගන්නට හේතු සෙවීම අපහසු වැඩකි. ඒ සියදිවි හානිකර ගත්තේ නම් අදාළ පුද්ගලයා ජීවතුන් අතර නැති නිසාය. ඒ නිසා කරන්නේ මියගිය පුද්ගලයා සමීපව ඇසුරු කළ අය හා කතාබහ කොට සියදිවි නසාගන්නට හේතුන් අනුමාන කිරීමයි.

1997 වසරේදී මනෝ විශේෂඥ වෛද්‍ය රනිල් අබේසිංහ මහතා පුද්ගලයන් 499 ක් සම්බන්ධ කොටගෙන සිදු කළ පර්යේෂණයකදී සියදිවි නසාගත් කණ්ඩායමෙන් 1/3 ක පිරිසක් විෂාදය (ාැචරුිිසදබ* රෝගයෙන් පෙළෙමින් සිටි බව හෙළිවිය. සියදිවි නසාගත් පිරිසෙන් 2/3 ක පිරිසක් මත්පැන් පානයට හෝ මත්පැන් පානයෙන් ඇතිකරගත් ගැටලූවලට මුහුණ පා සිටියහ. සිය දිවි නසා ගත් අයගෙන් 1/3 ක් කිසියම් විටෙක තමන් දිවිනසා ගන්නා බවට අනතුරු අඟවා තිබුණි.

සිය දිවි නසා ගැනීමට තැත් කරන්නන් වන්නේ යම් අවස්ථාවක දිවි නසා ගන්නට උත්සාහකර එය නිෂ්ඵල වූ පිරිසයි. දිවි නසාගත්තවුන්ගේ මරණයට හේතු සොයනවාට වඩා පහසුවෙන් දිවි නසා ගන්නට තැත් කළ වුන්ගෙන් ඊට හේතු සොයා ගත හැකිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය තිළිණ රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වස සහ වැඩිපුර බෙහෙත් පානය කර සුවපත්වූ 25 දෙනකුගේ කණ්ඩායමක් හා 1000 කට ආසන්න කණ්ඩායමක් ඇසුරින් කොටස් දෙකකට පර්යේෂණයක් සිදු කළේය. කෙනකු දිවිනසා ගැනීමට තැත්කිරීමට කල් පවතින හේතු මෙන්ම ආසන්න හේතුද බලපාන බවට ඉන් පෙනී ගොස් ඇත.

කල්පවතින හේතු හැටියට කුඩා කණ්ඩායමෙන් 1/3 ක් විෂාදයෙන් පෙළෙමින් සිට ඇති අතර තවත් 1/3 ක් මත්පැන් භාවිතය සම්බන්ධ ගැටලූවලින් පෙළෙමින් හිඳ ඇත. විශාල කණ්ඩායමෙන් 70% ක් පමණ පිරිසක් තම ලබැඳියකු සම්බන්ධ ගැටලූවකට දිවි නසා ගන්නට තැත්කර තිබුණි. ආර්ථික ගැටලූ විභාග ගැටලූ, ශාරීරික අපහසුතා ආදියද දිවි නසාගන්නට තැත් කරන්නට ආසන්න හේතුව ලෙස දක්වා තිබුණි. එමෙන්ම බොහෝ දෙනෙක් තමන්ට ඇතිවූ මානසික කම්පනයකින් මිදීමේ මගක් ලෙසටද සියදිවි නසාගන්නට තැත්කර තිබුණි.

මේ අයුරින් සියදිවි නසා ගන්නට තැත් කරන්නන් තුළින් සිය දිවි නසාගන්නට හේතු අනාවරණය කරගත හැක. මේ හේතුන් කලින් හඳුනාගෙන ඒවාට ප‍්‍රතිකාර ලබා දීම තුළින් කෙනකුට දිවිනසාගන්නට සිතෙන සිතුවිල්ලෙන් මිදෙන්නට හැක.

කෙනකු විෂාදය තත්ත්වයේ පසුවන්නේ නම් බාහිරින් එය හඳුනාගත හැකි ලක්ෂණ ඇත. නිරන්තර දුක, සතුට නැතිකම, ඇඟට ප‍්‍රබෝධයක් නැතිකම, අමතකවීම, තරහ යාම, තමා වරදක් කළා යැයි හැඟීම, ජීවිතය එපාවීම, කෑම අරුචිය, නින්ද පිළිබඳ ගැටලූ විෂාදයේ රෝග ලක්ෂණයි. මේවා වෛද්‍ය ප‍්‍රතිකාර මගින් සුව කරගත හැකිය.

කෙනෙකුට ඇතිවන දුක, ලජ්ජාව, තරහව වැනි ආවේග සදාකාලිකව, පවතින ඒවා නොවේ. ඒවා ඒ තත්ත්පරයේම හෝ පැය කීපයකින්, දින කීපයකින් නැතිවී යන ආවේගයි. ආවේග දරාගත නොහැකිව සියදිවි හානි කර ගැනීම මෝඩකමකි. මෙවන් ආවේගයක් ඇතිවූ කල්හී වඩා සමීප හිතෛෂියෙකු හෝ විශ්වාසවන්තයකු සමග කතාකිරීම සුදුසුය. එසේ කළ නොහැකිනම් ඒ ගැන ලිවීම, ආගමික වතාවත්වලට සහභාගී වීම, කලා කටයුත්තක යෙදීම හෝ කාලයට ඉඩදීම තුළින් ආවේග තුනීවී යා හැක.

ගැටලූකාරී මත්පැනට යොමු වූවන්ටද ප‍්‍රතිකාර ක‍්‍රම ඇත. අද පිරිමි අයගෙන් 60% කට ආසන්න පිරිසක් මත්පැන් ගැටලූවලින් පෙළෙයි. ඒ අය සඳහා ද ප‍්‍රතිකාර ඇත. එමෙන්ම ඒ අයට ප‍්‍රථිකාර කරන විවිධ ආයතන ද ඇත.

තම ළබැඳියකු නිසා ඇතිවන ගැටලූවලදී හෝ සිත් තැවුල්, පේ‍්‍රම සම්බන්ධතා, ආර්ථික ගැටලූ, විභාග ගැටලූ හා ශාරීරික වැනි ගැටලූ නිසාත් අදාළ කෙනා සිය දිවි නසා ගැනීම ගැන ළබැ`දියන් සමගම ඉඟි පළ කිරීම සිදුවේ.

විද්‍යාත්මකව සිදුකළ පර්යේෂණවලින් හෙළිවන්නේ සිය දිවි නසාගන්නට 37% පමණ කලින් අඟවන බවයි.

”මට මැරෙන්න ඕන”

”මම මැරෙනවා ”

”මෙහෙම ජීවත්වනවට වඩා හොඳයි මැරෙන එක ”

”මම සියල්ල දෛවයට භාර දෙනවා ”

වැනි ඉඟි දෙන පුද්ගලයෝ සිටිති. මෑත කාලයේ නම් එවන් අය කිය කියා ඉන්නවට වඩා මුහුණු පොතේ ඒ බව සටහන් කරයි. සාමාන්‍ය තත්ත්වයට වඩා වෙනස් දෙයක් කෙනෙක් කියයි නම් ඒ ගැන සොයා බැලීම කළ යුතුයි. විශේෂයෙන් තරුණ ළමයි අධික ලෙස කේන්ති ගන්නේ නම් හුදකලාව කාමරයට වී සිටින්නේ නම් ඒ ගැන සොයා බැලිය යුතුයි. මේ අයටද වෛද්‍ය ප‍්‍රතිකාර අවශ්‍යය.

මනෝ වෛද්‍ය ප‍්‍රභාත් වික‍්‍රම කියනුයේ මේ සියලූ හේතු කාරණා අවසානයේ විෂාදය හැදීමේ ඉඩකඩ වැඩි බවයි. විෂාදය හැදුණු කෙනෙකුට සිය දිවි හානි කරගන්නට හිතෙන ඉඩ වැඩිය. ඒ නිසා මේ ගැටලූවල ජීවත් වන්නන් සමීපතමයන් හෝ හඳුනාගන්නේ නම් ඔවුන් වහා වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් ඒ ජීවිත ඛේදවාචකයකින් අවසන් නොවී ඔවුන්ටද පරමායුෂම ලැබෙනු ඇත.

බියංකා නානායක්කාර

ජනප්‍රිය නිලි ශලිනි තාරුකා සියදිවි නසාගන්නා තරමට මානසිකව වැටෙයි මිතුරියකට යැවූ මැසේජ් එක මෙන්න

කෙනෙකුගේ මරණය මාකර්ට් කරමින් තමන්ගේ බඩ වඩා ගන්නා තත්වයකට වර්තමානේ අපේ රටේ බාල ගනයේ වගකීමක් නොමැති ගොසිප් වේබ් අඩවි සහ යූ ටියුබ් චැනල් කරන අය අරගෙන ගිය පට්ට පල් බොරු ඔබ පසුගිය ටිකේම ඕනෑ තරම් දකින්නට ඇති.

මේ තත්වය මීට මාස කිහිපයකට පෙර පේරාදෙණියෙදී කෝච්චියට බෙල්ල තියා සිය දිවිනසා ගත් තරුණිය හා සම්බන්ධ සිදුවීමේදී මෙන්ම පසුගියදා සියදිවි නසා ගත් දසුන් නිශාන් ජනප්‍රිය නලුවාගේ මරණය විකිණීම හොඳාකාරවම අපි දැක්කා.

මෙවැනි බාල ගනයේ සිදුවීම් නිසා මානසිකව පීඩා විඳින්නේ ඒ මැරුනු අය නොව, මැරුණු අයගේ හිතවතුන්. එය ඔබට සිදුවුනොත් එහි මානසික පීඩනය කෙතරම්ද කියා ඔබට වැටහෙනු ඇත.

මේ පහතින් දැක්වෙන්නේ දසුන් නිශාන්ගේ මරණයත් සමග බාල ගනයේ ගොසිප් කරුවන් සහ යූ ටියුබ් චැනල් කරුවන් සමග එක්වුනු සමාජ ජාලා වනසන උදවියගේ විවිධ අසත්‍ය කරුණු නිසා ජනප්‍රිය නිළි ශලනි තරකා දැඩ් මානසික පිඩනයකින් ඉන්න බව ඔප්පු වෙන කෙටි පනිවිඩයක්.

එය අපි පහතින් ඔබට ඉදිරිපත් කරමු…

 

‘මගේ තාත්තා ගැනයි මං සින්දුව කලේ වික්ටර්ට ගහන්න මට පිස්සුද’ – ඉරජ්ගෙන් සැර කතාවක්

අපි කව්රුත් දන්නවා ඉරාජ් ලඟදි වික්ටර් රත්නායක මහතාගේ ජිවිත කතාව පාදක කොටගෙන ‘දැනුනා’ කියලා ගීතයක් නිර්මාණය කර තිබුනා. මෙම ගීතය පළකිරීමත් සමග ඉරාජ්ට සමාජ මාධ්‍ය හා වෙබ් තුල ලැබුනේ හොඳ ප්‍රතිචාරයක් නම් නෙවෙයි. එයට හේතුව වෙන්නේ, වික්ටර් රත්නායක මහතා කියන්නේ ලංකාවේ සංගීත ක්ෂේශ්ත්‍රයට මහඟු මෙවරක් කල ශේෂ්ඨ ගායකයෙක්. එවන් උතුම් පුද්ගලයකුව, ඉරාජ් වැනි නවක ගායකක් විවේචනය කිරීමේ කිසිසේත්ම සාදරනිකරණය කල නොහැකීය.

කෙසේ නමුත් දිනෙන් දින ඇතිවූ සමාජ බලපෑම හේතුවෙන් ඉරාජ් අද සවස ඔහුගේ පෞද්ගලික ගිණුමේ පල කර තිබු සටහන ඔහුගේ ගිණුමේ සිටින කෙනෙකු අපට මීට සුළුමොහොතකට කලින් ලබාදුන්නා. එහි සඳහන් වන්නේ ඔහු මෙම ගීතය සකසා ඇත්තේ වික්ටර් රත්නායක මහතාගේ ජීවිතය පාදක කොටගෙන නොව ඔහුගේ පියාගේ ජිවිත කතාව පිළිබඳව සඳහන් කරමින් බව. ඔහු මෙය මුල් වරට පලකරන මොහොතේ එය ‘public’ පෝස්ටුවක් ලෙස පල කර තිබුනත්, එයට වැටුනු comments හා ‘ha ha’ reactions වලින් පසු ඔහු විසින් එය ‘friends only’ දමා ඇති බවට අපට මෙම screen-shot එක ලබාදුන් තරුණයා සඳහන් කලේය.

ඉරාජ්ව විහිළුවට ගත සමජාමාධ්‍ය ක්‍රියාකරුවන්ට ඉරාජ් කනේ පහරක් එල්ල කර ඇත්තේ ‘අපේ රටේ මිනිස්සු මගේ පුද්ගලික ජීවිතය කතාව දැනගෙනද මේ දේවල් පල කරන්නේ ? ‘ යනුවෙන් සඳහන් කරමින්. ඉරාජ් පසුගියදා එලි දක්වපු ගීතය දැනට ශ්‍රී ලංකාව තුල වැඩිම unlike වුන ගීතය බවටද පත්වී ඇත.

කෙසේ නම්ටුහ් ඉරාජ් මෙහි සටහන් කරන පරිද්දෙන් මෙය නියත වශයෙන්ම ඉරාජ්ගේ පියාගේ ජිවිතේ කතාව හා බැඳී ගීතයක් නම් අපිට මේ ගැන කතා කිරීමට අයිතියක් නැහැ. නමුත් වික්ටර් රත්නායක මහතා මුලික කරගැනීම හේතුවෙන් ඔහුට දිගින් දිගට එල්ලවන බලපෑම් වලින් තමන්ව බේරාගැනීමට ඉරාජ් ඔහුගේ පියා ” ප්‍රිතිරාජ් වීරරත්න ” මහතාව විකුණනවා යැයි අපට සැකයක් ඇත. තමන්ව බේරා ගැනීමට තම දෙමව්පියන්ව පවා විකුණා දමන මෙවන් කාලකන්ණි ගායකයන්ගේ ගමන තාවකාලික බව අවසාන වශයෙන් කිව යුතුයි

සුපිරි නළු දසුන් නිශාන් ගෙල වැලලාගත් චායාරුපයක් අන්තර්ජාලයට…(සංවේදී අය නැරඹීමෙන් වලකින්න)

නව පරපුරේ රංගන ශිල්පී දසුන් නිශාන් ඊයේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ පිහිටි බෝඩිං කාමරයකදී සිය දිවි නසාගෙන තිබුණා.

ඔහු එම බෝඩිමේ ටෙලි ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනෙකු සමග එක්ව වාසය කරමින් සිට ඇති අතර  අනෙක් අය වැඩට යද්දී තමාට අසනීප ගතියක් ඇතැයි දක්වමින් ඔහු එම නිවසේ නැවතී තිබුණා.
ටෙලි නාට්‍යයක රූගත කිරීමක් සඳහා ඊයේ උදේ ඔහුට වේලාවක් වෙන් කර තිබුණ නමුත් එම නිෂ්පාදන කණ්ඩායමටත් දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ උණ රෝගයෙන් සහ, තද බල හිසරදයක් තිබෙන බවත් රූ ගත කිරීම හෙට දිනයට කල් දමා දෙන ලෙසටයි.

මියයන්නට පෙර සිය මරණය වීඩියෝ ගත කිරීම සඳහා ඔහුගේ ජංගම දුරකථනයද ඔහු සිටි ස්ථානය දෙසට හරවා ක්‍රියාත්මක කර තිබුණ අතර මරණයට කිසිවෙකු වගකිව යුතු නැති බවත් පෙම්වතියගේ වෙනස්වීම දරාගත නොහැකි බවත් දක්වමින් ලිපියක්ද ලියා තිබී හමුවුණා.

ඔහුගේ ජංගම දුරකථන වීඩියෝව පරීක්ෂා කළ පොලිසියට ඔහු විදුලි පංකාවට ලණුවේ ගැටය දමා සිය ගෙලට අනෙක් පස තොණ්ඩුව දමා තත්පර 30ක කාලයක් කල්පනා සහගතව සිටින අයුරත් අනතුරුව ඔහු ගෙල සිරවන ආකාරයට බිමට පැන ඇති අයුරුත් දකින්නට ලැබී තිබුණා.

මුල් අවස්ථාවේදී ඔහු බිම ඇද වැටී වෑයම අසාර්ථක වී තිබුණු අතර දෙවැනි වර නැවත තොණ්ඩුව දමා ඔහු ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන තිබුණා.

ඔහුගේ මරණය සිදුවී පැය කිිහිපයක් යනතුරු කිසිවෙකු ඒ ගැන දැන සිටියේ නැහැ.
දහවල් කාලයේ පන්නිපිටිය ප්‍රදේශයේ රූගත කිරීමකට ආ වෙනත් රංගන ශිල්පියෙකු ඔහු සිටි බෝඩිමට ඔහු හමුවීමට පැමිණි අවස්ථාවේ බෝඩිමේ දොරගුළු වසා තිබීම ගැන සැකයට ජනේලයක් මෑත් කර බැලීමේදී ඔහු විදුලි පංකාව යට ඇද වැටී සිටි අයුරු දැක පොලිසියට දැන්වීමෙන් පසු මරණය හෙළි වුනා.

නට්ටඹුව තිහාරිය ගම් පළාත කරගත් දසුන් නිශාන් මිය යන විට 29 වියේ පසුවූයේය. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් වුවද පසුව තොරතුරු තාක්ෂණ විෂයට ඇළුම් කළ අතර ඔහු කොළඹ සරසවියේ BIT උපාධිය ලබාගෙන මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස රැකියාවක් කළා.

අනතුරුව නිරූපණ ශිල්පයට ආසා කළ ඔහු කාලයක් එහි නිරතවී එයින්ද සමුගෙන ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පිවිසුණා.

එදා හැම දෙනාගේම කා අතරත් ප්‍රස්සිද වුන “කීල්ස් කොල්ලා” දසුන් නිෂාන්ගේ නොඇසූ කතාව.

” කීල්ස් කොල්ලා ” කලක් කා අතරත් නොදන්නා චරිතයක් වුණා.වැඩි දෙනෙකු අතර ප්‍රසිද්ද වීමට මේ නමත් දායක වුණා.මෙලෙස ප්‍රසිද්දියක් ලැබීමට වාසනාවන්ත වුණේ වෙන කවුරුවත් නොව ඊයේ දිනයේ ( 28 ) සදහටම අප අතරින් යන්න ගිය මරණයට පත් වූ දසුන් නිශාන් නමැති සොඳුරු කලාකරුවා.මොහු කිසිදිනක රසිකයන් අතරින් නොමැකි තියෙවී..තරුණයෙක් වුවත් ඔහු ඉතා ඉක්මනින් ප්‍රේක්ෂකයන් විශාල පිරිසකගේ ආදරය දිනා ගැනීමට හැකි වුණා.

කීල්ස් කොල්ලා ගැන කතා කලොත්,ලංකාවේ තිබෙන ප්‍රමුඛ පෙලේ සමාගමක් තමයි කීල්ස් සුපර් කියන්නේ.මේ සමාගම විසින් ඔවුන්ගේ වෙළඳ දැන්වීමක් සඳහා මෙම කඩවසම් චරිතය යොදා ගැනීමට කටයුතු කළා.දසුන් නමැති මේ කඩවසම් චරිතය ඒ සඳහා කැමැත්තෙන් සහභාගී වී තිබෙනවා..ඔබත් ඕනෑ තරම් එම වෙලන්දසැල වෙත යන දොරටුව ළඟ ඔහුගේ චායරුපය සහිතව බඩුමල්ලක් අතින් ඇතිව තිබෙන ජීවමාන කාඩ්බෝර්ඩ් රුවක්..ඔහුත් සමග එම ජීවමාන කාඩ්බෝර්ඩ් රුවට පෙනීසිටීමට දායක වූ තවත් කෙනෙක් තමයි අපේ රටේ හිටපු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කුමාර සංගක්කාර.එම නිසා මොවුන් දෙදෙනාද හොඳ මිතුරන්ද වුණා.

දසුන් මිය යන විට වෙළඳ දැන්වීම් 60ක් පමණ දායක වී තිබෙනවා.කෙතරම් රට පුරා කතා පැතිරුණත් ඔහු මේ කල සේවාව අපට අමතක කල නොහැක.ඔහුගේ මේ දක්ෂතා සදා නොමැකි තියේවි..සදහටම වෙන්ව ගිය දසුන් නිශාන් ඔබට නිවන් සුව ලැබේවා..

ශලිනි තාරකාව විවාහ කරගන්න කැමති බව කාවිංග මාද්‍යක් ඉස්සරහ ප්‍රසිද්දියේ කිව්ව හැටි

කාවිංග කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ සහ ජනප්‍රියම නළුවෙක්.ඔහු පසුගිය දිනක ප්‍රසිද්ද මාද්‍යක වැඩසටහනක කිව්ව කතාවක් මේ වන විට දැඩි කතාබහකට ලක් වෙලා තියෙනවා..ඒ ඔහු ශලිනි තාරකාට කැමති බව පවසා විවාහ කරගන්න වුනත් කැමති බව කීම නිසා.මේ තියෙන්නේ ඔහු කිව්ව කතාව පහලින් බලන්න.

කාන්තාවක් සටහන කල ෆේස්බුක් කණපිට පෙරළු ආන්දෝලනාත්මක කතාව මෙන්න

මේක කියවගෙන කියවගෙන යද්දී ඇත්තටම මුල් හරියේදී හිතාගන්න බැරිවුණා එත් අවසානය ඔබට හිතාගන්නවත් බැරිවේවි වදින තැනකට වැඩියන් කියලා ලංකාවේ සුපිරියටම ලියන්න පුළුවන් කාන්තාවක් විසින් බුකියේ දැම්ම ආන්දෝලනාත්මක සටහනක් නිසා මේ වනවිව බුකියම කැළඹී තිබෙනවා

මෙන්න එම සටහන නරක විදියට දැක්කොත් නරකයි බලන්නකෝ හිතාගන්න බැ මේකනම් මෙන්න වීඩියෝව

සුපිරි රංගන ශිල්පි දසුන් නිශාන්ගේ අවසන් කටයුතු හැමගේම සෝසුසුම් මැද අවසන් වූ හැටි

මේ දිනවල බොහෝ දෙනා කතා වුන දෙයක් තමයි ගෙල වැලදා ගත් දසුන්ගේ දේහය පිළිබඳව..හැම කෙනෙකුගේම හදවත් කම්පාවට පත් කරමින් සිදු වූ මේ සිදුවීම අදටත් සිහිනයක් බවට පත් වෙලා.දක්ෂ රංගන ශිල්පියෙක් වන මොහු පසුගිය දිනක ගෙල වැල දා ගැනීම නිසා අකාලයේ මරණයට පත් වුණා.ඔහුගේ අවසන් කටයුතු සිදු වූ අයුරු ඔහුගේ රසිකයන් වන ඔබට ගෙන එන්නට හිතුනා….මෙන්න පහතින් එම වීඩියෝව..

රසික හදවත් කඳුලින් පුරවමින් දසුන්ගේ දේහයට අවසන් කටයුතු සිදුකරයි

Posted by Saaravita – සාරවිට on Thursday, 28 September 2017